MENU

Vikings [S06: E03] | මනුෂ්‍යත්වයේ විනාශය..!

ඉතිං ඔන්න පොරොන්දු වුණා වගේම ආපු දවසෙම Vikings තුන්වැනි කතාංගය අරගෙන ආව. ඉතිං දැන් තේරිලා ඇතිනෙ මේ පාර කතාංගය මාර උද්වේගකරයි කියල. ඔලෙග් කුමාරයා කියන චරිතය එක්ක කතාවට ලොකු එළියක් වැටිල තියෙන්නෙ. ලස්සන මූණයි, හිනාවයි පිටිපස්සෙ අමු යකෙක් ඉන්නෙ කියල ලාවට දැක්ක අපි ගිය සතියෙ. රාජ්‍යයේ බලය තමන්ට අල්ලගන්න බැරි වුණාට, සහෝදරයා ලඟ හිටපු රාජ්‍යයේ සැබෑ උරුමකරුවා ඊගෝර් කුමාරය තමන් ලඟට ගන්න, ඔලෙග්, ඇස්කොල්ඩ් කියන තමන්ගෙම සහෝදරයාට විෂ වයින් පොවල අමු අමුවේ මරල දැම්ම. ඒ විතරක් නෙවෙයි ඩීර් කියන අනිත් සහෝදරයාට අනාවැකියක් කියල බය කරල, තමන්ගේ නිදහස් ගමන් මාර්ගය හදා ගත්ත. මෙන්න මේ නිදහස් පැමිණීම මොන විදියටද බලපාන්නෙ කියල ඔන්න අද බලාගන්න පුළුවන්.

මේ අතරෙ ලගතා දැන් ඉන්නෙ වෙනම ගොවිපොළක් හදාගෙන. ගිය සතියෙ ලගතා තමන්ගෙ අසිපත ආයෙ අතට ගන්නෙ නෑ කියල වැළලුවා මතක ඇතිනේ. හැබැයි ලගතා කියන්නෙ ගෙවිලියක් වෙන්න පුළුවන් කෙනෙක්ද? අයුක්තිය, අසාධාරණය දැක දැක රැජිණක් වුණු ඇයට ඇස් වහගෙන ඉන්න පුළුවන් වේවිද? මේ අතරෙ හිට්සර්ක්ට හොල්මන් වෙන්න අරන්. ඒ වගේම ඔලෙග් සහ අයිවර් මිත්‍ර සන්ධානය කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. ඒක අද සහසුද්දෙන් බලගන්න පුළුවන් වෙයි. ඔලෙග් කියන්නෙ සුන්දර මූණක් යට හැංගුණු කෲර මිනිහෙක්. හැරල්ඩ් රජාට මොකක් වෙන්න ඇතිද? උත්තර ඔක්කොම අද බලාගන්න පුළුවන්.

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.4GB |

Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | SD | 300MB |

| WEB | x264 | 720p | 1.4GB |

HEVC – x265

| WEB | x265 | 720p | 240MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *