MENU

The Widow [S1:E08] | අපරාධයට සාධාරණයක්!

මාර්තු 10 කියන්නේ බයිස්කෝප් අපිට ගොඩක් වැදගත් දවසක්. ඉතින් ඒ මොකද්ද කියල ඔයාල හැමෝම උදේ ඉඳන් දන්නවා. ඉතින් අපේ 10 වෙනි උපන්දිනේට උදේ ඉඳන් ඔයාලට දුන්නු ටීවී කතා මලා දෙකෙන් එකක් මේ සමගින් අවසන් කරන්නයි මේ සූදානම. අපේ විස්තර උදේ ඉඳන් අහන්න ලැබුනු නිසා මම කෙලින්ම අදාළ කාරණයට එන්නම්.

කලින් කොටස බලපු ඔයාල දකින්න ඇති සිදුවූ දේවල් මොනවද කියල. ජෝර්ජියා මෙච්චර කලක් විශ්වාස කරපු තමන්ගේ ජිවිතේ පරදුවට තියපු තමන්ගේ ආදරේ කියල හිතපු කෙනා තමන්ට කරලා තියෙන බොරුව ඇය අතටම අල්ලගන්නවා. ඒ වගේම මේ චරිත එකකට එකක් පුදුම විදිහට සම්බන්ධ උනා. හැමෝම ලෝකෙට පේන්න සුදු චරිත උනාට ඇතුලෙන් ගොඩක් කළු චරිත බව ජෝර්ජියා හොයාගත්තා. ඒ එක්කම අඩිජා ගෙදරින් අතුරුදහන් වෙලා ඉඳල නැවත තමන් කල වරද පිළිඅරගෙන ගෙදරට එනවා. නමුත් ඇයට මුණ ගැහෙන්නේ ජෝර්ජියා වෙනුවට වෙන කෙනෙක්. ඒ තමයි ජූඩිත්. මෙච්චර කලක් මියගියා කියල හිතපු කෙනා නැවත ගෙදර ඇවිත්. ඒ වගේම  අසිකාවේ අල්ලගන්න කියල හිතාගෙන මාර්ටින් ඒරියල් සමග කොංගෝ වලට ආවත් ඔහුට සිද්ධ උනා තමන්ගේ ජිවිතේ ඒ වෙනුවෙන් පූජා කරන්න. ඒ වගේම ඒරියල්ගේ මිනීමරුවා උන කෙනත් වෙනම ව්‍යාපාරයක් ගෙනගිය කෙනෙක්.  හැමෝම හැමෝටම හොරෙන් තමන්ගේ න්‍යාය පත්‍රවල වැඩ කරනකොට ජෝර්ජියා තමන් ආව කාරනේ ඉෂ්ඨ කරගෙන නැවත රට බලා පිටත් වෙන්නයි මේ කොටසින් සූදානම් වෙන්නේ. එත් ඇය ආපහු කාරණාව වගේම ඇයගේ ගමනෙන් යමක් සිද්ධ උනාද කියන කාරනේ ඇයට තවමත් හිතට වදදෙනවා.

එහෙනම් මේ කොටස බාරයි ජෝර්ජියා තමන් ආව අරමුණ ඇත්තටම ඉෂ්ඨ කරගත්තද කියල බලන්න. ඒ වෙනුවෙන් ඇය මොනවගේ පියවරක් අරගනිවිද? අඩීජාට ජූඩිත් මොනවා කරයිද? මේ තමයි මේ කොටසේ ප්‍රශ්නාර්ථ. එහෙනම් නැවත උපසිරසකින් මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්! 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

Direct Download   

|  WEB | x264 | PHOENiX | 311MB |

|  WEB | x264 | 720p | 341MB |

|  WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *