ආයුබෝවන්..!
ඉතිං ඔන්න සතියක විරාමයකට පස්සෙ නැවත එකතු වෙන්නෙ වයිකින්වරු එක්ක යාත්රා කරන්න. පහුගිය සතියෙ මතකනම් අයිවර් පොඩි ගේමක් පත්තු කරගෙන යනව ඊගෝර් කුමාරය එක්ක. ඊගෝර් දන්නෙ නැහැ තාමත් ඔහුට තියෙන බලතල ගැන. තාම පොඩි කොල්ල නිසා. ඒ නිසා ඔලෙග් කුමාරය, ඇස්කොල්ඩ් කුමාරයට වස දීල මරල, ඩීර් හිර කරල, ඊගෝර් කුමාරය පැහැරගත්ත. නමුත් දැන් අයිවර් ඊගෝර් කුමාරයට විස්තරය කියපු නිසා ඊගෝර් ඉන්නෙ ටිකක් වික්ෂිප්ත වෙලා. මේ අතරෙ බියෝන්, ඔලාෆ් රජුට එරෙහිව, හැරල්ඩ් රජු බේරගන්න ගිහින් වැඩේ වණ කර ගත්ත. පස්සෙ ඔලාෆ් රජු අදහසක් දෙනව බියෝන්ට මුළු නෝර්වේ රටටම රජු වෙන්න ඡන්දයක් පවත්වමු කියල. මට නම් ඒ වැඩේ එච්චරම ඇල්ලුවෙ නෑ. ඊට අමතරව ලගතාගෙ ගමට දාමරිකයන් පහර දීල, බියෝන්ගෙ සහ ට්රෝවිගෙ පුත්රයා “හාලි” ඇතුළු බොහෝ ගම්වැසියන් පිරිසකට ජීවිත අහිමි වුණා.
අද කොටස තුළින් බියෝන් මුළු නෝර්වේ රටටම රජු කරන්න ඡන්දය පවත්වන්න යන්නෙ. මේ අතරෙ මොකක්හරි යටි උගුලක් ක්රියාත්මක වෙන බව සමහර මූණු දැක්කම පෙනේවි. කලින් අයිවර්, ඩීර්ට පොරොන්දු වුණා ඔහුව බේර ගන්නව කියල. අයිවර් ගැන දන්නවනෙ ඉතිං. අමුතුම විදියට මේ වැඩේ සූක්ෂම විදියට කරන්න අයිවර් සැලැස්ම ගහල තියෙන හැටිත් ඔන්න අද බලාගන්න පුළුවන්. හැබැයි මේ සැලැස්ම නිසා තුන් දෙනෙකුට ඔළු නැති වෙනව. මේ අතරෙ හිට්සර්ක්ගෙ පිස්සුව හොඳටම තද වෙලා තියෙන්නෙ. මේ සිදුවීම මෙහෙම යන අතරෙ, ගුන්හිල්ඩ් යනව ලගතා හොයාගෙන. ඒ යද්දි ඉතිං ගුන්හිල්ඩ් දැකපු හීනෙ සැබෑවක් වෙලා. ඊට පස්සෙ මේ කට්ටිය මොකක් කරන්න ද ලෑස්ති වෙන්නෙ. එහෙනම් බලමු ඒ ගැන.
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 175MB |
| WEB | x264 | 1080p | 1.3GB |
HEVC – H265
| WEB | x265 | 720p | 205MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.