MENU

Zoo [S03 : E13] | සියල්ලේ අවසානයද?

කෙසේද හිතවතුනි. ඔන්න එහෙනම් රැගෙන ආවා zoo 3වන කතාමාලාවේ 13වන කොටස. එනම් කතාමාලාවේ අවසාන කොටහා. කට්ටිය එහෙමනම් බලමුකෝ අද මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා.

කොහොමහරි ඇබිගේල්ගේ උවදුරෙන් බේරිලා කණ්ඩායමේ අය බබාවයි, මළ මිනිහගේ ස්විච් එකයි අරගෙන බාධකය ඇතුළට ආවනේ. ඒ වගේම කට්ටිය දැක්කනේ කලින් කොටහේ අන්තිම හරියේ ජැක්සන්ට වසර 20ක් තමන් මැරිලා කියලා හිතාගෙන හිටිය එයාගේ පුතාව ආයෙත් හම්බ උනා කියලා. ජැක්සන් කොහොමහරි හයිබ්‍රිඩ්ලා එක්ක සටන් කරලා සෑම්ව බේරාගත්තත් එක්කනේ.

ඔන්න අද මිච් ක්‍රමයක් හොයාගෙන යනවා සංඥා ටික අක්‍රීය කරන්නෙ කොහොමද කියන කාරණෙ දැනගන්න. ඒත් ඉතින් සංඥා අක්‍රීය කරන්නත් බැරි නිසා වගේම ඒවගේ බල සැපයුම නවත්තන්න විදිහකුත් නැති හන්දාම මිච්ට තව එක අදහසක් පහළ වෙනව. ඒ තමයි සියළුම සංඥාවල බල සැපයුම එක සංඥාවට යොමු කරවන එක. ඉතින් මුළු ලෝකේ වටේම තියෙන සංඥා ටික අක්‍රීය කරලා ශාන්ත ලුවිස්වල ඒ කියන්නේ ඇමෙරිකාවේ තියෙන සංඥාවට බල සැපයුම පරිවර්තනය කිරීමක් කරනවා. මේ සිද්දියත් එක්කම මහා හයිබ්‍රිඩ්ලා තොගයක් බාධකය දිහාට ඇදීගෙන එනවා. ඉතින් මේ මහා හයිබ්‍රිඩ් සේනාවත් එක්ක බාධකයේ ඉන්න හමුදාවන් යුද වැදුනත් ඉක්මනටම සංඥාව අක්‍රීය නොකළොත් බාධකය බිද වැටෙන තත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් මිච් ක්‍රමයක් හොයාගෙන යද්දී හොයාගන්නවා සංඥාව ළගට ලං වෙන්න පුළුවන් එකම පුද්ගලයා වෙන්නේ ජැක්සන් කියලා. ඊට පස්සේ ජැක්සන්ට තමයි මෙහෙයුමේ අතිශය වැදගත්ම කොටසක් බාරවෙන්නේ.

කොහොමහරි ඔය අල්ලපනල්ලේ ඇබිගේල් ක්ලෙම්ගේ බබාවත් පැහැරගෙන යනවා. අදත් කණ්ඩායමේ සාමාජිකයෙක් ජිවිතයෙන් සමු ගන්නවා. ඒ වගේම ලෝකයේ ඉරණමට මොකක් වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න.

zoo කතාමාලාව මෙතෙකින් අවලංගු කරලා කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. එහෙමනම් මෙතෙකින් මතුව අපි නෑ යළි හමුවෙන්නේ. මේ කතාමාලාවට උපසිරසි කිරීමට මා වෙත සහය දුන් යසිරු හසරංග සහොටත්, රවිදු තේනබදු සහෝටත් මාගේ ස්තුතිය. මෙතෙක් කල් කතාව සමග රැදී සිටිය ඔබ සැමටත් ජයෙන් ජය!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 310MB |

FF188767AA2596805BD2FAF0566B4BE8FC30CC41

Direct Download   

| HDTV | LOL | x264 |  310MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *