MENU

13 Reasons Why [S03 : E04] | ටයිලර්ගේ අවසන් ආයුධය හා බ්‍රයිස්ගෙ මරණය…

පෙර කොටසින්

කලින් කොටස ගැන මතක් කරනවානම්, ඒකෙදී දැකගන්න ලැබුනා බ්‍රයිස්ගේ මරණය ගැන මුළු ලිබර්ටි උසස් පාසල ඇතුලෙ කතාවෙන්න පටන් අරන් තිබුණු හැටි. ඒවගේම ක්ලේ, ආනී දෙන්නාගේ විමර්ෂණ ගමනේ බ්‍රයිස්ගේ මරණේ ඊලග සැකකරුවා වුණේ ජෙසිකා. මොකද දෙවෙනි සීසන් එකේ නඩු සිද්ධීන් වලින් පස්සෙත් ජෙසිකා ඇවිල්ලා බ්‍රයිස්ව මුණගැහිලා තියෙනවා. බ්‍රයිස් ජෙසිකාගෙන් සමාව ඉල්ලුවා. හැබැයි ඒක හැටි හොද විදිහේ සමාව ගැනිල්ලක් නම් වුණේ නැහැ. බ්‍රයිස්ගේ සමාව අයදිම පවා ජෙසිකා ප්‍රතික්ෂේප කරලා එයාට බැන්නා. ඇත්තට හො බොරුවට මේ වෙද්දී බ්‍රයිස් තේරුම් අරන් තියෙන්නෙ ජෙසිකාගෙන් පටන් ගත්ත මේ දේවල් හැනා වගේම අනික් ගෑනු ළමයි දක්වාම ගිය එක “ඕනෑවට වඩා දුර දිග ගියා” කියලා.

ඒවගේම ජෙසිකාගේ අලුත් පෙම්වතා, ඒ කිව්වේ ඇලෙක්ස් එක්ක තමන් ඒ හැටි ආදර සම්බන්ධයක් පවත්වන බවක් නොතේරුන ආනි ජෙසිකාට උදව් කලා උපදෙස් වලින් වගේම වෙනින් විදි වලින්. (මං ඉතින් අමුතුවෙන් ඒ අය ගත්හ ටෝයිස් ගැන කියන්න ඕන නැහැනේ :p) ඒ දේවල් වලින් ආරම්භයක් ගත්තත් ජෙසිකාට ඇලෙක්ස් ගැන ඒ හැටි කැමැත්තක් තිබුණේ නැහැ එදා රෑ පාටියෙදී එයා ජස්ටින්ව කිස් කරලා හැගීම් ඇවිස්සිලා හිටිය නිසා. මේ නිසාම ආයෙ වතාවක් ජෙසිකා ජස්ටින් එක්කලා එකතුවෙලා තියෙනවා. මේ හැමදෙයක් ගැනම ජෙසිකා, ජස්ටින් දෙන්නගේ පස්සෙන් මොටෙල් එකට ගිය ක්ලේට වගේම ආනිට දැනගන්න ලැබුණා. ඒ මදිවට ටයිලර් ලග තවත් එකම එක තුවක්කුවක් තිබිලා එයාට ඕන වෙනවා ඒක අයින් තනියෙන් අයින් කරන්න. හැබැයි ටෝනි මේකට ඉඩ නොදෙන නිසා ටෝනි වගේම ක්ලේ මේ ආයුධය පහුවදා අයින් කරන්න උදව් කරන්න ඉදිරිපත් වවෙන්නම් කියලා කිව්වා.

අද කොටසින්

ටයිලර්ගේ ආයුධය පහුවදා අයින් කරන්න ගියත් එදා උදේම අන්තර්ජාලය පුරාවටම අලුත්ම ආරංචි ලැබෙන්න ගන්නවා බ්‍රයිස්ට වෙඩි තියලා මරලා දාලා තියෙන්නෙ කියලා. දැන් ටයිලර්ගේ දෙවැනි ආයුධය, ඒ කිව්වේ තුවක්කුව ගැන දන්න හැමෝම සැක කරන්නෙ ටයිලර් ඒක කරන්න ඇති කියලා. එතකොට ටයිලර්ද බ්‍රයිස්ට වෙඩි තිබ්බේ? වෙඩි තිබ්බත් ඒ ආයුධය ක්ලේට වගේම ටෝනිට අයින් කරන්න ලැබෙයිද? බලලම ඉන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.

මීලග කොටස අරගෙන වෙනත් උපසිරැසිකරුවෙක් ඔයාලව මුණගැහෙන්න ඒවි. ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 270MB |

| WEB | x265 | 720p | 250MB |

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “13 Reasons Why [S03 : E04] | ටයිලර්ගේ අවසන් ආයුධය හා බ්‍රයිස්ගෙ මරණය…

  • Ane frdnz sanam teri kasam, geetha govindam wage films nedda baiscope ake thawa download kara ganna….

    Reply

Leave a Reply to Alita wignet Cancel reply

Your email address will not be published. Required fields are marked *