MENU

The Swarm (1978) | උමතු මී මැසි රංචුව..

මේක 1978 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. The Swarm මෙය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මිනීමරු මී මැස්සන් ආක්‍රමණයක් පිළිබදව කියවෙන ත්‍රාසජනක කතාවක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Arthur Herzog විසින් රචනා කල The Swarm කියන නවකතාවයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Irwin Allen විසිනි. මෙහි රංගනයෙන් දායක වනවා Michael Caine, Katharine Ross, Richard Widmark, Richard Chamberlain, Olivia de Havilland, Ben Johnson, Lee Grant, José Ferrer, Patty Duke, Slim Pickens, Bradford Dillman, Fred MacMurray සහ Henry Fonda යන අය. මේ අය අතරින් මෙහි ප්‍රධාන චරිතය ආචාර්ය ක්‍රේන් ට පණ පොවන Michael Caine ව හොදටම දන්නවා ඇති. The Dark Night, Going in style, Inception, Now You See Me, Kingsman: The Secret Service වැනි අතිශය ජනප්‍රිය වූ සාර්ථක වූ චිත්‍රපට රැසක රගපෑ නලුවෙකි. ඒ කොහොම වුනත් The Swarm චිත්‍රපටයට, චිත්‍රපට විචාරකයින්ගෙන් නම් ලැබිලා තියෙන්නේ හොද සමාලෝචන නම් නෙවෙයි. ඒ නිසාම එය බොක්ස් ඔෆිස් හී කැපී පෙනෙන සිදුවීමක් වෙලා තියනවා.

බොක්ස් ඔෆීස් අසාර්ථක වුනත් මෙම චිත්‍රපටයේ ඇදුම් නිර්මාණය සදහා ඇකඩමි සම්මානයට Paul Zastupnevich නිර්දේශ වෙලා තියනවා. Irwin Allen විසින් ඩොලර් මිලියන 38 කට තමයි මේ චිත්‍රපටයේ ව්‍යාපෘතිය සකස් කරලා තියෙන්නේ. මෙහි තිර රචනය The Towering Inferno හි තිර රචනය ලියූ Stirling Sillipant විසින් රචනා කර ඇත. 1974 දී චිත්‍රපටය පිළිබද පූර්ව නිවේදනය නිකුත් කරන ඇලන් එය 1975 අප්‍රේල් මාසයේ රූගත කිරීම් ආරම්භ කරන බව පවසයි. වෝනර් බ්‍රදර්ස් සමාගම සමග එක්වීමට ෆොක්ස් සමාගම අතහැරීමට ඇලන් තීරණය කල නිසා චිත්‍රපටයේ වැඩකටයුතු මදක් ප්‍රමාද වෙලා තියනවා. චිත්‍රපටයේ මී මැස්සන් මිලියන 15ත් 22ත් අතර ප්‍රමාණයක් භාවිතා කරලා තියනවා. තවත් මී මැස්සන් 800000ක විෂ දල අයින් කරලා තමයි චිත්‍රපටයේ වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ නලු නිලියන්ගේ ආරක්ෂාවට. මී මැස්සන් රැකබලා ගැනීමට, ප්‍රවාහනයට වෙනම සේවකයින් 100ක් පමණ සේවයට යොදවලා තියනවා. කෙසේ වෙතත් චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුර Olivia de Havilland කියන නිලියට මී මැස්සකු පහර දීලා තියනවා.

චිත්‍රපටය ප්‍රදර්ශනය වූ මුල් සති අන්තයේ සිනමා හල් 1200ක ඩොලර් 5,168,142ක් ඉපයීමට සමත් වෙලා තියනවා. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පමණක් චිත්‍රපට කුලී ගාස්තුව ලෙස වෝනර් බ්‍රදර්ස් සමාගම ඩොලර් මිලියන 7.7ක් උපයා ගෙන තියනවා. ඒ කොහොම වුනත් මේ චිත්‍රපටය වාණිජමය වශයෙන් ගත් කල අසාර්ථක වූ චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නේ.1978 පෙබරවාරි 24 වන දින ප්‍රකාශයට පත් කරන ලද මානව සම්පත් සඟරාවක ලිපියකට අනුව, ඇමරිකානු මී මැසි සංගමය විසින් චිත්‍රපට නිෂ්පාදකයින්ට එරෙහිව ඇමරිකානු මී පැණි අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලකා බැලූ නමුත් නඩු පැවරුවාද නැද්ද යන්න සදහනක් නැත. ඒ කොහොම වුනත් ඒ කාලේ The Swarm චිත්‍රපටය ලංකාවේ රසිකයින් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. ඉතින් ඒ කාලේ බලපු චිත්‍රපටි අපි අදත් රස විදිමු. ලස්සන ත්‍රාසජනක චිත්‍රපටයක්. ඔයාලත් රස විදින්න..

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 1.3GB |

Direct Download

| BluRay | x264 | 720p | 1.3GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *