MENU

12 Monkeys [S03 : E02] | රැකවලුන් ගේ පැමිණීම

ඉතිං දෙවන කතාමාලව ගැන පොඩ්ඩක් මතක් කළොත්, 1957 දී සිදුවන විරුද්ධාභාෂය නිසා 2044 දී ඇතිවන කුණාටුවක් නිසා පහසුකම, යන්ත්‍රය යන සියල්ල විනාශ වෙනව. නමුත් එම විනාශයට පෙර එම විරුද්ධාභාෂය නතර කිරීමට කෝල් සහ කැසී 1957 වෙත යවනවා. ඒ වගේම රැම්සේ, ජෙනීෆර්, හැනා ඇතුළු දියණියන්ගේ පිරිස ටයිටන් සොයා යනවා. ඒ වගේම 1957 ට යන කෝල්ට සහ කැසීට එම විරුද්ධාභාෂය නතර කිරීමට නොහැකි වෙනවා. ඉතිං එම විරුද්ධාභාෂය මගින් ඇතිවන පිපුරුමෙන් කැසීව කෝමා තත්වයට පත්වෙනවා. ඒ වගේම ඇයට සිහිය පැමිණෙන්නේ මාස 6 යකට පසුව. ඉතිං ඒ වනවිට කෝල් ඇයව දමා ගිහින්. ඒ වගේම කෝල් භාවිතා කරන අනිත් නමින් ඇය ඔහු ගැන සොයනවා. ඒ වගේම ඔහු පදිංචි වී සිටින ස්ථානයක ලිපිනයක් ඇයට ලැබෙනවා. කැසී කෝල්ව හොයාගෙන එහි යනවා. ඉතිං ඔවුන් දෙදෙනාට 1958 ම රැදී සිටීමට සිදුවෙනවා. ඒ 2044 යන්ත්‍රය විනාශ වී ඇති ඇති නිසා. ඒ වගේම 2044 දී රැම්සේ, වෛට්ලි, ඩීකන් හා හැනා සාක්ෂිකරුව සොයාගෙන ටයිටන් තුලට යනවා. එලෙසින්ම ඔවුන් සාක්ෂිකරුව සොයාගන්නවා. නමුත් ඔවුන් නොසිතන පරිදි එතෙන්ට සාක්ෂිකරුගේ පිරිස පැමිණ ඔවුන් සියලු දෙනාම මරා දමනවා. ඉතිං කැසී සහ කෝල් 1958 ම ජීවත් වීමට සිතනවා. ඒ වගේම කැසීට කෝල්ගෙන් දරුවෙකු ලැබීමට යනවා. නමුත් කෝල්ට හමුවෙන අයෙක් පවසන දෙයින් ඔහු රතු තේ පානය මගින් නැවතත් අතීතය වෙත යනවා. අතීතය වෙත ගොස් විරුද්ධාභාෂය වීම නතර කරනවා. ඒ වගේම එම විරුද්ධාභාෂය නතර කිරීම නිසා අනාගතයේ සිදුවන විනාශය නතර වී ඔවුන් නැවත 2044ට යනවා. ඉතිං කලින් වුණ හැමදේම එයින් වෙනස් වෙනවා. ඔවුන් එකතුවී ටයිටන් වෙතට පහර දෙනවා. නමුත් එහි සාක්ෂිකරු සිටින්නේ නැහැ. ඒ වගේම ටයිටන් යනු ඔවුන්ගේ කාල යන්ත්‍රය බව ජෝන්ස් සොයාගන්නවා. ඒ වගේම එය ක්‍රියාකිරීමට පටන් ගන්නා බැවින් හැමදෙනාම එයින් ඉවතට පැමිනීමට කටයුතු කරනවා. නමුත් ඩීකන් සාක්ෂිකරුගේ පිරිසෙන් ඝාතනයට ලක්වෙනවා. ඒ වගේම ජෙනීෆර් 1917 ප්‍රංශ – ජර්මන් යුද්ධය වෙතට කාල තරණය වෙනවා. නමුත් කැසීට ටයිටන් වලින් පිටවීමට හැකිවන්නේ නැහැ. සාක්ෂිකරුගේ පිරිස පැමිණ ඇයව අල්ලා ගන්නවා. ඒ වගේම දැන ගැනීමට ලැබෙනවා සාක්ෂිකරු යනු වෙනකිසිවෙකුත් නොවේ කැසීගේ සහ කෝල්ගේ දරුවා බව.

ඉතිං ඒ විදිහට තමයි දෙවන කතාමාලාව අවසන් වුනේ. ඒ වගේම තුන්වන කතාමාලාව ආරම්භ වෙන්නේ එතැන් සිට. එහෙනම් තුන්වන කතාමාලාව සමග එකතුවෙන්න කියල ඉල්ලා සිටිනවා. ඉතිං ඉතුරු කොටස් නමයටත් හැකි ඉක්මණින් උපසිරැසි ලබාදෙන්නම්. ඒ වගේම මෙහි 4 වැනි කතාමාලාවකුත් නිකුත්වන බව දැනට සදහන් වෙනවා. ඒ ගේම එය දැනට ආරංචිවෙන පරිදි 2018 තමයි විකාශය වෙන්නේ. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 154MB |    

e9f78eeade814059730aa694f60c9b314535e6d8

| HDTV | x264 | SVA | 218MB |    

73fa06ef1f762244e40a77402d02632b3def608d

| HDTV | x264 | 720p | 820MB |    

14d1058eec442a141aad6315f9927ff2e1ab78ba

| HDTV | x265 | 720p | 159MB |    

3220714ea5969d7d4b4999aff90bda8799edec8f

Direct Download

      | HDTV | x264 | 480p | 122MB |         

| HDTV | x264 | SVA | 218MB |         

| HDTV | x264 | 720p | 821MB |           

   | HDTV | x265 | 720p | 136MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *