MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 08] | ප්‍රථම ආදරය සොයා

ඔන්න 8 වෙනි කොටසේ උපසිරැසිත් ගෙනාවා. 7 වෙනි කොටස ආයෙමත් ටිකක් මතක් කළොත්, චෝයි වොන් එයාගේ ෆ්ලයිට් එක ඉවර වෙලා ගෙදර එනවා හා නාව හම්බවෙන්න. ඉතින් ඒ දෙන්නා පොඩ්ඩක් විනෝද වෙන්න යනවා. විනෝද වෙන අතරේ හා නාගෙ ඔෆිස් එකෙන් එයාට හදිස්සියෙන්ම එන්න කියලා කෝල් එකක් එනවා. ඉතින් හා නා අකමැත්තෙන් එතනට යනවා. ඔයාලා දැක්කනේ චෝයි වොන්ට එයා හා නාට ගෙනාව තෑග්ග දෙන්න බැරි වුණා. ඉතින් හා නා ගියහම ඇත්තටම ඒක චා සෝ හූ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සමරන්න සැලසුම් කරපු සාදයක්. ඉතින් ඒකෙදි හා නා හොඳටම බීලා අන්තිමට පාරේ කෙළින් යන්නත් බැරි වෙනවා. චා සෝ හූ එයාව ගෙදර අරගෙන යන්න ඇහුවත් හා නා කැමති නැහැනේ. එතකොටම චෝයි වොන් ඇවිල්ලා හා නාව ගෙදර අරගෙන යනවා.

ඔන්න ඊට පස්සේ හා නා, වොන්ගේ පිටේ ගෙදරටම යනවා. ඒ අතරේදී වොන්ට මේ වගේම එයාලාගේ ලස්සන මතකයක් මතක් වෙනවා. හා නා ගෙදරට ගිහින් පහුවදා උදේම එයා නැගිටිනකොට අම්මයි තාත්තයි මල්ලියි තුන් දෙනාම එයා දිහා බලාගෙන ඉන්නවා. හා නා ගෙදර එන්න බැරි තරම් බිව්ව එකට ඒ කට්ටියත් ඇනුම් පද කියනවා. හා නා පස්සේ දවසේ ඔෆිස් එකට යන්න ගියත් කළින් දවස නිසා ගොඩක් අමාරුයි. ඉතින් වොන් වැඩට එයාවත් කාර් එකෙන් දාගෙනම යනවා. ඔෆිස් එකට ගියාට පස්සෙත් එයා අපහසුවෙන් ඉන්නේ. ඔයාලා දන්නවනේ පළවෙනි කොටසේ හා නාගේ පෙම්වතා බැඳපු මින් ජි? එයා හා නාගෙන් උදව්වක් ඉල්ලනවා. ඉතින් ඔයාලාම බලන්නකෝ හා නා මොකක්ද කරන්නේ කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDTV | x264 | 480p | 471MB |    

d5827e4a3c5d507335f6c0b4b7f2f99f9ba3922c

 | HDTV | x264 | 540p | 730MB |    

744fe040dce0aa6d3e23a6f45fab1fbcb701e285

Direct Download

| HDTV| x264 | 360p | 135MB |             

| HDTV | x264 | 540p | 200MB |              

| HDTV | x264 | 720p | 275MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *