අයිවර්, ද බෝන්ලස් එහෙම නැත්නම් අස්ථි නොමැත්තා තමයි දැන් රැග්නගේ පුත්තුන්ගෙන් දරුණුම කෙනා විදියට ප්‍රකට වේගෙන එන්නේ. තමන්ගේම සහෝදරයෙක්ව මරල දැම්ම එක ඒකට එක හේතුවක්. ඒලා රජාගෙනුයි එක්බර්ත් රජාගෙනුයි රැග්නගේ මරණයෙ පලිය ගන්න පුතුන් පස්දෙනා වෙනස් මාවතක් යන්න තීරණය කරනව. ඒ අනුව කොහොම හරි බියෝන් නැවත මධ්‍යධරණී මුහුද වෙත යනවා. ඒ නෝවේරටටම රජවෙන්න බලාගෙන ඉන්න හැරල්ඩ් රජාගේ සහෝදරයා එක්ක. ඒ දෙන්න එහෙම යනකොට හැරල්ඩ් රජා ආයේ කැටගට් එනවා. ඒ එනකොට ලගත කුමන්ත්‍රණ පරද්දල තමන්ගේ බලය තහවුරු කරගෙන ඉවරයි. හැරල්ඩ් රජාව හිරබාරයට ගන්න ලගතට හැරල්ඩ් රජා විසින් විවාහ යෝජනාවක් ගේනවා රාජ්‍යය එක්සේසත් කිරීමේ අරමුණ ඇතුව, හැබැයි නියම රැජිනකට රජෙක් ඔනවෙන්නේ නැහැ කියන එක කියාපාමින් ලගතා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනව. ඒ වගේම එංගලන්තයේ නවතින අයිවර් උබේ සිගර්ඩ් තුන්දෙනාට නව විරුද්ධ වාදියෙක් මුණගැහෙනවා. යෝක් නගරය අල්ලගන්න මේ තුන්දෙනා විරුද්ධව බිෂොප් හෙහ්මන්ඩ් නැගී සිටිනවා. පේන විදියට බිෂොප් උනත් තමන්ගේ පිළිවෙත් හරි හැටි ඉටුනොකරන වයිකින් වරයෙක් වගේම හැසිරෙන කෙනෙක් වගෙයි තේරෙන්නේ ගති පැවතුම් වලින්. ඒ වගේම ඊට අඩුපාඩු විදියට තිබ්බ දේත් සම්පුර්ණ වෙන්නේ එක්බර්ත් රජතුමා මැරෙන්න කලින් කිරුල පලන්දපු එතල්වුල්ෆ් රජතුමා බිෂොප් එක්ක එකතුවීමත් එක්ක. ඒ වගේම අපිට බලාගන්න පුළුවන් උනා ඇතෙල්ස්ටන්ගෙයි ජුඩිත්ගෙයි දරුව රෝමයට ගිහින් ඇවිල්ල දැන් අසනීපයෙන් පසුවෙන බව දැනගන්නත් ලැබුනා. බිෂොප් හෙහ්මන්ඩ් සුදානම් වෙන්නේ යෝක්වල ඉන්න වයිකින්ලට පහර දෙන්න සැලසුම් කරමින්. ඒ දේවල් එහෙම වෙද්දී වයිකින්වරුන්ගේ යාත්‍රා තනන්නා, ෆ්ලොකි තමන්ගේ බිරිඳ සහ දරුවා අහිමි වීමේ සොවින් හැම දේම දෙවියන්ට බාර කරමින් යාත්‍රාවක නැගල කිසිම දෙයක් නැතුව ඔහේ පාවෙලා යන්න තීරණය කළා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | KILLERS | 329MB |
21A1B033169214F40B892EA583828D41AE578D74
| HDTV | 720p | Mkvcage | 330MB |
4D20AAF0A4409C0ADD43D1724AB526B546BF91F4
One thought on “Vikings [S05: E03] | නැවත නිවහනට…”
Meka download Karanna bane