MENU

Typewriter S01E04 | අහිංසක ආත්මයක බිල්ලක්…

තුන්වෙනි කොටසින් දුන්නු කුතුහලය නිමෙන්නත් කලින්ම මේ අරන් එන්නේ ටයිප්රයිටරේ හතරවෙනි කොටස. Netflix වලින් පිදෙන මේ අලුත්ම හින්දි කතා මාලාවට IMDb අගය මේ වෙද්දී 6.5ක් සටහන් වෙනවා. ඒවා මේවා මොනා උනත් කැත නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක් තමා ටයිප්රයිටර් කියන්නේ කියලා බලපු අය දන්නවා. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු.

ෆකීර් කියන්නේ කවුද? එයාගේ ජීවිතේ වෙනස් උනේ කොහොමද කියලා පහුගිය කොටසෙදි පෙන්නුවා. ෆකීර් සහ එයාගේ අම්මා චාරු සරල අහිංසක දිවිපෙවතක් ගෙවමින් හිටපු දෙන්නෙක්. චාරුට තිබ්බා මායා බලයක්. ඇය ඒ දේ අනිසි විදිහට පාවිච්චි කරේ නැහැ. ඒත් එක සිදුවීමකින් හැමදේම කණපිට ගැහුවා. චාරු ජීවිතයෙන් සමුගත්තා, ඒ ගියේ ෆකීර්ට තමන්ගේ හැම බලයක්ම දීලයි. ෆකීර් පෑල දොරින් පැන ගියේ චාරු ලෝකයා ගැන දුන්නු වෛරයත් හිතේ ගුලිකරගෙන. එමු වර්තමානයට. ජේම්ස්ව මරනවා ඇහින් දැක්කට පස්සේ සෑම් ඉන්නේ ජෙනි ගැන භීතිකාවකින්. භීතිකාවකට එහා ගිය ආසාවක් සෑම්ගේ හිතේ තිබ්බා. ඒ හින්දයි පුරුදු විදිහට ඉස්කෝලෙන් කට්ටි පැනලා මෙයා ජෙනීව හම්බෙන්න ගියේ. මේ අතර පොලිසියට ජෙනී ගැන සැකයක් ඇතිවෙනවා. දැනට මැරුණු 3දෙනාම යම් විදිහකින් හෝ ජෙනීට සම්බන්ධයක් තියෙන අය. බලමු මොනවා වෙයිද කියලා.

අද කොටස පටන්ගන්නේ තවත් අතීත සිදුවීමකින්. ෆකීර් කියන්නේ දැන් පොලිසිය පන්නන අංක එකේ මිනිමරුවෙක්. පාරේ ගමන් කරන පොලිස් නිලධාරිනියක් හදිසියේ ෆකීර්ව දකිනවා. පාලු පාරක තනිපංගලමේ ඈ මොනවා කරයිද? බලමු එහෙනම්. ඔය අතර වර්තමානෙට ආවොත් හතරේ කල්ලියේ පුංචි ප්‍රශ්නයක් ඇති වෙන එක විශේෂයි. ඒ වගේම ජෙනීට මෙච්චර කල් එයා හොයපු නැනීව හම්බවෙනවා. සෑම් චාටුවෙන් කකුල කැඩුණු මෝසෙස්වත් අල්ලගන්නවා, පහුගිය වෙච්ච දේවල් දැනගන්න ඕන නිසා. බලන්න, අදත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.4GB | Complete S01 |

Direct Download

| WEB | x264 | 480p | 150MB | Dual Audio |

| WEB | x264 | 720p | 480MB | Dual Audio |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Typewriter S01E04 | අහිංසක ආත්මයක බිල්ලක්…

  • User drive download karanna mobile eken barida

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *