MENU

Tumse Achha Kaun Hai (1969) | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා!

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.4 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි.

මෙහි කතා සාරාංශය වන්නේ, දෙමවුපියන් නොමැති  “අශෝක්” නම් තරුණයා හට “රූපා” නම් නැඟනියක් සිටියි. ඇය අන්ධ තරුණියකි. ඇයගේ දෑස් සුවපත් කිරීමට හැකි බවත් ඊට මුදල් වැය කිරීමට සිදුවන බවත් රෝහලින් පවසා ඇත. මෙම මුදල සොයාගන්නේ කෙලෙසදැයි සිතමින් සිටින අශෝක්ට අමුතු රැකියා අවස්ථාවක් උදාවේ. ඒ ධනවත් පවුලක සිටින තරුණියන් තිදෙනෙක්ගේ මුරණ්ඩු ක්‍රියා පාලනය කරමින් ඔවුන්ව යහ මඟට ගැනීම සඳහා ක්‍රියා කිරීමයි. එම රාජකාරිය ඔහුට පවරන්නේ එම තරුණියන්ගේ ආත්තම්මා විසිනි. ඇය ද ඉතාමත් තද ගති පැවතුම් ඇති කාන්තාවකි.

අවසානයේ මෙම වගකීම භාරගන්නා අශෝක් එය නිසි පරිදි ඉටු කරයි. මෙහිදී ඉතාමත් මුරණ්ඩු තරුණිය වූ “ආශා” සමඟ අශෝක් ප්‍රේම සම්බන්තාධවයක් ද ගොඩනඟා ගනී. ඊට පෙර ආශා ගැන බලාපොරොත්තුවෙන් සිටි “ප්‍රාන්” නැමැත්තා නරක චරිතයක් ඇති පුද්ගලයෙක් වන අතර ඔහු වරදකට සිරගත වෙයි. අශෝක් සහ ආශා අතර වූ ප්‍රේම සම්බන්ධය දැනගන්නා ආත්තම්මා, අශෝක්ට පොරොන්දුවූ මුදල ගෙවා ඔහුව ආපසු යවයි. ඒ අතර සිරෙන් නිදහස් වන ප්‍රාන් එම ප්‍රදේශයට පැමිණෙන විට අශෝක්ගේ අන්ධ නැඟනිය හමුවේ. මෙහි දී  රූපා ඔහු අතින් දුෂණය වේ. මේ හේතුව නිසා ඇය දිවි නසා ගැනීමට ජලාශයකට පනියි.

මුදල් ලැබුණු අශෝක් තම නැඟනියගේ දෑස සුවපත් කිරීමේ අරමුණින් නිවසට පැමිණේ. එහිදී තම නැඟනියට වූ දෙය දැනගෙන වියරු වැටේ. තම නැඟනියට අපරාධය කළ පුද්ගලයා හෙළිවේද? අශෝක්ගේ ප්‍රේම සම්බන්ධතාවය සාර්ථක වේද? මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි.  ශම්මි කපුර්, බබිතා සහ ප්‍රාන් ක්‍රිෂන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. එහි ප්‍රධානම ගීතයේ තනුව ඇසුරින් ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ “සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ” නම් සිංහළ ගීතය බිහි විය. එය සිංහල සිනමාවේ “අභිරහස” නම් සිනාමාපටයේ ඇතුළත් විය.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”,  “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස් අටවෙනි සිංහල උපසිරසිකරණයයි. මෙම උපසිරසියට අදාළ කාලය සහිත වීඩියෝව අන්තර්ජාලය වෙතින් සොයාගැනීමට අපහසු නිසා, මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර ඇත. එය ඔබට බයිස්කෝප් ඩවුන්ලොඩ්ස් වෙබ් අඩවිය හරහා බාගත කරගත හැකිය. එහි ඇති පැය දෙකයි, මිනිත්තු පනස් දෙකයි, තත්පර  පහක ධාවන කාලයක් සහිත මෙගා බයිට් 814 ක වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න.  පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

මා විසින් මීළඟට සිංහල උපසිරසි ලබාදෙන සිනමාපටය වන්නේ 1963 වර්ෂයේ තිරගත වූ  “Gumrah” පැරණි හින්දි සිනමාපටයයි.

මෙම උපසිරසියට ගැළපෙන වෙනත් වීඩියෝවක් නොමැති නිසා, මා විසින් එවා ඇති “ගුගල් ඩ්‍රයිව් ලින්ක් එක බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDRip | x264 | SD | 800MB |  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Tumse Achha Kaun Hai (1969) | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා!

  • Aluth hindi movies tikak danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *