MENU

Tom Clancy’s Jack Ryan [S02 : E08]| සාර්ථක මෙහෙයුමක අවසානය!

දේශපාලනය තුල තියෙන අන්ධකාරය නිරුවත ඉතාමත් ලස්සනට පෙන්නුම් කරන ජැක් රයන් කතා මාලාවක අවසන් කොටසටයි අපි මේ ලංවෙලා තියෙන්නේ. රටක පාලනය වෙනුවෙන් ලබාදෙන මහජන මතය කැමැත්ත තමන්ගේ උරුමයක් කරගන්න දේශපාලකයන්ට වෙන්නේ මොනවගේ ඉරණමක්ද කියල ලාංකිකයෝ විදිහට අපි අපේ ඉතිහාසය තුල දැක්කා. ඉතින් ජනමතය කියන දේ එක්ක වෙන කිසිම දෙයක් බලවත් නැහැ. එත් තේරීම හැම වෙලේම හොඳ තේරීමක් විය යුතු වෙනවා. ඉතින් අපිට ලැබෙන තේරීම් අපේ රුචියට වඩා රටේ යහපත වෙනුවෙන් ගලපගන්න හොඳ දියුණු රටක වැසියෝ වෙන්න බලාපොරොත්තු වෙන මිනිසුන් විදිහට අපි අපේ හිතට වඩා මොළයට තැන දෙන්න ඕන අවස්ථාවක් තමයි අපේ ඡන්දය කියන්නේ. ඉතින් ඒ වගේ කාලෙක මේ වගේ කතාවකට උපසිරසි කරන්න ලැබීමත් එක්තරා හොඳ දෙයක්. එහෙනම් අපි කලින් කොටස ගැන කියල ඉම්මු.

රේයස් ඉන්න තත්වය එන්න එන්නම දරුණු වෙනවා. එයාගේ බල වියරුව කොපමණද කියනවා නම් බලය ලබා ගන්න තමන්ගේ අතිජාත මිත්‍රයා උබාරිගේ බෙල්ල තමන්ගේ අතින්ම කපා දාල මරලා දැම්මා. රේයස්ට ඕන බලය පවත්වාගෙන යන්න. එත් ග්ලෝරියාට ලැබෙන මහජන කැමැත්ත එන්න එන්නම වැඩිවෙලා මහජන කැමැත්ත රේයස්ගෙන් ගිලිහෙමින් පවතිනවා. ඒ වගේම ජැක් තමන්ගේ මිත්‍රයාව අත් හරින්න කොහෙත්ම සූදානම් නැහැ. එයා යනවා ග්‍රියර් බේරගන්න වෙනිසියුලානු හමුදා කඳවුරට. මතකනේ රේයස් කිව්වා සේරම සිරකරුවෝ මරලා වලදාන්න කියල නියෝග දුන්නා. ඒ අතරේදී තමයි ජැක් කඳවුර වටලන්නේ. එත් ජැක්ට ග්‍රියර් හොයාගන්න බැරිවෙනවා. එත් කඳවුර ඇතුලෙදි ග්ලොරියාගේ සැමියා සර්ජියෝ මුණ ගැහෙනවා. ඔහු මගින් දැනගන්නවා ග්‍රියර් තවමත් ජිවතුන් අතර කියල. එහෙනම් අද කොටස ආරම්භ වෙන්නේ එතැන් පටන්. යන්න කලින් කියන්න ඕන මේ කතාවේ තුන්වන කතා සමයකුත් අපිට ලැබේවි. ඒ සඳහා සියල්ල සූදානම්. බොහෝදුරට 2020 හෝ 2021 අග බාගයේදී තව ජැක් රයන්ගේ වික්‍රමයක් අපිට බලාගන්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.5GB | Complete S02 |

Direct Download

| WEB | x264 | 480p | 220MB |

| WEB | x264 | 720p | 290MB |

| WEB | x264 | 720p | 2.4GB | Complete S02 |

| WEB | x264 | 480p | 1.7GB | Complete S02 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Tom Clancy’s Jack Ryan [S02 : E08]| සාර්ථක මෙහෙයුමක අවසානය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *