MENU

Titans 2018 [S01: E06] | උඹද රොබින්? මමද රොබින්?

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, මාවල් ෆිල්ම්ස් කරපු නිසා ඒකෙ වරදකුත් නැහැ ඉතිං. ඒත් ඉතිං හොඳ කතාවක් නම් ඉතිං මාවල්ද DC ද කියලා භේදයක් නැහැ සහ ජීවනයෙන් වෙසෙන අපිට නම් ? අනික ඉතිං මේ ඔර්ජිනල් DC ස්ට්‍රීම් එකෙන් නිකුත් වෙන ඒවා නිසා ඔය DC ජරාවල් වගේ නම් නැහැ ? එහෙනම් අටුවා-ටීකා-ටිප්පනි ඕන නැහැනේ මේ වෙනකම් රැඳී හිටිය රසික හිතවතුන්ට.පහුගිය කතාංගයේ මොනාද උනේ කියල මතක් කරගමු එහෙනම්

මේ වෙනකොට කණ්ඩායම එකතු වෙලා ඉන්නේ.කට්ටිය තමන්ට පුළුවන් දේවල් මොනාද කියලත් පෙන්නුවා. අන්තිමට ඩික් කියන්නේ රොබින් කියලත් අනිත් අය දැනගත්තනේ. ඒත් එක්කම අර අමුතු විකාර පවුලේ අවසානය සිද්දවුණා. ඒ විතරක් නෙමේ පවුලේ ඉව පස්සේ පන්නපු ඩික් ග්‍රේසන් හරිම අමාරුවක තමා වැටුනේ. අන්තිමට රොබින්ව බේරගන්න තව රොබින් කෙනෙක් ආවා… අන්න එහෙමයි ගිය සුමානේ සාරාංශ වශයෙන් කිව්වොත් එහෙම කියන්න වෙන්නේ

දැක්කද අන්තිමටම තවත් රොබින් කෙනෙක් එනවා වත්මන් රොබින්ව, එහෙමත් නැත්නම් ඩික් ග්‍රේසන්ව බේරගන්න? හරි වැඩේ තමා නේ. මේ දවස්වල චරිත සේරම ඩබල් ඩබල් එන්නේ. කතා වලත් ඩබල් ඩබල්. ඩික්ව බේරගන්න ඒ එන්නේ ජේසන් ටොඩ්. ඩික් ග්‍රේසන් කියන්නේ බැට් මෑන් විසින් හදාගන්න ගන්න ළමයෙක්නෙ. ඉතිං භේද වෙලා බැටාගේ සහයක තනතුරෙන් ඉවත් වෙලා තමා ඉන්නේ මේ වෙනකොට ඩික්. එතකොට ඩික් නයිට්වින්ග් කියන සමාජ ආරක්ෂකයා බවට පත්වෙනවා. ඒ බැට් මෑන්ගේ අන්තේවාසික කමින් අයින් වෙලා. ඒ අතරවාරයේ බැට් මෑන් තවත් රොබින් කෙනෙක්ව පුහුණු කරනවා. ඒ කෙනා තමා මේ ජේසන් ටොඩ්.. මතකද BvS එකේදී ජෝකර් බැට්සිට පණිවුඩයක් එවල තියෙනව මේ පහල රුපයේ තියෙන විදියට. මේ තියෙන්නේ දෙවැනි රොබින් ඇඳුම ඒ අනුව සැක් ස්නයිඩර්ත් කියල තියෙනව ජෝකර් අතින් මැරුම් කෑවේ ජේසන් ටොඩ් බව. “A Death in the Family” (1989) චිත්‍ර කතාවේදී තරුණ ජෝකර් අතින් තරුණ ජේසන් මැරුම් කනවා ඒ අනුව.. ඊට පස්සේ ජේසන් රෙඩ්හුඩ් වෙනවා ?

එතකොට මේ අලුතෙන් මතු වෙච්ච ජේසන් ටොඩ් කියන්නෙත් බැට් මෑන් විසින් හදාගන්න ගන්න අනාථ ළමෙක්. Batman #357 චිත්‍ර කතාවෙන් 1983දී තමා මේ චරිතය එලියට එන්නේ.එතකොට ඒ රොබිනුත් මේ රොබිනුත් හැර තවත් රොබින්ලා ඉන්නවද? අපොයි මොකද නැත්තේ. 1991 දී Robin limited series එකකින් තව රොබින් කෙනෙක් එනවා ජෙසට් රෙඩ් හුඩ් උනාට පස්සේ. ඒ රොබින්ගේ නම ටීම් ඩ්‍රේක්. එතකොට තව ඉන්නවද? බුදු අම්මේ නැතුව නැතුව. ? හතරවෙනි රොබින් තමා ස්ටෙෆනි බ්‍රව්න්. ඔව් හත් දෙයියනේ මේ රොබින් ගෑනු ළමෙක්.මෙයාම බැට් ගර්ල් විදියටත් ඉඳලා තියෙනවා. ටීම් ඩ්‍රේක් සාර්ථක වෙන්න කලින් සුළු කාලයක් තුල තමා මේ කෙලි රොබින් වෙලා ඉන්නේ හැබැයි. ඔන්න ඊට පස්සේ තමා බැටාගේම ලේ තියෙන කෙනෙක් රොබින් වෙන්නේ. ඒ තමා ඩේමියන් වේන්. Batman #655 නිකුතුවෙන් 2006දී තමා මේ රොබින් කල එලි බහින්නේ. මේ කියපු රොබින්ලා අතරින් ඩික්,ජේසන් සහ ඩේමියන් තමා ඇත්තටම හරියටම නිල වශයෙන් රොබින් චරිතය හා බැඳෙන්නේ අනිත් අය වෙනත් යුනිවර්ස්වල රොබින්ලා. ඉතිං පටලගන්න එපා වැඩි දැනුමකට කිව්වේ..

රෙඩ් හුඩ්                    තරුණ ජේසන් ටොඩ්           කුඩා ජේසන් ටොඩ්

රොබින්ලා ගැනම කිව්වේ මොකද අද කතාව ජේසන් ටොඩ් වෙනුවෙන් නම්වෙලා තියෙන නිසා… එහෙනම් ඉඩක් ලැබුනොත් තවත් කොටසක් අරගෙන එන්න බලන්නම්. එහෙම නැතත් හසා අතින් මැරුම් නොකෑවොත් ඇක්වා මෑන් එක්ක එන්න ලැබේවි DC රසිකයෝ හමුවට ? පැත්ත මාරු කළා කියල හිතන්න එපා. DC ජනතාවට සේවය කරන්න ආවට මම තාම මාවල් ආගමේ සාමාජික. ජනතා සේවය කොහෙත් එක නිසා DC පිලට පොඩ්ඩක් පැන්නේ.. ගිහින් එන්නම් එහෙනම්

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 480p | 210MB |

Direct Download

|  WEBRip | x264 | 480p | 210MB |

| WEBRip | x265 | 720p | 185MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *