MENU

XXX – සුපිරි නියෝජිත [Movie Collection]

1.xXx (2002)| නිදහස වෙනුවෙන්!

2002 වර්ෂයේ නිකුත්වුන Action, Adventure, Thriller කාණ්ඩයන්ට අයත්වන xxx චිත්‍රපටිය තමා මෙවර අරගෙන ආවේ! ගොඩක් අය මේ චිත්‍රපට මාලාව ගැන අහලා ඇති. ගොඩක් අය බලලත් ඇති. කොහොම වුනත්, බැලුව නොබැලුව හැමෝටම දැන් සිංහල උපසිරැසියත් එක්ක කතාව බලන්න පුළුවන්. චිත්‍රපට මාලාවක් කියලා කිව්වේ මේකේ තවත් චිත්‍රපටියක් තියෙන නිසා. ඒකටත් ඉදිරියේදී උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක කලින් බාර අරගෙන තිබිලා, “කමක් නෑ උබම කරහන්” කියලා මේක මටම භාරදුන්න අපේ විමා සහෝටත්,හසන්ත අයියාටත් (හේතුව කියන්න බෑ) ස්තූතිවන්ත වෙනවා. imdb අගය 5.8ක්ලබාගත්ත මේ කතාවට ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Vin Diesel(සැන්ඩර් කේජ්-xxx). ඒ වගේම Samuel L.Jackson”නියෝජිත ඔගස්ටස් ගිබන්ස්” විදියට රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.

කතාව මෙහෙමයි, සැන්ඩර් කේජ් නැත්නම් xxx කියන්නේ විනෝදයට එක එක විදියේ ක්‍රියාදාම කරන කෙනෙක්. කතාව පටන්ගද්දිම මෙයා කෙනෙක්ගේ කාර් එකක් හොරකම් කරනවා. හැබැයි හොරකම් කරාට ඒක තියාගන්නේ නෑ. පොලීසියත් පස්සෙන් ගෙන්නගෙන ක්‍රියාදාම ටිකක් පෙන්නලා, හැමෝටම පේන්න ඒක විනාශ කරලා දානවා. ඒක කරන අතර ඒක පටිගත කරනවා. (ඇයි ඒ කෙනාට එහෙම කරන්නේ කියලා කතාව බලද්දී තේරෙයි) ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන කෙනෙක් තමා සැන්ඩර් කේජ් කියන්නේ. එයාට මේවට උදව් කරන්නත් කට්ටියක් ඉන්නවා. ඉතින් ඔහොම දේවල් වන අතරේ දවසක් ජාතික ආරක්ෂක නිලධාරියෙක් වන ඔගස්ටස් ගිබන්ස් සැන්ඩර් කේජ්ව මුනගැහෙනවා. මුනගැහිලා ඔහුට වැදගත් මෙහෙයුමක් බාරදෙනවා. හැබැයි නිකන්ම බාරදෙන්නේ නෑ,ඊට කලින් ඔහුට එක එක පරීක්ෂණ දෙනවා ඔහු මේ වැඩේට ගැලපෙනවද බලන්න. ඉතින් මොනාද මේ පරීක්ෂණ? මොනාද සැන්ඩර්ට බාරදෙන්නේ? ඇයි සැන්ඩර් මේක බාරගන්නේ? කියන ඒවා දැනගන්නත් එක්ක මේ චිත්‍රපටිය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. හොද ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් කලින් කිව්වා වගේ මේකෙම දෙවන චිත්‍රපටය වන XXX State Of The Union චිත්‍රපටියත් ඉදිරියේදී අරන් එන්නම්! එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

2.xXx: State of the Union (2005)| නව මෙහෙයුමක්!

ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය…

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න එහෙනම් කිව්වා වගේ අද අරගෙන ආවා! එහෙනම් යමු ෆිලුම පැත්තට.

2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb 4.3ක අගයක් තමා අරගෙන තියෙන්නේ. කලින් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දායක වුන Vin Diesel නම් මේකේ නෑ. මේකේ ප්‍රධාන චරිතය වන අළුත් xXx නියෝජිතට රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය නළු Ice Cube. ඒ වගේම සුපුරුදු පරිදි Samuel L. Jackson නියෝජිත ඔගස්ටස් ගිබන්ස් විදියට රංගනයෙන් දායකවෙනවා. කතාව මෙහෙමයි.

මේකේ පලවෙනි චිත්‍රපටිය බලපු අයට කතාව මොනවගේද කියලා පැහැදිලි ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදීම ජාතික ආරක්ෂක ආයතනයට (NSA)ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒවගේම මේ ප්‍රහාරයෙන් නියෝජිතයින් 16ක් පමන මියයනවා. ඉතින් මේක ගැන විසදන්න තමා ගිබන්ස් අළුත් xXx කෙනෙක්ව මෙහෙයුමට යොදවන්නේ. හැබැයි මේ මෙහෙයුම ලේසි පහසු එකක් වෙන්නේ නෑ ඒවගේම මේ දේවල් ඔක්කොම කුමන්ත්‍රණයක් කියලා කට්ටියට දැනගන්න ලැබෙනවා. ඉතින් xXx කොහොමද මේ මෙහෙයුම කරන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් මේ මාසයේදී නිකුත්වීමට නියමිතයි. ඉතින් ඒකටත් ආව ගමන් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

දර්ශන ඒකනායක සොහොයුරා විසින් පළ කර තිබූ ලිපිය…

හලෝ, කොහොමද ඉතින්. මගේ පලවෙනි post එක ඔයාලා බලන්න ඇතිනේ. මතකද Jumanji film එක. මේ මගේ දෙවෙනි post එක. අද මම හිතුවා ඔයාලට දෙන්න IMDB එකට වැරදුන තැනක් ගැන. මොකද මේ බයිස්කෝප් එක imdb rating 4.1/10 පමණ අඩු අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. ඔයාලා මේ බයිස්කෝප් එක බලලා මට කියන්නකෝ මේකේ නියම rating අගය කොච්චරක් විතර තියෙන්න ඕනේද කියලා. මෙහි පළමු කොටස 2002 දි තිරගත වුනා. ( එහි ප්‍රධාන චරිතය Vin Diesel විසින් රග දැක්වුවා). මෙම බයිස්කෝප් එක Lee Tamahori ගේ අධ්‍යක්ෂණයක් වන අතර, මේකේ Ice Cube, Willem Dafoe, Scott Speedman, Samuel . L. Jackson.. වැනි අතිදක්ෂ නළු නිළියන් ගොඩක් රඟපානවා. පටන් ගත්තවෙලේ ඉදලම සටන් ජවනිකා වලින් පිරුනු මේ බයිස්කෝප් ඒක මෙච්චර අඩු imdb rating අගයක් අරන් තියන එක පුදුමක්. මේක මුලින්ම තිරගත කරන ලද්දේ 2005 හේ අප්‍රේල් 29 වන දිනය. මෙම බයිස්කෝප් එකේ කතා කාලය මිනිත්තු 101ක්. මෙම බයිස්කෝප් එක Action, Crime, Adventure ගණයට අයත්වේ. මේ movie එකේ Budget එක සදහන් වෙන්නේ $87 million ලෙසයි.

මම කතාව පොඩි කොටසක් කියන්නම්. ඒත් මට ලෝබයි වගේ. මොකද මේක ඔයාලම බලලා රසවිඳින්න ඕන කතාවක්…

Darius Stone ව (ඒ කියන්නේ Ice Cube) බඳවාගන්නවා xXx හි අලුත් නියෝජිතයා විදිහට. ඊට පස්සේ අලුත් නියෝජිතයත් සමග Gibbons ( ඒ කියන්නේ Samuel . L. Jackson ) යනවා Washington, D.C. වෙත…

ඇයි ඒ යන්නේ, මොකටද යන්නේ, කියලා ඔයාලම බලා ගන්නකෝ. අනික මේක පටන් ගද්දිම තියෙන්නේ මරු fight එකක්. තව මරු මරු game ගොඩාක් තියනවා. ඉතින් මම තාම අලුත්නේ. මම බලාපොරෝත්තු වෙනවා ඔයාලා මේකට Comments ගොඩාක් දෙයි කියලා.

3.xXx:Return of Xander Cage (2017) | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ!

මේ වසරේ නිකුත්වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවේ! අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන මතක් කලොත්, ප්‍රධාන චරිතය වන සැන්ඩර් කේජ් විදියට සුපිරි නළු Vin Diesel,සුරූපී ඉන්දීය නිලි Deepika Padukone(දීපිකා අක්කගේ පලවෙනි හොලිවුඩ් නිර්මාණය තමයි මේ :-)), Donnie Yen,Tony Jaa,වගේම දෙවෙනි චිත්‍රපටියේ xXx වුන Ice Cube,සහ සුපුරුදු පරිදි Samuel L.Jackson රංගනයෙන් දායක වෙනවා. ඒවගේම සුපිරි පාපන්දු ක්‍රීඩක Neymar එහෙමත් මේකෙ ඉන්නවා. එහෙනම් කතාව ලාවට වගේ කියන්නම්..

මුලින්ම කියන්න ඕනේ මේ කතාව හරියට තේරුම්ගන්න නම් කලින් චිත්‍රපට දෙක බලන්න වෙනවා. මොකද කලින් සිද්ධියම නොවුනත් කතාව සම්බන්දයි. ඔන්න මේ වතාවෙත් ගිබන්ස් අලුතෙන් xXx වැඩසටහන ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ගිබන්ස් දන්නවා මොකක්හරි සිදුවීමක් වෙන්න යන බව. ඉතින් ඔන්න ඔතනදී තමයි ගිබන්ස් ඉන්න තැනට චන්ද්‍රිකාවක් කඩාපාත්වෙන්නේ. :-). මේ චන්ද්‍රිකා සියල්ලක්ම පාලනය කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා පැන්ඩෝරා පෙට්ටිය කියලා. මෙතනදී ඒ පැන්ඩෝරා පෙට්ටිය කණ්ඩායමක් විසින් හොරකම් කරනවා. ඉතින් මේක ආයෙත් ලබාගන්න තමා අපේ වීරයා වන සැන්ඩර් කේජ්ව කට්ටිය ආයෙත් බදවගන්නේ. හැබැයි දෙවෙනි කොටසේදී කියන්නේ සැන්ඩර් මැරුනා කියලානේ. ඒත් සැන්ඩර් ලෝකයට මැරුනා වගේ පෙන්නලා තාමත් ජීවත්වෙනවා. එහෙනම් මොකක්ද මේ චන්ද්‍රිකා, පැන්ඩෝරා පෙට්ටියේ හුටපටේ කියලා කතාව බලලාම දැනගත්තනම් හොදයි නේද? මං කතාවේ කුතුහලය නැතිකරන්න අකමැති නිසා වැඩි දෙයක් කියන්න කැමති නෑ. මොනාවුනත් මේකේ ඇක්ෂන් ටිකනම් සුපිරියි ඈ! කලින් ෆිල්ම් දෙකේ ලින්ක් දෙකත් යටින් දාලා ඇති එහෙනම්. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

තාම මේකේ Hchd කොපි තමා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ කොපිය බලන්න පුළුවන් තත්වයේ නම් තියෙනවා. හැබැයි කොරියන් සබ් එකත් හාඩ්කෝඩ් කරලයි තියෙන්නේ. ඒ නිසා හදිසි නැති අය හොද කොපියක් එනකම් ඉවසලා ඉමු. ආව සැනින් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්.

ඔබ දන්නවාද? xXx චිත්‍රපටි තුනේම සිංහල උපසිරැසි ලබාගත හැක්කේ බයිස්කෝප් අඩවියෙන් පමනක් බව. :-()

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.xXx (2002)| නිදහස වෙනුවෙන්!

Torrent Download

| Bluray | x264 | 720p | 890MB | YIFY |

 

Direct Download

| Bluray  | x264 | 720p | 890MB | YIFY |

2.xXx: State of the Union (2005) | නව මෙහෙයුමක්!

Torrent Download

| Bluray | x264 | 720p | 800MB | YIFY |

 

Direct Download

| Bluray  | x264 | 720p | 800MB | YIFY |

3.xXx:Return of Xander Cage (2017) | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ!

Torrent Download

| Bluray | x264 | 720p | 790MB | YIFY |

 

Direct Download

| Bluray  | x264 | 720p | 790MB | YIFY |

4.xXx:Movie Collection

Direct Download

| Bluray  | x264 | 720p | 2.4GB | YIFY | Collection |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “XXX – සුපිරි නියෝජිත [Movie Collection]

  • ashan lankanath

    The good lie 2014,I am sam 2001,movie torrent link ekath denna …………………..

    Reply
  • ruchira Tharanka

    direct download link ekak wath wada naane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *