MENU

The Walking Dead [S10 : E14] | ඊයේ, අද සහ අලුත් හෙටක්..!

ඉතිං අපි දැක්ක ගිය සතියෙ ආයුධ හොයාගෙන ගියපු මිශෝන් මුහුණ දුන්නෙ නොහිතපු අත්දැකීමකට. වර්ජිල් කියන්නෙ මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක් නිසා මිශෝන් මත් කරල සෑහෙන වදයක් ඇයට දුන්න. ඒ හේතුව නිසා තමයි මළගිය, අතුරුදන් වුණු පරණ චරිත රැසක් අපිට එදා දැකගන්න ලැබුණෙ. ඒ වගේම ඊට පෙර කොටසෙන් අපි දැක්ක නීගන් ඇල්ෆා මරල දැම්ම. ඒ වගේම ඇල්ෆාගෙ ඔළුව කැරොල් ලඟට ගෙනල්ල දැම්ම. මේ සිදුවීම සහ ඉයුජින් රේඩියෝ සම්බන්ධතා පවත්වාගෙන ගියපු ගෑණු ළමය වටා තමා අද කතාංගය ගෙතෙන්නෙ. නීගන් ඇයි ඇල්ෆා මැරුවෙ කියන එකට හොඳ උත්තරයක් ලබා ගන්න අද හැකි වෙනව.අද කතාංගය එක්ක මම නම් මේ කතා මාලාවේ මුල්ම කොටස් කීපයට ආයෙත් ගියා. කට්ටියට මතක ඇති රික් අශ්වය පිටේ නැගල මුලින්ම නගර දිගේ ඇවිදගෙන ගියපු අතීතය, ඒ අතීතය ආයෙත් ඉයුජින්, මිකෝ සහ එසීකියෙල් තුළින් ආයෙත් ප්‍රති නිර්මාණය වෙනව. ඒ වගේම රික්ට ග්ලෙන් හමු වුණා වගේ, මේ කට්ටියටත් ගෑණු ළමයෙක් හමුවෙනව. ඒ වගේම බීටා කියන්නෙ කවුද කියන එකත් අද බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ෆා කතා කරන තැනකදි පැහැදිලි වෙනව කොනී එදා ගුහාව තුළ වුණු පිපිරීමෙන් පස්සෙ මළවුන් අතරෙ අතරමං වීමෙන් පස්සෙ මිය යන්න ඇති කියල. එහෙනම් ඊලඟ කොටස සෑහෙන දරුණු කොටසක් වේවි කියන සැක සංකා තියාගෙන, මේ කතාංගයත් රස විඳින්න ඔබට බාර කරනව. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 491MB |

Direct Download

| WEB | x264 | SD | 491MB |

HEVC – H.265

| WEB | x265 | 720p | 294MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *