MENU

The Walking Dead [S10 : E06] | ෂ්ෂ්ෂ්!

ඉතිං කලින් කතාංගයේදි නීගන් පැනගත්ත ඇලෙක්සැන්ඩ්‍රියා වලින්. එහෙම නිකං පැනල ගියා වෙන්න නම් බෑ. කවුරුහරි ඒකට උදව් කරල තියෙනව. ඒ ලිඩියා නම් නෙවෙයි. ඒ ඇරොන් වෙන්න පුළුවන්, ගේබ්‍රියල් වෙන්න පුළුවන්, නැත්තං ඩැරල් වෙන්නත් සෑහෙන ලොකු ඉඩක් තියෙනව. කොහොමහරි එහෙන පැනගන්න නීගන්ට අලුත් තරුණ හාදයෙක්ගෙන් උදව් ලැබුණ. එහෙම යද්දි තමයි තරුණ අම්ම කෙනෙකුයි, පුතෙකුයි මේ දෙන්නට මුණ ගැහෙන්නෙ. ඔන්න එතනදි බලාගන්න පුළුවන් නීගන් වෙනස් කෙනෙක් කියල. කොහොමටත් නීගන් තරුණ ළමයින්ට කරදර කළේ නෑ. ඒක අපි දැක්ක නීගන් කාල්ට ආදරෙන් සලකපු හැටි දැක්කම. ඒ වගේම මේ හමු වුණු තරුණ කොලුවටත් නීගන් ආදරෙන් කතාකරනව. හබැයි නීගන් එක්ක ආපු අනිත් හාදය මේක තේරුම් ගන්නෙ වැරදියට. ඒ නිසා ඒ හාදය මේ තරුණ අම්මයි, පුතයි දෙන්නවම මරල දැම්ම. ඒක්ට මළ පැනපු නීගන් ඒ හාදයත් පර සක්වලටම යැව්ව.

ඉතිං එතනින් පිටත් වුණු නීගන්, කෙලින්ම යන්නෙ ඇල්ෆාගෙ සීමාවට. එතනදි නීගන්ව බීටා අල්ල ගන්නව. මෙහෙම ගිහින් නීගන්ට අද මොකක් වේවිද? ඔව් ඒ ගැන තමයි අද කතාවෙ බොහෝ දේ කියවෙන්නෙ. මේ දේවල් මෙහෙම වෙන අතරෙ ඔන්න ඉයුජින් නිසා මේ කතා මාලාව ඉදිරියේදි සෑහෙන ලොකු වෙනස් මාවතකට ගමන් කරන්න පුළුවන් කියල හිතෙන දොරටු විවර වෙනව. මේ අතරෙ මම කලින් මතක් කළා වගේ, කැරොල් ඉන්නෙ හොඳටම තද වෙලා. ඒක මූණෙන් පේන්නෙ නෑ. හැබැයි කැරොල්ගෙ හිතේ ලොකු සැලැස්මක් තියෙනව. අද ඒකෙ පළවෙනි අදියරේ වැඩ පටන් ගන්න ඇය ඇල්ෆගෙ සීමාවට යනව. තනියම නෙවෙයි හැබැයි. තව කෙනෙක් ඇයට සහය දෙනව. ඒ කවුද? මොකද්ද කැරොල්ගෙ සැලැස්ම? එතකොට නීගන්ට මොකක් වේවිද? හිල්ටොප් වල පැතිරිලා යන වසංගතය කොහෙන් ආපු එකක්ද? එතකොට ඉයුජින් කොහොමද අනාගතේට බලපෑමක් වෙන්නෙ? ඔන්න ඒ ඔක්කොම අද බලාගන්න පුළුවන්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 490MB |


Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | SD | 490MB |

| WEB | x264 | 720p | 850MB |

HEVC – x265

| WEB | x265 | 720p | 260MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *