MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E01-02 | සුරදූතයෙකුගේ අවසන් මෙහෙයුම – ආදරයද?

ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් කියලා මම කිව්වොත්, ඒ ගැන එකඟ නොවෙන කෙනෙක් ඉඳීවි කියල මම හිතන්නේ නෑ. මොකද ආදරය කියන්නේ, ඒ තරම්ම අපි කාට කාටත් සමීප දෙයක් නිසා. ඒ වගේම ආදරය කොයි මොහොතේ, මොන වගේ කෙනෙක් ගැන ඇති වෙනවද කියන්න කවුරුවත් දන්නෙ නෑ. ආදර‍යට දුප්පත්-පෝසත්, උසස්-පහත්, කළු-සුදු බේදයක් ඇත්තෙත් නෑ. ඉතිං ඒ වගේමයි සුරදූතයෙක් සහ මනුෂ්‍යයෙක් අතරත් ආදරයක් ඇති වෙනවා නම්, එක දෙවියන්ට වත් නවත්වන්නත් බැහැ…

මේ වසරේ මැද භාගයේ තිරගත වුණු “ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව්” කියන කතා මාලාවට පදනම් වෙලා තියෙන්නේ සුරදූතයෙක් සහ ආදරය ගැන විශ්වාසය නැති වුණු යුවතියක් අතරේ ඇති වෙන ආදරයක් කතාවක් ගැනයි. මේ කතා මාලාව IMDB 7.5ක අගයක් වගේම, MyDramaList වර්ගීකරණයේ 8.6ක ඉතාමත්ම ඉහල අගයක් ලබා ගන්න සමත් වීම ඇත්තටම පුදුම වෙන්න කරුණක් නෙවෙයි. කොරියානු කතා මාලාවන් නරඹා හුරු පුරුදු අයට, හොඳින් දන්නා හඳුනන ඉතාමත් දක්ෂ නළු නිළියක් කිහිප දෙනෙක්ම මේ කතා මාලාව තුළින් ආයෙමත් දැක බලාගන්න පුළුවන් වේවි…

කතාව පැත්තට හැරෙනවා නම්, කිම් දන් කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙළිලොල් තරුණ සුරදූතයෙක්. ඔහුට තමයි අසරණ සතුන්ට දිව්‍යලෝකයට මගපෙන්වන භාර වෙලා තියෙන්නේ. තමන්ගේ සේවා කාලය අවසන් කරලා නැවත දිව්‍යලෝකයට පිටත් වෙලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසේ අහම්බෙන් ඔහුට එක්තරා අන්ධ යුවතියක් හමු වෙනවා. ඒ මොහොතෙන් පස්සේ ඔහුගේ ජීවිතය උඩුයටිකුරු වෙන්නේ, ඔහුවත් බලාපොරොත්තු නොවුණ විදියටයි. ඉතිං කවුද මේ යුවතිය, ඇගේ තියෙන විශේෂත්වය මොකක්ද, ඇයව ඔහුගේ අතීතයට සම්බන්ධ වෙන්නෙ කොහොමද, ඔවුන්ට එකිනෙකා සමග ආදරයෙන් බැඳෙන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙයිද, ඔවුන්ගේ ආදරයේ අනාගතය මොකක් වෙයිද, කියන ප්‍රශ්ණ වලට පිළිතුරු දැන ගන්න නම්, දිගටම අපත් සමග රැඳී ඉන්න කියල ඉල්ලනවා.

ඉතිං මේ කතා මාලාවේ පළවෙනි හා දෙවෙනි කතාංග රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

Direct Download

| WEBRip | x264 | 540p | 200MB |

HEVC – x265

| WEBRip | x265 | 720p | 380MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

10 thoughts on “දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E01-02 | සුරදූතයෙකුගේ අවසන් මෙහෙයුම – ආදරයද?

Leave a Reply to Duvira ishan Cancel reply

Your email address will not be published. Required fields are marked *