MENU

Vikings [S05: E16] | රැග්නගේ සිහිනය!

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 16 වැනි කොටස. අද කතාංගයට IMDB 8.4 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා.. ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.

මතක ඇතිනේ ගිය සුමානේ වැඩි අවධානයක් යොමු වුනේ වෙසෙක්ස්වලට. හැරල්ඩ් රජාගේ හමුදාවයි ඇල්ෆ්‍රඩ්ගේ හමුදාවයි අතර ගැටුම ඇතිවුනා. ඇල්ෆ්‍රඩ් සටනින් ජයගත්තත් දැඩි හානියක් වුනා. ලගත අතුරුදහන් වුණා බිෂොප් හෙහ්මන්ඩ් මියගියා. ඒ වගේම දැන් අයිවර් තවත් උමතු වැඩ කරනවා. සියර්ව මරල දැම්ම එකෙන් ඒ බව හොඳටම තහවුරු වෙනවා. හිට්සර්ක් මේ දේවල් බලාගෙන නිහඩව ඉන්නේ එයාටත් අරමුණක් තියෙන නිසා. කොහොම හරි පේන විදියට දැන් ඇල්ෆ්‍රඩ් නම් තමන්ගේ ප්‍රශ්න විසදගත්ත වගේ පේනව..

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් හැරල්ඩ්ගේ පරාජයෙන් පස්සේ මිනිහගේ සිහින වලට වෙන දේ. ඒ වගේම රැග්නා දිගු කාලයක් දැක්ක සිහිනය අද සැබෑ වෙනවා දෙවැනි වතාවටත්. ඒ විතරක් නෙමේ. බියෝන් තමන්ගේ අම්ම ලගතගේ අතුරුදහන් වීමත් එක්ක අලුත් මාවතක් තෝරාගන්නවා. ඒ වගේම අද කතාංගයෙන් බුදුන් ගැන කියනවා. හැබැයි අවුලකට තියෙන්නේ ඒ බුදුන් අපි දන්න බුදුන් නෙමේ, ලාෆින් බුද්ධා කියල කියන කෙනා. මම දන්නේ නැහැ ඒ තරම් අතීතයක ඒ තරම් දුරකට ලාෆින් බුද්ධා ගැන ප්‍රචලිත වෙලා තිබ්බද එහෙම නැත්නම් මේ වර්තමාන නිෂ්පාදකයින් වැඩේ වන කලාද කියල. කොහොම උනත් තීරණය ඔයාලට බාරයි. එහෙනම් ලබන සුමානේ හමුවෙමු. තව කොටස් 4කින් සීසන් එක ඉවරයි ?

වයිකින්වරුන්ගේ සැබෑ ඉතිහාසය පිලිබඳව ලියන ලද ලිපිය

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV| 720p| x264 | 250MB |

Direct Download   

| HDTV | x264| 480p | 130MB |

        

| HDTV | 720p | x264 | 250MB |

        

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *