MENU

The Widow [S01: E01] | යානයේ අභිරහස

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සිය සාඩම්බර දශක සංවත්සරය සමරන මේ අවස්ථාවේ අපි හිතුව තවත් සුපිරිම කතාමාලාවක් දෙන්න. නෑ නෑ අද පටන් ගත්තට ඉවර කරන්න දවස් ගාණක් ගන්නෙ නෑ. අදම, මේ අදම ඉවරයක් කරනවා. නිකන් නෙවෙයි පැයෙන් පැයට උපසිරැසිය දීලා. ඉතින් පළවෙනි කොටසෙ ඉඳන් බය නැතුව එකක් බලලා ආපහු එනකොට ඊළඟ කොටසේ උපසිරැසිය ඇවිල්ලා තියෙයි. ඔක්කොම තියෙන්නෙ කොටස් අටයි. ඉතින් බැලිල්ලක් තමා.

බයිස්කෝප් අඩවියට මුල්ම උපසිරැසිය දීමේ වාසනාව හා භාග්‍ය ලැබු කෙනා විදියට කියන්න තියෙන්නෙ එදා ඉඳන් අද වෙනකම් මේච්චර කාලයක් අපි ආවේ මේ ඔබගෙන් ලැබූ ධෛර්යය නිසාමයි. ඒ දුන්න දිරිමත් කිරීම ඉදිරියටත් ඔබ සැමගෙන් අප සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. එහෙනම් කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

කතාව ගැන කෙටියෙන්ම කිව්වොත් ඔයාලට මතක නම් සුපිරි ජැක් රයන් කතා මාලාව දුන්න ඇමසොන් ප්‍රයිම් එකේම කතා මාලාවක් තමා මේකත්. ජෝර්ජියා වෙල්ස් කියන්නෙ අවුරුදු 3 කට කලින් කොංගොවේ වෙච්ච ගුවන් යානා අනතුරක් නිසා මියගිය තම සැමියාගේ වියෝ වේදනාවෙන් තැවෙමින්, වේල්සයේ ජන ශූන්‍ය ප්‍රදේශයකට වෙලා හුදකලාව ජීවත් වෙන වැන්දඹුවක්. ඇය හිටපු හමුදා සෙබලියක්. හැබැයි හදිසි අනතුරක් නිසා රෝහලට යන ඇය දකින ප්‍රවෘත්ති විකාශයක එක් දර්ශනයක ඇය තම මියගිය සැමියා වගේ කෙනෙක්ව දකිනවා. ඇය ඔහු ජීවත් වන බව තරයේ අදහමින්, මේ වියවුල ලිහා ගන්න අදිටන් කරගන්නවා. හැබැයි ඒ වියවුල ලෙහෙන හැටි බලන අපිව තවත් ඒ වියවුල මැදටම ඇදගෙන ගිහින් අත අරිනවා.

සුරූපී නිළි Kate Beckinsale හා GOT කතා මාලාවේ ටයිවින් ලැනිස්ටර්ට පණ පෙව්ව Charles Dance ඇතුළු නළු නිළි කැලකින් සමන්විත මේ කොටස් අට බලලා මේ වියවුල ලිහාගන්න බලන්න එහෙනම්. එහෙනම් ඊළඟ කොටස අරන් විමා ඒවී. එතකම් සමුගන්නම්. ජය වේවා! චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

Direct Download   

|  WEB | x264 | PHOENiX | 306MB |

|  WEB | x264 | 720p | 360MB |

|  WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Widow [S01: E01] | යානයේ අභිරහස

  • Niyamai apit dena hama dekatama thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *