මම එහෙනම් තවත් වැඩකට අත ගැහුව. මේක එපිසෝඩ් තුනක පොඩි රූපවාහිනී කතා මාලාවක්. පොඩි කිව්වට පොඩිම නෑ. එක එපිසෝඩ් එකක් පැය එක හමාරක් විතර දිගයි. සමීර අයිය තමයි හැමදාම වගේ මට මේක දීල කරමු කිව්වෙ. ඉතින් එයටත් ස්තූති කරනවා. මේක ගියෙ SPIKETV චැනල් එකේ. මේ මාසෙම 19 වැනිදා තමයි පලවෙනි එපිසෝඩ් එක ආවෙ. ඊජිප්තු ඉතිහාසයේ සඳහන් වෙන කීර්තිමත් ෆේරෝ වරයෙක් ගැන තමයි කතාව යන්නෙ. ඔහු තමයි ටියුටන්ඛාමුන් රජු. IMDB අගය දැනට 7.7ක් තියනවා. නියම කතාවක් එපිසෝඩ් තුනක් නිසා හැමෝටම බලන්න ආරාධනා කරනවා. ඉක්මනටම ඉතුරු එපිසෝඩ් දෙකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
ෆේරෝ අකනාටන් මැරෙනව එයාගෙ විශ්වාසවන්තම සේවකයා විසින් වස කවන නිසා. එතකොට තමන්ගෙ පුතාට තමයි රජ තනතුර බාරගන්න වෙන්නෙ. ඒත් එයාට වයස 9යි. ඒත් තනතුර පිටට යන්න බැරි නිසා එයා පොඩි කාලෙම තම සහෝදරිය විවාහ කරගෙන රජ වෙනව. ඒත් එයා රජ වෙන්නෙ නමට විතරයි. රට පාලනය කරන්නෙ හමුදාපති හොර්ම්හෙබ් සහ අමාත්‍ය අයි විසින්. ටිකක් තේරෙන වයසට ආවම තරුණ ෆේරෝ දැනගන්නව මේ රට පාලනය වෙන්නෙ හොර්ම්හෙබ්ට ඕන විදිහට කියල. ඒ වගේම ජනතාවට පීඩා දෙනව කියල. යුද්ධ පරාජය වෙනවා කියල. රට විනාශ වෙන්න යනවා කියල.
ඉතිං මේවා ඔක්කොම සිද්ධ වෙන අතරෙ මෙයාට විශ්වාසවන්තම යාළුවො දෙන්නෙක් අන්තිමට හමුවෙනව. එතනින් එපිසෝඩ් එක ඉවරයි. ඒවා වෙන්නෙ කොහොමද කියල බලන්න. මෙතන මම නොකියපු ගොඩක් දේ තියනවා. ඒවා කිව්වොත් බලල වැඩක් නෑනේ. හැමෝටම ජය!!!
Torrents Download
| HDTV | x264 | XviD | 690MB | PART 01|
| HDTV | x264 | XviD | 690MB | PART 02|
| HDTV | x264 | XviD | 560MB | PART 03|
Direct Download
| HDTV | x264 | XviD | 1.9GB | [Complete S01]
| HDTV | x264 | XviD | 629MB | [ E01]
| HDTV | x264 | XviD | 690MB | [ E02]
| HDTV | x264 | XviD | 560MB | [ E03]