MENU

The Walking Dead [S09 : E16] | කුණාටුව..!

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං මගේ 100 වැනි උපසිරැසි නිර්මාණය How to Train Your Dragon: The Hidden World කට්ටිය බලන්න ඇති කියල හිතනව. ඒ වගේම මම මේක අවස්ථාවක් කර ගන්නව ඒ වෙනුවෙන් මට සුබ පතපු හැම කෙනෙකුටම මගේ ස්තූතිය පුද කරන්න. කොහොමහරි ඉතිං ඊයෙ ටිකක් කාර්‍යබහුල වීම නිසා මට ඊයෙම වෝකින් ඩෙඩ් අවසන් කොටස ලබාදෙන්න හැකියාවක් ලැබුණෙ නෑ. ඉතිං උදේ වරුවෙ වැඩ කරන ගමන් අමාරුවෙන් මේකත් කරල ඔන්න කොහොමහරි පුළුවන් ඉක්මනට ඉවර කළා. මගෙ රස්සාවත් ගහල යනව දවසක සබ් කෙරුවාව නිසා. ? ලොකු විස්තරයක් කියන්න බෑ. පොඩියට කලින් කොටස මතක් කරගෙන අද මොකද වෙන්නෙ කියල බලමු.

පසුගිය කොටසින්..
පසුගිය කොටසේ කින්ඩම් වල සල්පිල පැවැත් වුණා. හැබැයි ඉතිං ඇල්ෆා මොන වගේද කියල බලාගන්න පහුගිය කොටස හොඳ කොටසක් වුණා. සල්පිල ඇතුළටම ආපු ඇල්ෆා පිරිසක් පැහැරගෙන ගිහින් කරපු දේ මතක ඇතිනෙ. ඔව් ඒ අතරෙ ටාරා, හෙන්රි, එනිඩ් ඇතුළත් වෙලා තිබුණ. ඊට අමතරව තව ඔළු 6ක් තිබුණ. ඇල්ෆා ඔවුන්ව පැහැරගෙන බෙලි කපල රිටි වල අමුණල තමන්ගෙ සීමාව සලකුණු කළා. කොහොමහරි ඔහොම තමයි එදා වුණේ. ඔළු ටික දැක්කම නම් මාවත් ශොක් වෙලා ගියා. ඒත් ඉතිං ඒව ලිඩියා අරගෙන ආපු එකට ලැබුණු ප්‍රතිවිපාක.

අද කොටසින්…
ඉතිං ශීත කාලය උදා වෙලා. කින්ඩම් බිඳ වැටිල. මිනිස්සු අතරමං වෙලා. ආත්ම ශක්තිය බිඳ වැටිල. බලාපොරොත්තුවක් පේන මානයක් නෑ. ජීවිතය ගැටගහගන්න එක අන්තිම අසීරු අඩියකට වැටිල. එක කෙළවරකින් ඔවුන්ට සීමාව පනින්න බැරි දරුණු සතුරෙක් ඉන්නව. අනිත් හැම පැත්තෙන්ම දරුණු හිම කුණාටු. යන්න තැනක් නෑ, ආරක්ෂාවක් නෑ, දැන් අපිට උදව් ඕනෙ.

“ඒ කියන්නෙ ඔයා උන්ගෙ සීමාව හරහා ආව”
“හ්ම්ම්… පොදු හතුරෙක්.. පොදු ඉලක්කයක්..”
“නෑ.. මමනම් කියන්නෙ යක්ෂ හතුරෙක් එක්ක සටන් කරන්න හොඳ මිනිස්සු එකතු වෙනව කියල”
” වැඩේ කියන්නෙ කවුරුවත් දන්නෙ නෑ.. තමනුත් යක්ෂයෙක් කියල..”

එහෙනම් ඉතිං වෝකින් ඩෙඩ් 10 වැනි කතා මාලාවෙන් මේ වසරෙ අග භාගයේදී නැවත හමුවෙන තෙක් ජය වේවා..!

“මට ඕනෙ එන්න තියෙන කුණාටුව වෙනුවෙන් සූදානම් වෙන්න..”
“ඔතන කවුරුහරි ඉන්නවද…?”

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 720p | 260MB | PSA

Direct Download

| WEBRip | x265 | 720p | 260MB | PSA

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *