MENU

The Santa Clause (1994)| නත්තල් සියා

සුභම සුභ නත්තලක් වේවා බයිස්කෝප්වාසි ලෝකවාසී සියලුදෙනාටම !⛄ඔන්න නත්තල් කාලේ හින්දා මං පස්වෙනි උපසිරසියට නත්තල ගැන කියවෙන ෆිල්ම් එකක් ගෙන්න හිතුවා.Santa clause (1994) තමයි ෆිල්ම් ඒක.පුළුවන් ඉක්මනින් නත්තල් දවසෙම (25)සබ ඉවර කරත් ලිපියට වෙලාව නැති උනා.මොනව කරන්නද ඉතින්,හරි එහෙනං තවත් වැල්වටාරම් නැතුව අපි කතාව ගැන බලමු.☺

1994 November 11 දා තිරගත උන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Pasquin.චිත්‍රපට මාලා තුනකින් සමන්විත මේක මේ චිත්‍රපට මාලාවෙ පළමුවැන්න. Christmas/fantasy/family/comedy ගණයට අයත් මේකේ ප්‍රධාන චරිත විදිහට Tim Allen, Eric Lloyd, Wendy Crewson, Judge Reinhold, David Krumholtz, Paige Tamada ආදී ලොකු කුඩා ශිල්පින් රැසක් රංගනයෙන් දායක වනවා.මේ ෆිල්ම් එකට IMDb අගය 6.4කුත් Rotten Tomatoes 75% කුත් ලැබිලා තියෙනවා. ඩොලර් මිලියන 22ක වියදමින් නිපදවූ ෆිල්ම් ඒක ඉපැයූ මුළු අදායම ඩොලර් මිලියන 189.8 ක්.

කතාවේ තේමාව වෙන්නේ නත්තල් සියා.නත්තල් සියා ගැන හැමෝම දන්නවනේ.එත් එයා ඇත්තටම කවුද කියලා ගොඩක් අය දන්නැතුව ඇති.ශාන්ත නිකලස් කියන්නේ 4වන සියවසේ ජීවත්උන බිෂොප්වරයෙක්. කුඩා ආසියාවේ පිහිටි මීරාහි පදිංචිව සිටි (දැන් තුර්කිය)එයා ගොඩක් ධනවත් පුද්ගලයෙක්.ගොඩක් කාරුණික කෙනෙක් උන එයා දිලිඳු අයට උදව් උපකාර කිරීමට රහසින් තෑගි ලබාදීම ගැන ගොඩක් ප්‍රසිද්ධ උනා. නත්තල් සියා ගැන තියෙන ජනප්‍රියම කථාව තමයි,එක දුප්පත් කෙනෙක්ගේ දුවලා තුන්දෙනාට විවාහ වෙන්න දෑවද්දක් නැති උන නිසා ශාන්ත නිකලස් හොර රහසේම දුම් කවුළුවෙන් රත්තරන් මලු දාලා ගිහින් තියෙනවා.පස්සේ ඒ දුප්පත් මනුස්සයා එක කරන්නේ කවුද කියලා හොයාගත්තත් ශාන්ත නිකලස් ඒක රහසක් විදිහට තියාගන්න කියලා තියෙනවා.එත් අන්තිමේ ඒ කථාව හැමෝම අතරෙ ව්‍යාප්ත වෙලා හැම කෙනෙක්ටම රහසෙන් තෑග්ගක් ලැබුනම හිතල තියෙන්නේ ඒක නිකලස්ගෙන් නැත්නම් හැමෝම දන්න නත්තල් සීයාගෙන් ලැබුනා කියලා.☺

ඉතින් මේ කථාවේ වෙන්නේ ස්කොට් කැල්වින් (Tim Allen) කියන තාත්තා එයාගේ භාරකාර පුතා චාලි (Eric Lloyd) එක්ක නත්තල් දවස ගතකරද්දී නත්තල් සියා එනවා එයාලගේ ගෙදර වහලෙට.අහම්බෙන් වෙන අනතුරකින් නත්තල් සියා වහලෙන් වැටිලා අතුරුදහන් වෙන නිසා ස්කොට්ට නත්තල් සියා වෙන්න එනවා.නිකම්ම නෙමෙයි නීත්‍යානුකූලවම.එයාට චාලි එක්ක උත්තර ධ්‍රැවයට ගිහින් එල්ෆ්ලා එක්ක තෑගි බෙදන වැඩේ කරන්නත් වෙනවා.එත් ස්කොට් ගෙදර ආවම හිතන්නේ ඒක හීනයක් කියලා.එත් ඊලග අවුරුද්දේ නත්තල ලංවෙනකොට ස්කොට්ගේ බඩ ඇවිල්ලා,මහත් වෙලා රැවුල ඇවිත් නත්තල් සීයාගේ ස්වරුපය එනවා.එත් චාලිගේ අම්මා ලෝරා (Wendy Crewson) එයාගේ අලුත් සැමියා නීලුයි (Judge Reinhold) හැමෝමයි හිතන්නේ එයාට පිස්සු කියලා..චාලි විතරයි එයාව විස්වාස කරන්නේ.චාලිව ස්කොට්ගේ භාරකාරත්වයෙනුත් අයින් කරනවා,ස්කොට් නිසා චාලිත් මිත්‍යාවන් විස්වාස කරනවා කියලා.අන්තිමට නත්තල් සියාට පොලිසියේ ඉන්නත් වෙනවා.?කථාව ගැන කිව්වා ඇතිනේ.ඉතින් මේ නත්තල් කාලේ හැමෝටම මේක බලන්න කියන ගමන් මෙච්චර මහන්සි උන එකේ comment එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.?එහෙනම් ඉක්මනින්ම තවත් බයිස්කෝප් එකක් එක්ක හමුවෙනකම් හැමෝටම සුභ නත්තලක් ප්‍රර්ථනා කරනවා?!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | 720p | x264 | 650MB | 

EAF0AF040858CDD8C616A29DF16CA2BD760FD594

 Direct Download

| Bluray |  x264  | 720p  | 650MB | 

| Bluray |  x264  | 1080p | 1.3GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Santa Clause (1994)| නත්තල් සියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *