MENU

The Walking Dead [S10 : E02] | අපි තමයි ලෝකයේ අවසානය!

ආයුබෝවන් යාළුවනේ!

ඉතිං ඔන්න නොදැනීම TWD 10 වැනි කතාංගයේ දෙවැනි කතාංගයත් නිකුත් වෙලා. කොහොමහරි මේ කතාංගයත් නිළ වශයෙන් නිකුත් වෙන්න තිබුණෙ 13 වැනිදා. ඒත් ඉතිං මොකක්හරි හේතුවක් නිසා මේක අද නිකුත් වෙලා තිබුණ. ඔන්න ඉතිං ආපු ගමන් කොහොමහරි සබ් එක කළා පරක්කුවක් නැතුවම. හැබැයි ඉතිං සෑහෙන දරුණු ආරංචියක් ආව, ඉදිරි කතා මාලාවකින් “මැගී රීඩ්” ආයෙත් කතාවට එකතු වෙනව කියල. ඒ වගේම TWD කතා මාලාව “Supernatural” කතා මාලාවටත් වඩා දීර්ඝ වේවි කියල. එච්චර දුර යනකොට නම් රසයට මොනව වේවිද කියන එක ඉතිං දෙවියො තමයි දන්නෙ. තව සාධාරණ බයක් තියෙනව, ‘”මෙක්සිකෝවට යන්න ඕනෙ” කියල ඩැරල්, කැරොල්ට කිව්ව කතාව නිසා බැරිවෙලාවත් මේ කතා මාලාව “Fear the walking dead” එක්ක Crossover වේවිද දැන්නෑ කියලත්. එහෙම වුණොත් නම් ඉතිං දෙයියන්ගෙම පිහිටයි. හරි ඉතිං පොඩ්ඩක් මතක් කරගමු කලින් කතාංගයේ මොනවද වුණේ කියල.

පසුගිය කොටසින්..

පසුගිය කතාංගයේ ඇත්තටම පෙන්නුවෙ, ඇල්ෆාගේ කෲර පළිගැනීමෙන් පස්සෙ ජනාවාස වල තත්වය ගැන. එක එක ජනාවාස තමන්ගේ උපරිම ශක්ති මට්ටමෙන් මිනිසුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න උපරිම උත්සාහයක යෙදිල ඉන්නව අපි දැක්ක. මේ අතරෙ තමයි, RJ ගං මෝයෙ තිබිල හම් වෙස් මූණක් හොයාගෙන එන්නෙ. මේක දකින්නෙ ජූඩිත්. ඒකෙන් පස්සෙ ජනාවාස කීපයම ටිකක් කලබල වෙනව. ඒ නිසා ආරක්ෂාව තහවුරු කරගන්න, මුර සංචාරයක් යන්න මිශෝන් ඇතුළු පිරිස පිටත් වුණා. මෙහෙම ගිය පිරිසට විනාශ වුණු කඳවුරක් හමුවෙනව. ඒ විතරක් නෙවෙයි, ඇල්ෆාගෙ රැළේ කෙනෙක්, මිශෝන්ලගෙ සීමාවෙ මැරිල ඉන්නව කට්ටිය දකිනව. ඔහොම විස්තර යන අතරෙ තමයි පැරණි චන්ද්‍රිකාවක් පොළවට කඩා පාත් වුණේ. ඒකෙන් කැලේ ලොකු ගින්නක් ඇති වෙනව. ගින්න පැතිරිලා ගියොත්, එකක් මළවුන් වේගයෙන් ගින්න පැත්තට එකතු වෙනව, අනිත් කාරණාව දඩබිම්, වගාබිම් සහ ජනාවාස වලට හානි ඇති වෙනව. ඒ නිසා ජනාවාස කීපයම එකතු වෙලා, ඇල්ෆගෙ සීමාවෙ ඇතිවුණු මේ ගින්න නිවල දානව. අවසාන මිනිත්තුවේ තමයි ඇල්ෆා මතුවෙන්නෙ. ඇල්ෆා දකිනව ගල් කන්ද උඩ හිටගෙන ඉන්න කැරොල්ව. හැබැයි ඉතිං ඇල්ෆා මේ පාර කැරොල් එක්ක හැප්පුණොත් නම් ලේසි වෙන එකක් නෑ. කැරොල්ගෙ මූණෙන්ම පෙණුන “උඹට දෙන්නම් වැඩේ” වගේ හැඟීමක්. කලින් සීසන් එකක මතක ඇතිනෙ, කැරොල් තනියම සම්පූර්ණ කඳවුරකට බෝම්බ ගහල, වෙඩි තියල, කඳවුර පොළවටම සමතලා කරල, රික් ඇතුළු පිරිස බේරගත්ත.

අද කොටසින්..

අද කොටස සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නෙ ඇල්ෆා ඇතුළු රංචුවට. ඒ වගේම අවුරුදු හතකට කලින් ඇල්ෆා සහ බීටා කල්ලි ගැහෙන හැටි බලාගන්න පුළුවන්. ඒ වගේම ලිඩියා පුංචි කාලෙ හිතේ තියාගෙන හිටපු දෙයක්,මේ වෙද්දි ඇත්ත වේගෙනෙ එනව පෙනෙයි. මේ ඔක්කොම අතරෙ ඇල්ෆා කියන්නෙත්, වෙස් මූණක් යට හැංගුණු ගැහැණියක් විතරයි කියලත් පෙනෙයි. හැබැයි ඇය අවතක්සේරුවට ලක් කරන්න හොඳ ගැහැණියකුත් නෙවෙයි. ඒවගේම ඇල්ෆාගෙ කණ්ඩායම දවසක ඇල්ෆා ප්‍රශ්න කරන මට්ටමේ රහසක් ඇල්ෆා රැකගෙන ඉන්නව. ඉදිරියේදී ඒ රහස ඇල්ෆාගේ ගමන් මඟ වෙනස් කරන්න ඉඩ තියෙනව. එහෙනම් බලල රසවිඳින්න ආරාධනා කරමින් මම යනව. ඊලඟ සතියෙ නැවත මුණ ගැහෙමු. ජය වේවා..!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 830MB |

Direct Download

| WEB | x264 | 480p | 160MB |

| WEB | x264 | SD | 470MB |

| WEB | x264 | 720p | 830MB |

HEVC – x265

| WEB | x265 | 720p | 230MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *