අලුත් අවුරුද්දෙ බයිස්කෝප් එකේ කතා නම් වැහි වැහැලා නේද? තුර්කි එකකුත් යනවා, ඔය අතරෙ ආසද සැබෑ සිදූවීම් ඇසුරෙන් නිම වෙච්ච, කොටස් 6 න් ඉවරෙටම ඉවර වෙලා යන, නෙට්ෆ්ලික්ස්ලගෙ ඇක්ෂන් පිරුන Action, Thriller, War යන කාණ්ඩයට අයිති වෙන IMDb මීටරේ 8.6 ට කරකවපු කොටසක් පැයයි විනාඩි 20 ක් දක්වා දිවෙන සුපිරි කතාවක් බලන්න? ඔව් මේකත් තුර්කි කතාවක්ම තමා, හැබැයි සුපිරියක්, යුධ කතා වලට ඒ වගේම සැබෑ සිදූවීම් ඇසුරෙන් නිම වුන කතා වලට ආස අය මඟහැරගන්න ඕනම නැති එකක්.
කතාව ගෙතෙන්නෙ වුල්ෆ් නමින් හැදින්වෙන තුර්කි පොලිස් විශේෂ බලකායක කණ්ඩායමක් වටා. එසේ මෙසේ කට්ටියක් නෙවෙයි වැඩකට බැස්සම ගේම ඉවර කරලම එන සෙට් එකක් ” අත්වැරදීම් නෑ ” යන්න ආදර්ශ පාඨය කරගනිමින් සතුරාට මුහුණ දෙන සුපිරි සෙට් එකක්, අපි ගොඩක් වෙලාවට දකින්නෙ පිරිමි ස්නයිපර් වෙඩික්කරුවොනෙ, හැබැයි Börü තුල ඉන්නෙ සුපිරි ඉලක්කයක් සහිත ස්නයිපර් වෙඩික්කාරියක්. කැප්ටන් බෙචෙට්’ගෙ නායකත්වය යටතෙ වැඩ වෙන මේ ටීම් එකේ ඉන්න අනික් අය තමා අසේනා, කයා, ටුරාන්, ටොල්ගා, බාබරොස්, බාරාන්, ඕමෙර් සහා ටුර්ගුට්. නම් අමුතුයි වගේ නේද, හැබැයි කතාව බලද්දි නම් කිසිම අඩුපාඩුවක් දැනෙන එකක් නැහෑ.
කතාව වෙනුවෙන් මේ වෙනකොට බොහෝමයක් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ අතරින් කතාවෙ ක්‍රියාදාම පැත්තට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කතාව බැලුවම තේරෙයි එහෙම වෙන්න හේතුව. මම මුලින්ම කිව්වනෙ මේක සැබෑ සිදුවීම් ඇසුරෙන් නිම වූවක් කියලා, ඔව් එහෙම තමා. හැබැයි සමාවෙන්න ඕන මේකෙ සත්‍ය කතාව පිළිබඳව අන්තර්ජාලයෙ කිසිදු විස්තරයක් අපිට හොයාගන්න බැරිවුනා, ඒ නිසා ඒ ගැන කියන්න විදිහක් නෑ. ඒකට නම් කණගාටුයි, නැත්නම් මීට වඩා ලොකු විස්තරාත්මක ලිපියක් දෙන්න තිබුනා.
ඔය තියෙන්නේ වුල්ෆ්, එහෙම නැත්නම් බෝරු කණ්ඩායමේ ඡායාරූපයක්. කතාව ගැන මම ටිකක් සඳහන් කරන්නම්. කතාව පටන් ගන්නේ නම් සමාජ ශාලාවක වෙඩි තැබීමක් එක්ක. නාඳුනන වෙඩික්කාරයෙක් සමාජ ශාලාවට ඇවිත් වටේටම වෙඩි තියලා සෑහෙන පිරිසක් මරලා දානවා. වුල්ෆ්ලා ඉන්නේ නපුර පරදන්න. හැබැයි සමහර වෙලාවට නපුර දිනනවා.
ඉතින් වුල්ෆ්ලා මෙහෙයුමකට යනවා ආණ්ඩුකාරතුමාව බේරගන්න. එයා ඉස්කෝලෙකට ගියපු වෙලාවේ ත්රස්තවාදීන් කණ්ඩායමක් එයාව අල්ලගෙන, ඒවගේම ඉස්කෝලේ ලමයි සහ දෙමව්පියෝ සෑහෙන ගානක් ඒ වෙලාවේ ඉස්කෝලේ ඇතුලේ ඉඳලා. ඉතින් ඔය සේරම ප්‍රාණ ඇපකාරයෝ. වුල්ෆ්ලාට බාරව තියෙන්නේ ආණ්ඩුකාරතුමා ඇතුළුව ප්‍රාණ ඇපකරුවෝ බේරගන්න එක. ඒත් අවාසනාවට ආණ්ඩුකාරතුමා නම් ත්‍රස්තවාදින් අතින් ඝාතනයට ලක්වෙනවා. ඒ උනාට දෙමව්පියෝ සහ ලමයි බේරගන්න වුල්ෆ්ලා ලොකු සටනක් දෙනවා. ඒ අතරතුරේ වුල්ෆ් කණ්ඩායමේ කෙනෙක්ට අවාසනාවන්ත විදියට සමුගන්න සිද්ධවෙනවා. ඒ කවුද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි.
ඉතින් පලවෙනි කොටසේ පලවෙනි මෙහෙයුම ගැන තමයි මම සඳහනක් කලේ. තව දෙවෙනි මෙහෙයුමකුත් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. ඉතින් මට මේ ලිපිය ලියන්න උදව් කරපු ලහිරු ප්‍රසාද් සහෝදරයා මේ වෙලාවේ මත කරන්න ඕන. කතාමාලාව කොටස් 6 කින් යුක්තයි. දෙවෙනි කොටස ලහිරු ප්‍රසාද් සහෝදරයා ඔයාලාට අරගෙන එයි. අනික් කොටස් ටිකට රවිඳු රුක්ෂාන්, මයුර සුරාජ්, නිලුපුල් මධුකප්‍රිය යන සහෝදරවරු උපසිරැසි අරගෙන එන්න සූදානම්. ඉතින් ලැබුවා වූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් හැමෝටම නැවතත් ආරාධනා කරනවා මේ කතා මාලාව බලන්න කියලා. ඔබට ජය!!!
” මිනිස්සු හිතන් ඉන්නේ අපි වීරයෝ කියලා..
” ඒත් අපි කවුරුවත් වීරයෝ නෙමෙයි..
” අපි මේක කරන්නේ වෙන කරන්න කෙනෙක් නැති නිසා..
” අපි තනිවුනු මිනිස්සු ටිකක් විතරයි..
” ඒත් අපිට සිද්ධවෙනවා..
” දිගටම මෙහෙම ඉඳන් සටන් කරන්න. “
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | 720p | x264 | 3.7GB |
Direct Download
| WEBRip | 720p | x264 | 674MB |
| WEBRip | 720p | x265 | 440MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Wolf A.K.A. Börü [S01 : E01] | සමහරවෙලාවට නපුර දිනනවා”
බලමු හොදද කියලා ඩවුන්ලොඩ් කලා. තැන්ක්ස්