MENU

13 Reasons Why [S02 : E04] |බොරු සහ රහස්….

ඔන්න එහෙනම් මේ සුදානම සිව්වැනි කොටසත් එක්ක ඔබ හමුවෙන්නයි. මේ වෙනකොට හෝඩුවාවන් මතු වෙන්න පටන් අරගෙන බ්‍රයිස්ට විරුද්ධව. නමුත් තවමත් නිතිය නිහඬයි… ඒ වගේම කතාව බොහොම අගේට හැනාගේ පැත්තෙන් අපි මුල් කතා සමයේ ඇහුව කතාව අනෙක් කොණවලින් ඔවුන්ගේ හඬින් එකිනෙකා කොයන්නට පටන් අරගෙන… වැඩි කතා නැතුව මෙතෙක් කතාව පොඩ්ඩක් මතකයට නගාගෙන ඉම්මු…

මෙතෙක් කතාව,

පසුගිය කොටස බොහොම කාලයක් වෙන් කලේ ජෙසිකා සහ ජස්ටින් වෙනුවෙන්. ඔවුන් දෙන්නම බ්‍රයිස් නිසාවෙන් තමුන්ගේ ජිවිත විනාශ වූවන්… නමුත් කතාව තුල ඔබ දකින්න ඇති ඔවුන් දෙදෙනා ඊට මුහුණ දෙන ආකාරය බොහොම වෙනස්… කතාව ඔවුන්ගේ පසුබිමින් ඒක බොහොම අගේට ගෙනහැර දක්වන්න සමත් වුනා. ඒ ජෙසිකා උසාවියේ සාක්ෂි දෙන අවස්ථාවේ, ජස්ටින් මහමග හිගමන් අයදින ලෙසින්… නමුත් ඉතින් මේ පැනගිය සාක්ෂිකරුවා හොයාගෙන ක්ලේ, ටෝනිත් එකක් යන සවාරිය වගේම ඉන් පස්සේ ඔවුන් ඔහුව රැගෙන එක හැටිත්, ජස්ටින් කොහොමවත් කලින් හිටිය කෙනා නොවන බවත්, මේ ප්‍රශ්න නිසාවෙන්ම ඔහුගේ අලුත් නරක පුරුද්දත් ඔබ දකින්න ඇති කියලා හිතනවා…. මේ සිල්ල අතරේ ඇලෙක්ස් තවමත් තමුන්ගේ මතකය එකක් පොර බදනවා… ඒ එක්කම බේකර් නෝනා ජෙසිකාට ලං වෙන්න, ඇයගේ ඇත්ත එලියට ගන්න උත්සහ දරපු හැටි මතක ඇති කියල හිතනවා…නමුත් ජෙසිකා තවමත් සුදානම් නැහැ ඇයගේ ඇත්ත ලෝකයට හඬගා කියන්න… හොඳයි දෙවැනි වතාවට ලෝකයට හඬගා කියන්නට… ඔය වගේ පසුබිමක ස්කයි අතුරුදහන්… ක්ලේ නව මෝටර් රථයක හිමිකරුවෙක්… ජස්ටින් ක්ලේගේ නිවසේ අමුත්තෙක් හැටියට තමයි කතාව අවසාන වුනේ….

ඉතින් එහෙනම් වැඩි කතා නැතුව මේ කොටස ගැන පොඩ්ඩක් බලමු, කොහොමත් වැඩි දෙයක් කියන්න බැහැ මේක ඔබ නැරඹිය යුතු කතාවක්…

අද කතාව,

අද දවස උසාවියේ මාකස් වෙනුවෙන් තමයි වෙන් වෙන්නේ… නමුත් දේශපාලඥයෙකුගේ පුතෙකු වීම මාකස් බොහොම අගේට යොදාගන්න හැටි ඔබට අද දකින්නට හැකි වේවි. ඒ වගේමයි අද මේ දුෂකයන්, බොරුකාරයන්ට විරුද්ධව අලුත් හස්තයක නැගී සිටීමත් ආරම්භ වෙනවා… ඒක මොන පැත්තකට යාවිද කියන එක නම් ඇත්තටම බලන්න ඕන ඉස්සරහට… නමුත් ඔවුන් හොඳ වැඩ කොටසක් කරල තමයි අද කතාවේ මතු වෙන්නේ. ඒ වගේම සැක්ට බ්‍රයිස්ගෙන් ගැලවීමක් නැහැ වගෙයි…. මේ සියල්ල එකක් ජස්ටින් මත්බවෙන් මිදෙන්න දුක් විදින හැටි අද දැකගත හැකිවේවි… ඒ වගේමයි මෙතෙක් නිහඬ බේකර් මහත්තයා අද කතාවට එන්නේ තවත් කෝණයක් වෙනුවෙන් කතාව විවර කරමින්… මේ සියල්ල එකක් බේකර් නෝනා තවමත් ජෙසිකාගේ කතාව ඉස්සරහට ගෙන්න වෙර දරනවා වගේම… ක්ලේට තවත් පින්තුරයක් අද ලැබෙනවා…

ඉතින් ඔය අද කතාවේ සිදුවීම් ටිකක්, බලන්න මේ කොටසත්, ඉක්මණින් ඊලග කොටසත් ඔබට ලැබෙයි…එහෙනම් නැවතත් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා…!!!

ඔයා මගේ කතාව මට කියන්න ඕන වුන විදිහට ඇහුවා, නමුත් හැම කතාවකටම හැමවෙලේම තවත් පැත්තක් තියනවා. – හැනා බේකර්

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 720p | 3.6GB | Complete S02

96cbdc491a0581703baa36b424aec8975a90b2f2

Direct Download

| WEBRip | x264 | 480p | 215MB |

   

| WEBRip | x265 | 720p | 315MB |

   

| WEBRip | x265 | 720p | 3.6GB | Complete S02

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *