MENU

The Witches (1990) | මායාකාරියෝ…

මේ චිත්‍රපටය රෝල්ඩ් ඩාල්ගේ The Witches නම් ළමා නවකතාව ඇසුරින් නිපදවනු ලැබූ අපුර්ව චිත්‍රපටයක්. Nicolas Roeg ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.8/10 ක අගයක් ලබාගැනීමට සමත් වුණා. මුල්වරට තිරගත වුණේ 1990 මැයි 25 වැනිදා. The Witches චිත්‍රපටයේ මුල් කොටස තිරගත කෙරුණේ නොර්වේ වල. අනෙක් ජවනිකා වලින් බොහෝමයක් කොන්වෝල් හි වෙරළබඩ පිහිටි Headland හෝටලයේ රූගත කෙරුණා. රෝල්ඩ් ඩාල්ට අවශ්‍ය වුණේ අති උත්තම මායාකාරිය සඳහා Cherilyn Sarkisian නම් ඇමෙරිකානු නිළිය යොදාගැනිමටයි. එහෙත් ඇය එකල වෙනත් චිත්‍රපටයක් නිසා කාර්යබහුලව සිටි නිසා පසුව ඒ සඳහා Anjelica Huston ව යොදා ගැනුණා. කෙසේ වෙතත් ඇයගේ රංගනය ගැන රෝල්ඩ් ඩාල් සෑහීමට පත්වුණා. ඇයගේ රංගනයේ විශිෂ්ඨත්වය නිසා ඇයට හොඳම නිළියට හිමි සම්මාන තුනක් දිනාගැනීමට හැකි වුණා. නොමඳ විචාරක පැසසුමට ලක්වුණු මෙම චිත්‍රපටය හොඳම වේශ නිරුපණය, හොඳම ළමා නළුවා, හොඳම සංගීතය ඇතුළු තවත් සම්මාන හතක් සඳහා නිර්දේශ කෙරුණා. මේ රසවත් නවකතාව සමරසිංහ ගුණසේකර මහතා අතින් ‘මායාකාරියෝ’ නමින් සිංහලයට ද පරිවර්තනය කෙරුණා.

ලූක් කියන්නේ දෙමවුපියන් අනතුරක් නිසා මියගිය පසු තමන්ගේ ආත්තම්මා, හෙල්ගා එක්ක ජීවත්වෙන පුංචි ළමයෙක්. ආත්තම්මාගේ අසනීප තත්වය නිසා ඇයට වෙරළබඩ ප්‍රදේශයක විවේක ගැනීමට දොස්තර නියම කරනවා. ඒ අනුව ඔවුන් ස්ට්‍රින්ගර් මහත්මයාට අයත් හෝටලයක නවාතැන් ගන්නවා. මේ හෝටලයේ නවාතැන් ගන්නා නපුරු මායාකාරියන් පිරිසක් ගැන ලූක්ටයි එයාගේ ආත්තම්මාටයි අහම්බෙන් දැනගන්න ලැබෙනවා. මේ අතරින් අති උත්තම මායාකාරිය, නැත්නම් ප්‍රධාන මායාකාරිය එංගලන්තයේ සියලුම ළමයින් මියන් බවට හරවන බෙහෙත් වට්ටෝරුවක් හොයා ගන්නවා. මේ ගැන අනෙක් මායකාරියන්ට දැනුම්දෙන රහසිගත උත්සවයේදී ලූක් හොරෙන් අහගෙන හිටපු නිසා, ප්‍රධාන මායාකාරිය ඔහුව මීයෙක් බවට පත් කරනවා. ඉන් පස්සේ ලූක් තමන්ගේ මහළු ආත්තම්මා එක්ක එකතුවෙලා නපුරු මායාකාරියන්ව පරද්දන්න මෙහෙයුමක් අරඹනවා. පුංචි මීයෙක් බවට හැරුණු ලූක්ට, මීයෙක් බවට හැරුණු බෘනෝ සහ හෙල්ගා ආච්චි එක්ක එකතුවෙලා මේ අභියෝගය ජයගැනීමට හැකි වෙයි ද? මේ රසවත් කතාන්දරයේ ඉතුරු ටික චිත්‍රපටය නරඹලාම දැනගන්න. රෝල්ඩ් ඩාල්ගේ තවත් නවකතාවක් ඇසුරින් නිපැයුණු James and the Giant Peach චිත්‍රපටය සඳහා ද සිංහල උපසිරැසි ඉදිරියේදී ඔබ වෙත ලබාදෙන්න අපේක්ෂා කරනවා.

රංගන ශිල්පින්:
Anjelica Huston – ඊවා අර්නස්ට් මෙනවිය/ අති උත්තම මායාකාරිය
Mai Zetterling – හෙල්ගා (ආත්තම්මා)
Jasen Fisher – ලූක්
Rowan Atkinson – ස්ට්‍රින්ගර් මහත්මයා
Bill Patterson – ජෙන්කින්ස් මහත්මයා
Brenda Blethyn – ජෙන්කින්ස් මහත්මිය
Charlie Potter – බෘනෝ ජෙන්කින්ස්
Anne Lambton – කළු හැඳගත් ගැහැණිය
Jane Horrocks – අර්වින් මෙනවිය
Jim Carter – ප්‍රධාන සුපවේදී
Roberta Taylor – සුපවේදී මායාකාරිය
Darcy Flynn – ලූක්ගේ මව
Vincent Marzello – ලූක්ගේ පියා
Serena Harragin – දොස්තර
Greta Nordra – නෝර්වීජියානු මායාකාරිය
Elsie Eide – එරිකා
Kristin Steinsland – ළමා එරිකා
Merete Armand – එරිකාගේ මව
Ola Otnes – එරිකාගේ පියා


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEBRip | x264 | 720p | 802MB |

964adba78fe8de06ae4695f945a46e56683d407d

Direct Download

|  WEBRip | x264 | 720p | 802MB |

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *