MENU

The Shannara Chronicles [S02 : E01] | අන්ධකාරයේ යළි පිබිදීම

එල්ක්‍රිස් නම් මායා ගසක් තියෙනවා. එය මියයමින් පවතින්නේ අවාසනාවට එම ගස යක්ෂයින් සිරකර ඇති ස්ථානයක බාධකයක් ලෙස ක්‍රියා කරනවා. එහි සෑම පත්‍රයක්ම යක්ෂයෙකු සංකේතවත් කරනවා.පත්‍රයක් හැලීම යනු යක්ෂයකුගේ නිදහසයි. ඉතින් මෙන්න මේ ගහ වටා තමයි කතාව ගෙවෙන්නේ.

කට්ටියට මතක ඇති නේද ඔන්න ඔය විදිහට තමයි මම 2016 ජනවාරි මාසයේ Shannara Chroniclesපළමු සමය ඔබ වෙතට රැගෙන ආවේ. ඔය කිව්ව මායා ගස බේරගන්න විල්, ඇම්බර්ලි කුමරිය සහ ඉරේට්‍රියා ආරම්භ කරපු ගමන ගමන ගැන ඔයාලට මතක ඇතිනේ? මේ කාර්යයට මේ අයට සහය උනේ පුජකවරයෙක් වෙන ඇලනොන් කියලත් මතක ඇතිනේ. මේ අයව වලක්වන්න ඩග්ඩා මෝර් විවිධ උපායන් යොදමින් සිය යක්ෂයන්ව ඔවුන්ගේ පසුපස යැව්වේ ඔවුන්ව ඝාතනය කරන්න.

කොහොමහරි ඩග්ඩා මෝර් සහ ඔහුගේ යක්ෂයන්ගෙන් ෆෝ ලෑන්ඩ්ස් බේරාගැනීමේ වගකීම කට්ටියම එකතුවෙලා ඉටු කිරීමට සමත් වෙනවා. නමුත් කතාවේ අවසානය සනිටුහන් උනේ කාගේත් හිත්වල දුකක් ඉතුරු කරමින්. යක්ෂයින්ව නැවත්වීමට ඇම්බර්ලි කුමරියට සිද්දවුනානේ එල්ක්‍රිස් වෙත යන්න.කොටින්ම කිව්වොත් ඇයට සිද්දවුනා එල්ක්‍රිස් බවට පත්වෙන්න. ඒ හා සමගම විල්, ඇම්බර්ලි දෙන්නගේ ආදර අන්දරය පටන්ගත් තැනම නතරවුනා. ඒවගේම ඉරේට්‍රියා කෙල්ලවත් කවුදෝ කට්ටියක් අල්ලගත්තා කියලා මතක ඇතිනේ. ඉතින් ඔය අලකලංචි සේරම හින්දා විල් තමන්ගේ මායා උරුමයත් පැත්තකට දාලා යන්න ගියානේ. ඉතින් දෙවැනි සමය ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙන්නේ ඉහත කී සිදුවීම්වලින් වසරකට පස්සේ.

වසරකට පස්සේ කතාව ආරම්භ වෙද්දී අපිට කලින් කතාසමයේ ඇතැම් චරිත දැකගන්න ලැබෙන්නේ නෑ. එයට හේතුව බොහොමයක් චරිත පළමු සමයේදී මියයෑම. ඒවගේම ගසක් බවට පත්ව සිටින ඇම්බර්ලිවත් මෙවර දැකගන්න ලැබෙන්නේ නෑ. විල් තමන්ට හැමදාමත් ඕනවෙලා තිබ්බ විදිහටම මායාවට පයින් ගහලා සුව කරන්නෙක් එහෙමත් නැත්නම් වෙදෙක් විදිහට කටයුතු කරගෙන යනවා.ඉරේට්‍රියා මොනවා කරනවා ඇද්ද කියලනම් ඔන්න අපි දන්නේ නෑ. හැබැයි දැකගන්න පුළුවන් මේ පාර අළුත් වීරයෝ වගේම අලුතෙන් සතුරන්ද එක්කහු වෙලා තියෙනවා කියලා.

SHANNARA CHRONICLES දෙවැනි සමයේ ප්‍රථම කොටසට ලැබී ඇති IMDB අගය මේ වනවිට8.6ක් ලෙස තමා සනිටුහන් වෙන්නේ. මෙදාපොටේ කතාව විකාශනය කෙරෙන්නේ ගියවර විකාශය කළ MTV නාළිකාවේ නෙවෙයි SPIKE නාළිකාවේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මක්කෙයි වෙන්නේ කියලා.

ඉරේට්‍රියා තමන් අතීතයේ හිටපු අයත් එක්ක ආපහු එකතුවෙලා. පේන විදිහටනම් විල් ඉරේට්‍රියාව හොයාගෙන ඇවිත් නෑ වගේ. ඒකට හේතුව මොකක්ද කියලත් අපට දැනගන්න ලැබෙයි. ඉරේට්‍රියානම් අලුතෙන් සතුටුදායි ජිවිතයක් ගත කරනවා වගේ තමා පේන්නේ. ඔය අතරේ විල් මොනා කරනවද ඇද්ද? විල් ග්නෝම්ලා යටතේ වෙදකම හදාරනවා. විල්ගේ හීනය වෙලා තිබ්බෙත් ඕකනේ. ඒත් ඉතින් ශනාරා පෙළපතේ අවසන් පුරුක වෙන විලට ඒ විදිහටම ඉන්න ලැබෙයිද? නෑ හිතවතුනි නෑ. මොකද කියනවනම් එල්වන් ජෙනරාල් කෙනෙක් මායාකරුවන්ව දඩයම් කරන්න පටන් අරන්. ඒවගේම බෑන්ඩන් හාදයා. මිනිහා හදන්නේ ඉන්ද්‍රජාලික ස්වාමියාට ආපහු ජිවය දෙන්න. ඉතින් ඒ උදෙසා විල්ව අල්ලගන්න භූතයෝ සැට් එකක් නිර්මාණය කරනවා. ලේසිපාසු නෑ මෙදාපොටේනම්.

එහෙමනම් මේ ඇති. කතාවම වගේ කියවුනා. අපි බලමු මේපාර විල්ට මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ අන්ධකාරයකටද කියලා? විල්, ඉරේට්‍රියා දෙන්නා ආපහු එකතුවෙයිද? ඇම්බර්ලිව අපිට ආයෙත් දැකගන්න ලැබෙයිද? අනේ එහෙම වෙනවනම්. හරි එහෙමනම් මගේ හෑල්ල මෙතකින් නවත්තගන්නවා. ලිව්වා කියලා මේවා බලන්න කවුරුත් ඇත්තෙත් නෑනේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 262MB |    

d7b31e8563b550a54bbb592bbeafafa08a1cd880

| HDTV | x264 | SVA | 369MB |    

4da515e0e37dc546bc6224aea3b0838aacd30279

| HDTV | x264 | 720p | 1.2GB |    

c581e4ef07d3062fb331eb15b0ee769040909ee9

| HDTV | x265 | 720p | 239MB |    

726307705070b1e67115d6b0e0c74787e48df57e

Direct Download

| HDTV | x264 | 480p | 195MB |       

      

| HDTV | x264 | LOL | 369MB |        

      

| HDTV | x264 | 720p | 1.2GB |       

       

| HDTV | x265 | 720p | 239MB |       

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “The Shannara Chronicles [S02 : E01] | අන්ධකාරයේ යළි පිබිදීම

  • KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • dananjaya bandara

    The Shannara Chronicles [S02 : E05] |sita 10 wenakan kotas dala nadda baiscope eke thibunata downlord eke nahane

    Reply
  • dimantha sasitha

    ep 01 da tiyenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *