MENU

Yeo-gok-seong (2018) AKA The Wrath | ඇගේ විලාපය…

කාලෙකින් කොරියානු හොල්මන් චිත්‍රපටියකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. 2018 නොවැම්බර් 8 තිරගත වුණු මේ චිත්‍රපටිය සෑහෙන ප්‍රසිද්ද වුණේ නම් නැහැ. ඒ නිසාමද මන්දා imdb රේටින් වලින් 5 ක වගේ අඩු අගයක් තමයි අරගෙන තියෙන්නෙ.

ඒත් මට නම් හිතට ඇල්ලුවා, ඒ නිසා උපසිරැසිය කළා. මේ කතාව ගැන කියනවනම් ටිකක් අතීත කාලෙදි තමයි මේ සිද්දිය වෙන්නෙ. වංශවත් පවුලක් ඉන්නවා.මේ පවුලෙ පිරිමි ළමයි කසාද බඳින දවසෙ රෑම මැරෙනවා.ඒක මේ පවුලට වැදුනු ශාපයක්.පලවෙනි දෙවැනි ළමයි දෙන්න මැරුණට පස්සෙ තුන්වෙනිය උත්සහ කරන්නෙ මේ ශාපෙන් මිදෙන්න. ඒ තමයි අදාළ නපුරු ආත්මෙ, එහෙමත් නැත්තන් හොල්මන විනාශ කරලා. ඒත් එයාට ඒක කරන්න නම් බැරි වෙනවා. ඒත් මෙයාගෙ බිරිඳ ගැබ් ගන්නවා. ගෙදර ඉන්න පහත්ම ලේලි තමයි මේ අළුත් මනමාලි. අනිත් ලේලිලාගෙන් සහ නැන්දම්මගෙන් මෙයාට නොසෑහෙන අපවාද අඩු සැලකිලි තමයි ලැබෙන්නෙ. මේ ගෙදර සෑහෙන්න අමුතු දේවල් වෙද්දිත් මේ කෙල්ල ළමය ගැන හිතල ගෙදරින් යන්නෙ නෑ.ටික කාලෙකින් නපුරු නැන්දම්මා හදිස්සියෙම හොඳ වෙන්න ගන්නවා. ඒ වගේම තමයි මේ ගෙදර ගබඩාවෙ කාමරේක හිරකරල හංගල හිටපු මාමණ්ඩිත් සනීප වෙනවා. මේ සේරටම හේතු වුණේ මේ අළුත් ලේලි කියල එයාට හොඳ සැලකිලි ලැබෙනවා. ඒත් කාලෙකින් මේ නැන්දම්මත් ගැබ් ගන්නවා. ඊට පස්සෙ මේ පහත් ලේලිටයි එයාගෙ බඩේ ඉන්න දරුවටයි යහපතක් වෙන්නෙ නැති වග එයාට තේරෙනවා.

ඉතින් කතාවෙ සාරාංශය ඔහොම තමයි. කතාව බලද්දි තේරෙයි මොකද වෙන්නෙ කියලා. හොල්මන් වලට කැමති අය අරගෙන බලන්න. ඉස්සරහට තවත් උපසිරැසියක් අරන් එනකල් මේක බලල සතුටින් ඉන්නකො හොඳේ.

බුදුසරණයි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 710MB 

Direct Download

| Bluray | x264 | 720p | 710MB 

| Bluray | x265 | 1080p | 850MB 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Yeo-gok-seong (2018) AKA The Wrath | ඇගේ විලාපය…

  • Thank you. Wade ekenma niyamai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *