MENU

The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla | සොරකම් කරන ලද කුමාරිකාව

ඔන්න ඉතින් මේ පාර මන් මගේ දෙවන sub එක විදියට සුපිරිම animation ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තම කියනවනම් මන් නෙමෙයි මේක කරන්න හිටියේ.මන් බයිස්කෝප් එකට මේල් එකක් දැම්ම. මේක කරන්නද කියල ,ඉතින් සිසිල ප්‍රසාද් සහෝ තමයි කිව්වේ එහෙනම් මේක මට කරන්න කියල. ඔන්න ඔහොම තමයි මේ ෆිල්ම් එක ඕගොල්ලෝ ගාවට මට අරගෙන එන්න පුළුවන් උනේ. ඉතින් අද මන් අරන් ආපු ෆිල්ම් එක තමයි The Stolen Princess කියල කියන්නේ මේකේ සිංහල තේරුම ගත්තොත් කියවෙන්නේ හරියට “සොරකම් කරන ලද කුමාරිකාව” වගේ එකක්.ඉතින් අපි මේකේ තොරතුරු ටිකක් බලමු.

මේක නිකුත් කරලා තියෙන්නේ 2018 මාර්තු හත් වන දිනයි.ඉතින් මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oleg Malamuzh කියන කෙනා.මේ චිත්‍රපටය Ruslan and Lyudmila කියන පොත මූලාශ්‍ර කර ගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඩොලර් මිලියන පහක මුදලකින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකට IMDB මගින් 6.4 ක අගයක් මේ ෆිල්ම් එකට දීල තියෙනවා. ඒ කියන්නේ සාමන්යෙන් මේ ෆිල්ම් එක හොද එකක්. ගූගල් users ල ගැන ගත්තොත්93% විතර කැමැත්ත පල කරලා තියෙනවා.දැන් අපි මේ ෆිල්ම් එකේ රගපාන අය ගැන කිව්වොත් මේ අය කියන්න පුළුවන්. Nadiia Dorofeieva, Positiff, Monatik වගේ ය තමයි මේකේ චරිත වලට හඩ පොවලා තියෙන්නේ. දැන් අපි මේ ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් බලමු.

මේ කතාවේ ඇත්තම කිව්වොත් සිද්ද වෙන්නේ , මේකේ ඉන්නවා කුමාරිකාවක් මීලාහ් කියල.ඉතින් එයාට රජ මාලිගයේ සැප එපා වෙලා ත්‍රාසජනක ක්‍රියාවක් කරන්න ඕනේ වෙනව.ඉතින් මෙහෙම මෙයා මාලිගාවෙන් පැනල ගියාම රුස්ලන් කියල කෙනෙක් හම්බෙනවා.මෙයා තමයි මේ කතාවේ ආදර වන්තයා විදියට ඉන්නේ.කොහොම උනත් හැම කතාවකම් දුෂ්ටයෙක් ඉන්නවනේ.මේ කතාවේ දුෂ්ටය තමයි ශනොමෝ කියල කියන්නේ.ඉතින් මේ ශනොමෝ කියන හාදය මේ කුමරියව උස්සගෙන ගිහින් රුස්ලන් එයාව ගෙන විදිය මේ ෆිල්ම් එක බලලම දැක ගත්තොත් හොදයි කියල මන් හිතනවා

මේ චිත්‍රපටේ sub එක දෙන්න ටිකක් පරක්කු උන නිසා මන් භාර දුන්න දවසේ ඉදන් දවස් දෙකක් වගේ ඇතුලත තමයි මේක ඉවර කලේ.ඉතින් ඔය පොඩි පොඩි අඩු පාඩු තිබ්බට තරහ ගන්න එපා.තව අමතක නොකර ඔය පහලින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා.අපි තවත් ලස්සන චිත්‍රපටයක උපසිරසියකින් හමු වෙමු. හැමෝටම ජය ශ්‍රී.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-DL | x264 | 720p | 650MB |

7C19AB0A82606AF7EC116A7A2A35992F8EDF6EA1

Direct Download

| WEB-DL | x264 | 480p | 350MB | 

| WEB-DL | x264 | 720p | 650MB | 

| WEB-DL | x264 | 720p | 870MB | FGT

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla | සොරකම් කරන ලද කුමාරිකාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *