ජස්ටින් ආපහු ඉස්කොලේටත් ආවා. ඇවිත් බ්‍රයිස්ට තර්ජනය කලා. බ්‍රයිස් ඒකට ප්‍රතිප්‍රහාරයක් හැටියට ජස්ටින්ගේ පවුල ඇදලා අරන් සවුත්තුවට ලක් කරලා යන්න ගියා. කකුළුවා මෙට්ටේ තියන්න බැහැ කියලා කතාවක් අහලා ඇතිනේ. ඒ වගෙ තමයි ජස්ටින් කියන්නෙත් ගලේ ගහලා හෝදලා ගත්තත් පරණ පුරුදු එයාට අත්හරින්න බැහැ. මේ නිසාම ජස්ටින් ඉස්කෝලේ අදුරන කොල්ලෙක්ගෙන් හෙරොයින් අරන් ගිහින් ක්ලේගෙ ගෙදර ඉදන්ම ඒවා පාවිච්චි කරනවා. නිකන් නෙවෙයි වැඩියෙන් පාවිච්චියට අරගන්නේ. එයාගේ වෙලාවට තමයි ඇලෙක්ස් එහෙට ඇවිල්ලා බැරි බැරි ගාතෙම ජස්ටින්ව අනික් පැත්ත හරවලා උගුරේ හිරවෙලා තිබුණු වමනේ ටික එලියට අරගන්නේ.
ඒවගේම ගිය කොටසෙදි තමයි හැනාගේ අම්මයි තාත්තයි සාක්ෂි දුන්නේ. ඒ වෙලාවේදී තමයි හැනාගේ තාත්තගේ කටින්ම කියවෙන්නේ තමන්ට වෙනින් ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා හැනා දැනන් හිටියා කියලා. ඔයාලට මතක ඇතිනේ හැනාගේ තාත්තා වෙනින් ගෑනු කෙනෙක්ව සිපගන්නවා හැනා ඈත තියා වුනත් දැක්කා කියලා. මාකස් හැනාව රවට්ටන් එයාගේ කලව අල්ලපු එකටම සම්පුර්ණ ටේප් එකක් වෙන් කරලා තිබුණා නම්, සැක් හැනාටත් වඩා තමන්ගේ ලොකු කරන් දැගලුවා කියලා එයාටත් වෙනමම ටේප් එකක් තිබ්බා නම් එච්චර දෙයක් කරපු හැනා ඇයි තමන්ගේ තාත්තා ගැන ටේප් එකක් නොතිබ්බේ කියලා ප්‍රශ්ණයක්. මොකද අත්දැකීමෙන් අත්විදලා නැති වුනත් තමන්ගේ අම්මා හො තාත්තා වෙනත් ඇසුරක් හොරෙන් පවත්වන් යනවා කියලා ඇස් දෙකටම අහු වුණාම මොන තරම් දුකක්, වේදනාවක් දැනෙනවද කියලා බලන් ඉන්න අපිට කියන්න අමාරුයි. කොහොම නමුත් හැනාගේ තාත්තට හැමදේම උසාවියෙදි වමාරන්න වුණා.
පරම්පරාගත මානසික රෝග නිසා හැනාගේ අම්මා විතරක් මානසික චිකිත්සකවරයෙක් මුණ ගැහුණු එකටත්, හැනා ගැන හොයලා බලලා එයාගේ ප්‍රශ්නේ ගැනත් හොයලා එයාව මානසික චිකිත්සකවරයෙක් වෙතට යොමු නොකරපු එකට හැනාගේ අම්මට වැරදිකරු වෙන්න වුණා සොන්යාගේ ප්‍රශ්ණ කිරීමේදී. ඒ කාරණාවල නම් ඇත්තක් නැත්තේම නැහැ. ඒ නිසා ඉතින් ඉස්කොලෙටම වරද පටවන්නත් අමාරුයි. ස්කයිගේ හදිසි රෝගාතුර වීම නිසා එයා ඉන්නේ ඈත තියෙන මානසිකව සෞඛ්‍ය සේවය සපයන තැනක. ක්ලේ එයාව බලන්නත් ගියා. හිටියට වඩා නම් දැන් ස්කයි එහෙ හොදින් ඉන්නවා වගෙ කියලා පෙනුණේ එයාලට ලැබිලා තියෙන ප්‍රතිකාරත් එක්කම. ඒවගේම ස්කයි ආයෙමත් හිටිය දිහාවට එන්නේ නැති බවකුත් දැනගන්නට ලැබුණා.
අද කොටස ගැන කියනවනම්, මේ කොටස පාදක වෙලා තියෙන්නේ හැනා උදව් ඉල්ලන් ආවත් සංවේදී බවින් පිරිලා ඉතිරිලා හිටිය ගුරු උපදේශක දෙපලගේ සාක්ෂි දීම ගැනයි. විශේෂයෙන්ම මේ කොටස සම්බන්ධ වෙන්නේ කෙවින් පෝටර් වෙතට. එයා උසාවියට මොන තරම් බොරු කරනවද, බොරු කියනවද කියලා අද කොටස බලන ඔයාලට දැනගන්න ලැබේවි. ඒ විතරක් නෙවෙයි හැනාගේ හඩපට අන්තර්ජාලයට නිකුත් කලේ ක්ලේ කියලා කට්ටිය දැනගත්තට පස්සේ මොනවයින් මොන දේවල් වලට ක්ලේට මුහුණ දෙන්න වෙයිද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
එහනෙම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!
Torrents Download
| WEBRip | x265 | 720p | 3.6GB | Complete S02
96cbdc491a0581703baa36b424aec8975a90b2f2