MENU

The Rain [S01 : E08] | ප්‍රාකාරය….

2018 මැයි මස 4 වැනිදා නිකුත් වුන කොටස් 8 කින් යුක්ත වුන ඩෙන්මාර්ක භාෂාවෙන් දිවගිය මේ ටෙලි කතා මාලාවේ අවසාන කොටසත් එක්කයි එහෙනම් මේ මම ඔබ හමුවන්නේ. මගේ බලාපොරොත්තු වුනේ කොහොම හරි දවස් 8 ක් ඇතුලත කොටස් 8 අවසාන කරන්න නමුත් මමවත් නොහිතුව විදිහට ඔන්න එහෙනම් කතාව විකාශය වෙලා දවස් 4 ක් ඇතුලත ඔබට සම්පුර්ණ කතා සමයම අරගෙන එන්නට මට හැකි වුනා. මුලින්ම ස්තුති කරන්න ඕන මුල් කොටසේ ඉදලම වචනයකින් හරි කියල මාව දිරිපත් කල පිරිසට. බොහොම බොහොම දෙනෙක් උපසිරස අරගෙන යනවා හැරෙන්න කමෙන්ට් කල හැකි බවවත් නොදන්නවා ඇති. අනික දැන් වැරදි ලෙස කෙමෙන්ට් කලොත් වෙබ් අඩවියෙන් ඉවත් කරන බව දන්නා නිසා උපසිරසක් පල කල පසු ඇවිත් හැකි තාක් අඩුම රේටින් එකක් ලබා දී සතුටු වෙන අදමයන් පිරිසක් ඉන්නා තැනක ඔබ ඇත්තටම අපිට වටිනවා.

මුල් කොටසේ ඉදල බොහොම දේ සිද්ධ වෙනවා මේ කතා මාලාව ඇතුලේ, කඩා හැලෙන්න නියමිත වැස්සක් නිසාවෙන් තමුන්ගේ පවුල බංකර් එකක් දමා පිටත් වන ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් හිතන්නට නැතුව ඇති සුළු මොහොතකින් තමුන්ගේ බිරිද ඒ වැස්සටම අසුවී ජිවිතයෙන් සමුගනිවී කියල. කොහොම නමුත් අවසාන මොහොතේ පියාට වුන පොරොන්දුවක් නිසාවෙන් සිමෝනා වසර 6 ක කාලයක් බංකර් එක තුල තමුන්ගේ මල්ලිවත් බලාගෙන කාලය ගත කළා. නමුත් කෑම අවසාන වේගන එන මොහොතක එලියට යන ඇය ව දකින දිවි බේරාගත් පිරිසක් ඔවුන්ගේ බංකර් එක තුලට ඇතුල් වන්නේ කෑම හොයාගෙන… නමුත් අවසානයේ ඔවුන් හට කෑම සොයාගත හැකි තැනක් වෙත රැගෙන යන්නම් යැයි පොරොන්දු වෙන සිමෝනා සහ රස්මුස්, මාර්ටින්, පැට්‍රික්, බියට්‍රිස්, ලේයා සහ ජින් ඇතුළු පිරිසත් එක්ක එකාසු වෙනවා. තවත් බංකර් එකක් වෙත සාර්ථකව ගමන් ගන්නා ඔවුන් එහි දී තමුන්ගේ පියා ස්වීඩනයට ගිය බව දැනගෙන ඒ වෙත යන්නට පිටත් වෙනවා. අවසානයේ කණ්ඩායමත් ඔවුන් සමඟ මේ චාරිකාව සඳහා එක්කාසු වනවා.

ඉතින් මේ චාරිකාව ලෙහෙසි පහසු එකක් වුනේ නැහැ.මග තොට දී කුරිරු මිනිසුන් වගේම මහා වැස්සෙනුත් ඔවුන්ට නිරතුරුවම බාධා එල්ල වුන හැටි ඔබට මතක ඇති. හැබැයි මේ සියල්ලටම වඩා කණගාටු දායක වුනේ බියට්‍රිස් සහ ජින් ගේ අභාවය. ඒ විතරක් නෙමෙයි මේ සියලුම විනාශයන් පිටුපස සිටිනා පුද්ගලයා තමුන්ගේ පියා බව දැනගැනීමත් අක්ක මලෝ දෙපලට මරු පහරක් වුනා. නමුත් මේ සියල්ල එක්ක තමුන්ගේ කණ්ඩායම ඇතුලෙත් විවිධ ප්‍රශ්න නිසාවෙන් සිත් තැවුලට පත් වුනත් සිමෝනාට ආදරය සොයාගත හැකි වන්නේ, රස්මුස් ආදරය නැති වීමේ වේදනාවෙන් තමුන්ගේ ජීවිතය නැති කර ගැනීමට සැරසෙන මොහොතක… ඔය පළමු කොටස් හත ගැන පොඩි කතා සාරාංශයක්…

ඉතින් අද කොටස ගැන කියනවා නම්… අද ඔවුන් සුදානම් මකර කටට යන්නට, එහෙමත් නැත්නම් ඇපලෝන් ආයතනය වෙත පිය මනින්නට. ඒ රස්මුස් සැබවින්ම මෙම වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් ඇති පුද්ගලයෙකු බව අවබෝධ කරගත් නිසාවෙන්… අද ඔවුනට තමුන්ගේ පියා හමු වෙනවා, තවත් නොසිතු කෙනෙක් හමු වෙනවා… ඒ වගේම බොහොම නොසිතු දෙයක් සිද්ධ වෙනවා වගේම කණ්ඩායම හැඟීමත් තව වැඩි වෙනවා ඒ නිසාවෙන්… මේ සියල්ල එකක් නියම සතුරන් වගේම, ඇයි කලින් වැස්සෙන් ඔවුන්ට ප්‍රශ්නයක් නොවුනේ කියන එකත් දැනගන්නට හැකි වේවි… නමුත් වැඩි දෙයක් කියන්නට සුදානම් නැහැ අද තමයි හොඳම සහ අවසාන කොටස බලන්න ඔබට භාරයි…

එහෙනම් මට අවසරයි සමුගන්නට, නමුත් අවසාන මොහොතේ පුංචි කතා මාලා දෙකක් යෝජනා කරල යන්න ඕන කියල මම හිතුවා, මේ වෙනකොට අපි ඔබ වෙත අලුතෙන් ලබා දෙන්න ගත්ත The Handmaid’s Tale සහ Rome කියන කතා මාලා දෙක ඔබට බලන්න කියල ආරාධනා කරනවා. බොහොම ලොකු රේටින් ප්‍රමාණයක් ලබාගන්නට සමත් වුන මේ කතා දෙකම බොහොම අගනා කතා හැටියටයි මම දකින්නේ, විශේෂයෙන්ම වෙනස් දෙයක්, හොඳ දෙයක් බලන්න කැමති ඔබට බොහොම පෑහෙන කතා දෙකක් වේවි… ඉතින් එහෙනම් මම The Rain තුලින් අදට සමු ගන්නවා, ඊලග කතා සමයක් ගැන නම් තවමත් ආරංචියක් නැහැ ඒක එනකොට බලමුකෝ… එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක දවසක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEBRip | x264 | 720p | 2.7.8GB | Complete S01 |

Direct Download

| WEBRip | x264 | Xvid | 402MB |

   

| WEBRip | x265 | 720p | 237MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Rain [S01 : E08] | ප්‍රාකාරය….

  • Thank x mcn. Ubala natta meva kohen hoyannada dn na. Thank x.

    Reply
  • right click ekai select karana ekai enable karanda. hash link ekawath copy karagnda ba

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *