MENU

The Spy (2019) [S01 : E04] | අමුතු ජෝඩුව..

අද කථා ව ආරම්භ වන්නේ 1962 දෙසැම්බරයේ දිනක ඒලී සිය මහල් නිවාසයෙන් නිදාගෙන සිටින අතර පිටත සිදුවන වෙඩි තැබීම් ශබ්ධයක් නිසා අවදි වීමෙනි. ඔහු ගුවන්විදුලිය ක්‍රියාත්මක කරන අතර සිරියාව ඊශ්‍රායලයට එරෙහි සටනක් ජයගෙන ඇති බව දැනගනියි. ඔහු පිටතට යන විට, ජනතාව ජයග්‍රහණය සමරමින් සිටින අතර, මෙහි දී ඔහු දකින්නේ පිළිස්සුණු ඊශ්‍රායල් මිනිසුන්ගේ සිරුරු ය. ඉන් පසු එලී විරෝධතාකරුවන් සමඟ එක්වන අතර ඔවුන් සමඟ ගමන් කරයි. ඒ අතර ඔහු ආරක්ෂක ප්‍රධානී සුයිදානි මුණ ගැසෙන අතර කෙටි කථා බහකින් පසුව දෙදෙනා වෙන්ව යයි.

ඒලී පසුව මායාසි සහ මජිඩ් හමුවෙයි. මායාසි හෙළි කරන්නේ සිරියාව ඇත්ත වශයෙන්ම සටන පරාජය වී ඇති අතර ගුවන් විදුලියේ සහ වීදියේ ඇති සැමරුම් සියල්ල ව්‍යාජ ප්‍රචාරක කටයුතු බවයි. මායාසි පසුව ඒලීට යෝජනා කරන්නේ ඔහුව ඇත්තටම දේශ සීමාවට රැගෙන ගොස් තම අදහස සනාථ කල හැකි බවයි.

මේ අතර මොසාඩ් හි ඩෑන්, ජාකොබ් සහ මායා මෑත කාලීන වර්ධනය ගැන සාකච්ඡා කරයි. මෙය ඒලීට විශාල අවදානමක් වනු ඇති බවට ඩෑන් තවමත් විශ්වාස කරන අතර, මායා සහ යාකොබ් යන දෙදෙනාම සිතන්නේ භූගත සිරියානු රහස් ව්‍යාපෘතිය කුමක්දැයි තවමත් නොදන්නා බැවින් මෙය අනාවරණය කර ගැනීම සදහා එලී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

ඊශ්‍රායලයේ තනිවී සිටින නාඩියා සිය රැකියාව සමඟ පොරබදමින් තම දරුවන් දෙදෙනා තනිවම හදා වඩා ගනී. ඇය පසුව ඩෑන් සමඟ මුණගැසෙන අතර ඔහු ඇයට උපකාරයක් ලෙස ඇය නිදා සිටියදී දරුවන් රැකබලා ගනී. ඊළඟ දවසේ උදේ ඔහු නිතර නිතර එහි පැමිනීම ගැන අවලාද නඟන අතර තම ස්වාමිපුරුෂයා නැවත ගෙන්වා දෙන්නැ ඉල්ලා සිටියි.

දේශ සීමාවට යන ගමනේදී මාසි ඒලීට පවසන්නේ සෝවියට්වරු සිරියාවට රහසින් ආයුධ සපයන බවයි. ගෝලාන් හයිට් නැරඹීමෙන් එලී විශාල තොරතුරු ප්‍රමාණයක් එක්රුස් කරගන්නා අතර ඊශ්‍රායලයම පෝෂනය කරන ටයිබීරිසි විල රැකගැනීමටද එලීට හැකිවෙනවා.ඒ වගේම දැඩි හිරු රැස් නිසා සිරියානු සොල්දාදුවන්ට සිදුවන අපහසුතා අවම කරන්න එලී තෑග්ගක් ලෙස ගස් සිටවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒත් ඒ ඇත්තටම සිරියානු සොල්දාදුවන් වෙනුවෙන් නොවන බව ඔයාලට කථාබ බලද්දි තේරෙයි. එහෙනම් අද කථාවත් රසවිදින ලෙස ඉල්ලන අතර ඉතා ඉක්මනින් 05 වන කොටසින් අපි හමුවෙමු.

ස්තුතියි.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 480p | 431MB |

Direct Download

| WEB | x264 | SD | 340MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

web: අඟිලි අතරෙහි සවිය, ආනාය, කොන්ද, ජාලය, දැල, පිළිකඩ, වියමන, සියොදුව

English – Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *