MENU

Udaharanam Sujatha (2017) | ඇය නමින් “අම්මා” විය…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා මම බයිස්කෝප් අඩවියට තවත් සොඳුරු සිනමා සිත්තමක් අරගෙන ඔබ හමුවට. මේක මලයාලම් සිනමාපටයක්. භාෂාව මොකක් උනත් කතාව සුපිරියක් නම් අපි එතන. හරි… මුලින්ම කියන්න ඕන අපේ වීමා සහෝ තමයි මට මේ සලරුව තෝරලා දුන්නේ කරපන් කියලා. ඉතින් වීමාටත් ගොඩක් ස්තුතියි කරන ගමන් අපි හැරෙමු චිත්‍රපටිය දෙසට.

මම නම් මලයාලම් සිනමාව ගැන එච්චරටම දන්නේ නෑ. ඒත් මීට කලින් මලයාලම් චිත්‍රපටි දෙකකට විතර උපසිරැසි ගැන්වීමෙන් දායක වෙලා තියෙනවා වගේ මතකයි. හරි… මේක නිකුත් වෙන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් විසි අට. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Phantom Praveen කියන අධ්‍යක්ෂක වරයා විසින් Manju WarrierMamta Mohandas, Joju George වගේ රංගන ශිල්පීන් එහෙමත් මේකට තමන්ගේ රංගන දායකත්වය සපයනවා.IMDB දර්ශකය 7.2 ක් කරකවන්න සමත් වුනු මේ චිත්‍රපටය විචාරකයින්ගේ හොඳ ඇගයීමකට ලක්වූවක්.

කතාව ගැන කියනවානම් මේක තනිකරම මවක් පාදක කරගෙන ගොඩනැගුනු සිනමා සලරුවක්. තමන්ගේ දරුවන් හොඳ උගත් පුරවැසියන් හැටියට සමාජයේ ඉහළ තලයේ සිටිනු දැකීම ඕනෑම දෙමවුපියෙකුගේ බලාපොරොත්තුවක් වගේම සිහිනයක්. ඉතින් අන්න ඒ වගේ අම්ම කෙනෙක් තමයි සුජාතා කියන්නේ. සුජාතා කර්කෂක ජීවිතයක් ගත කරන ආදර්ශමත් මවක්. සුජාතාට ඉන්නේ එකම දියණියයි. ඒ ආදී. සුජාතාගේ එකම බලාපොරොත්තුව වන්නේ ආදී එහෙමත් නැත්නම් තමන්ගේ එකම දුව කවදාහරි උගත් පුරවැසියෙක් කරලා සමාජයට දායක කරන්න. සුජාතා කියන්නේ ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් මවක්.

ඇගේ රැකියාව ගෙවල්වල වැඩකාරකම් කරන එක. ඇය තමන්ගේ දුවගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම මුදල් සොයාගන්නේ බොහොම අමාරුවෙන්. නමුත් සිද්දිය තමයි අම්මා විඳින දුක දුවට නොතේරෙන එක. ඇය ඉගෙනීමට කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ. පාසලේ වසරින් වසර පන්තිය අසමත් වෙන එක ඇයට පුරුද්දකට ගිහින්.

මේක ගොඩක් සංවේදී චිත්‍රපටියක්. ගොඩක් හොඳ සිනමා නිර්මාණයක් කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. බැලුවට පාඩු නෑ කියලා බය නැතුව කියන්නේ මන්දයත්  අද සමාජයේද මේ වගේ අම්මලා වගේම දරුවොත් බහුලවම ඉන්නවා. මලයාලම් සිනමාවට ආදරය කරන අයට නම් මේවා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. කොහොම උනත් මගේ ලිපියනම් ලස්සන නැතුව ඇති. අඩුපාඩු ඇත්නම් සමාව අයද සිටින ගමන් මං එහෙනම් කැපෙනවා

යන්න කලින් සහෝදර උපසිරසිකරුවන්වත් මතක් කරන්න ඕන. අඩවිය සදහා ඔවුන් කරන කැපකිරීම් අනන්තයි. බයිස්කෝප් උපසිරසි කන්ඩායම වශයෙන් අපි එදත් අදත් ඔබට හොදම දේ අරගෙන එන්න තමයි සෑම විටෙකම උත්සහ කරන්නේ. ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසයට උපරිම සාදාරනයක් කරන්න අපේ කන්ඩායම ඇප කැපවී සිටිනවා. ඉතින් ඔවුන්වත් මේ වෙලාවේ සිහිපත් කර සිටින අතර මේ කාර්යය දිගින් දිගටම කරගෙන යන්න ඒ සැමටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඉතින් නැවතත් තවත් සලරුවක් සමගින් ළඟදීම හමුවන බලාපොරොත්තුවත් මා සමුගන්නවා සැමට ජයෙන් ජය…!!

~


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRIP | x264 | ESub | 715MB |

5E7F5FABB964572B6562C17743AEB678570FEFE0

Direct Download

| DVDRIP | x264 | ESub | 700MB | 

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Udaharanam Sujatha (2017) | ඇය නමින් “අම්මා” විය…

  • thank oyaala hamootama apita sub hadala denawata……

    Reply
  • සාරංග

    ගොඩක් ස්තුතියි !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *