MENU

The Walking Dead [S09 : E02]| ශිෂ්ටාචාරයේ පාලම..!

ඔන්න ඉතිං වැඩ ඇරිල ආපු ගමන් සබ කොටන්න පටන් ගත්ත වෝකින් ඩෙඩ් එකේ.. දැන් වෙලාව රෑ 2.00යි. හෙට උදේ 8ට ආයෙ වැඩට යන්නත් ඕනෙ. ඉතිං මේක බලන්න පටන් ගත්ත කාලෙ මම සබ් කරන්න හීනෙන්වත් හිතල තිබුණෙ නෑ.. සීසන් 9කට පස්සෙ විමා නිසා මගේ අතට මේ කතා මාලාව ලැබීම මටවත් තාම හිතාගන්න බෑ. විමා කාර්‍යබහුල වෙලා නිසා අද ඉඳල ඉදිරියට වෝකින් ඩෙඩ් ලබා දෙන්නෙ මම. කොහොමහරි ඉතිං ආපු දවසෙම සබ් එක දෙන විමාගෙ පිළිවෙල නැතිකරන්න හොඳ නැති නිසා අදම ඉවරයක් කරල දැම්ම. වැඩ කරන ගමන් මේ වැඩේ කරන එක ලේසි නැති නිසා සමහර දවස්වලදි ආපු දවසෙම සබ දීගන්න බැරි වුණොත් සමාවෙන්න ඕනෙ. ඒත් පොරොන්දු වෙනව අනිත් දවසෙ උදේ අනිවා සබ දෙනව කියල. එහෙනම් කලින් දවසෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින්..
කට්ටියට සීසන් 8 අවසානෙ මතකනම් ඉයුජින්ගෙ උප්පරවැට්ටියක් නිසා නීගන්ගෙ පිරිස පරාජයට පත් වෙලා නීගන් යටත් කරගන්න රික්ට හැකියාව ලැබෙනව. ග්ලෙන්ව මරපු කේන්තියෙන් ඉන්න මැගීට නීගන්ව මරන්න ඕන වුණත්, රික් කියන්නෙ වෙනස් විදියට හිතන කෙනෙක් නිසා නීගන්ට සහ සේවියර්ලට ජීවිතදානය ලැබෙනව. හැබැයි මේකෙන් රික් සහ මැගී අතර විරසකයක් ඇතිවුණාදෝ කියල හිතෙන් දේකුත් අවසානෙ දැක්කනෙ. කොහොමහරි සීසන් 9 වෙනකොට තත්වය හිතපු තරම්ම නරක නොවුණත් මැගී නම් හොඳටම වෙනස් වෙලා කියල පේන්න තිබුණ. කට්ටියට වගා කටයුතු කරගන්න තෙල් නැති නිසා ප්‍රාථමික ක්‍රමයට ආයෙ වැඩ පටන් ගන්න කෞතුකාගාරයකින් නගුල් වගේ දේවල් ගන්න යනව. ඒව අරගෙන එනකොට ඇවිදින්නන්ගෙ ප්‍රහාරයකින් හිල්ටොප් වල කොල්ලෙක් මැරුණ. මේක වාසියට හරව ගන්න ග්‍රෙගරි මැරුණු කොල්ලගෙ තාත්තට බොන්න දීල, මැගීව මරන්න කියල එවනව. හැබැයි එතනදි මැගීගෙ ජීවිතේ ආරක්ෂා වෙනව. මේ ගැන අහන්න ග්‍රෙගරි ලඟට එන මැගීව පිහියකින් ඇනල මරන්න, ග්‍රෙගරි ආයෙත් උත්සාහ කරනව. හැබැයි ඒකෙන්නම් ග්‍රෙගරිට හොඳක් වෙන්නෙ නෑ.. අවසානෙ මැගී තීරණය කරනව ග්‍රෙගරිව එල්ලල මරන්න. ඒ වගේම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරල ග්‍රෙගරිව මරනව.

අද කොටසින්..
ඉතිං අද සම්පූර්ණයෙන් වගේ කතාව ගලාගෙන යන්නෙ කොහොමද ශිෂ්ටාචාරය නැවත ගොඩනගන්නෙ කියන කාරණාව පදනම් කරගෙන. ඒ වගේම මැගීගේ තීරණ මිශෝන් ප්‍රශ්න කරනව සහ තනි මනුස්සයෙක් තීරණ ගන්න එකෙන් වෙන්න පුළුවන් වැරදි ගැන ජීසස් ලවා පැහැදිලි කරවන්න උත්සාහ කරනව. ඒ වගේම තමයි මේ අතරෙ කැඩුණු පාලමක් පිළිසකර කරන්න කට්ටිය යොදවල රික් වැඩටික කරගෙන යනව. සේවියර් කෙනෙක් එක්ක මෙතනදි ඩැරල් පොඩි වලියක් යනව. මේ වලියේ ඉතාම දරුණු අතුරු ප්‍රතිඵලයක් පස්සෙ වෙලාවකදි අත්විඳින්න වෙන්නෙ ඩැරල්ටවත් සේවියර් හාදයටවත් නෙවෙයි. අපි ආදරේ කරන ඉතාම වැදගත් චරිතයක් වෙන ඇරොන්ට. ඒ මොකද්ද? ඇරොන්ට ජීවිතය බේරගන්න පුළුවන් වෙවිද? ඇරොන්ගේ ජීවිතය අනතුරේ වැටෙන්නෙ ඇයි? රික් මේකට මොන් විදියට ප්‍රතිචාර දක්වයිද? ඔන්න පරණ මිත්‍රයා නීගන් ආයෙ අද කරලියට එනව. එහෙනම් ඊලඟ කොටසත් අරන් ආයෙ එන්නම්. ජය වේවා..!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 300MB |

Direct Download

| WEBRip | x264 | 480p | 200MB |

| WEBRip | x264 | 720p | 370MB | MkvCage |

| WEBRip | x265 | 720p | 270MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Walking Dead [S09 : E02]| ශිෂ්ටාචාරයේ පාලම..!

  • walking dead eka s09 ep01 aka naha upload karannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *