MENU

The Hurricane Heist (2018) | මහා කුණාටුවක් මැද මංකොල්ලයක්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Fast Five, Takers, Tower Heist, Heat වගේ මේකත් “Heist film” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් මංකොල්ලයක් අලලා නිර්මාණය වුන චිත්‍රපටයක් නමුත් අර කලින් කිව්වා වගේ මේක තනිකරම ඒ අනු කාණ්ඩය විතරක් නෙමෙයි නියෝජනය කරන්නේ මේක The Perfect Storm, Into the Storm, Geostorm, San Andreas වගේ “Natural Disaster Movie” එකකුත් වෙනවා.

මුලින්ම කියන්න ඕනේ ඔබ සොයන්නේ හොඳ කතාවක් තියන ක්‍රියාදාම චිත්‍රපටයක් නම් ඔබ ඉන්නේ වැරදි තැන, නමුත් ඔබ හොයන්නේ පැය 1 කුත් මිනිත්තු 45 ක් සතුටෙන්, උද්යෝගයෙන් බලන්න හැකි ත්‍රාසය කුතුහලය සපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් නම් ඔබ ඉන්නේ හරි තැන. මෙහි අධ්‍යක්ෂණය Rob Cohen ඔහු තමයි මින් පෙර The Fast and the Furious, xXx, DragonHeart, වගේ නිර්මාණය කරලා තියෙන්නෙත්. තිරයේ දකින මුහුණු වෙන්නේ Take චිත්‍රපට 3 ක් පුරාවට ආඩම්තේට්ටම් දුක් ගැහැට වින්ද Maggie Grace නමුත් මේ වතාවේ නම් ඇය තමයි වීරවරිය වෙන්නේ. ඇය එකක් Planet of the Apes කතා මාලාවේ වගේම Kong: Skull Island හිත් දකින්නට ලැබුන Toby Kebbell ප්‍රධාන චිරිත දෙක වෙනුවෙන් එකතු වෙනවා. Action, Thriller කාණ්ඩයන් නියෝජනය කරන මේ සලරුවේ කතාව කොහොමද බලමු දැන්…

කතාව වෙන්නේ මෙහෙමයි කේසී කියන්නේ ATF නියෝජිතවරියක්. මේ තීරණාත්මක දවසේ ඇයට භාරවෙන කටයුත්ත තමයි භාවිතයෙන් ඉවත් කරලා විනාශ කිරීමට නියමිත කන්ටේනර් 3 ක් පුරවාපු සල්ලි ආරක්ෂිතව ඇලබාමා ප්‍රාන්තයේ විනාශ කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන යාම. නමුත් මේ සියල්ල එකක් ස්වභාව ධර්මයත් තමුන්ගේ වැඩ ආරම්භ කරලා ඒ Cat 5 සුළු කුණාටුවක් ලෙසින්. ඉතින් කේසී මේක තමුන්ගේ රාජකාරියට භාදාවක් හැටියට දකිනකොට තවත් පිරිසක් මෙය වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් හැටියට දකිනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ කුණාටුව එකක් සිසිකඩ යන මිනිසුන් හා නිසි බලධාරීන්ට ප්‍රතික්‍රියා කිරීමට ඇති අපහසුතාවට මුවාවෙලා රජයේ මිලියන 600 මුදලක් කොල්ලකෑමයි.

නමුත් මේ මිලියන 600 තැන්පත් කර ඇති සේප්පුව විවෘත කරගැනීමට නම් කේසී අත්‍යවශ්‍යයි. කුණාටුව හේතුවෙන් ඇයට නගරයෙන් පිට වීමටත් නොහැකි, ඇයගේ මිතුරු නිලධාරින් ප්‍රාණ ඇපකරුවන් ලෙස අපරාධකාරුවන් සතුවීත් අවසන්. ඉතින් මේ සියල්ලටම එරෙහිව නිතිය වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ කේසී, විල් නම් කාලගුණ විද්‍යාඥයෙක් හා හමුදාව හැරගිය ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පමණයි… ඉතින් මේ අමුතු තුන් කට්ටුව සාර්ථක වේවි ද? කොල්ලකරුවන් මිලියන 600 ලබා ගැනීමට සමත් වේවි ද? මේ පිස්සු කුණාටුවක් හමුවේ මොවුන්ගේ ඉරණම කොහොම වේවි ද? මේ සියල්ල බලාගන්න ඔබට භාරයි… පුර්ව ප්‍රචාරක පටය බලලම කැමති එකක් ද කියලා හිතාගන්නකෝ…

එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SD | 500MB |

BAB331390AD03DDCCCD1A900116446F7E1F3D248

Direct Download 

| HDTV | x264 | SD | 500MB | 

         

| HDTV | x264 | 720p | 1.6GB |

          

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

13 thoughts on “The Hurricane Heist (2018) | මහා කුණාටුවක් මැද මංකොල්ලයක්…

    • අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

      Reply
  • niluka madushan

    Me subtitles dawnload karanna behanee

    Reply
    • Baiscopelk.com eken ganna

      Reply
    • Subtitles baiscopelk eken ganna

      Reply
  • dilshan baiscope eken tamai ganna bari wenada ganna puluwannam dan be ganna widiya dalat ne sub eka download dunnama baiscope page ekata yanawa sub eka ganna be register wenada widiya dalat ne

    Reply
  • subtitle download wenne na

    Reply
    • Subtitles ape site eka na.baiscopelk eken ganna

      Reply
  • baiscopelk eke thama naththe bn

    Reply
    • Direct link weda nane

      Reply
  • Film Download Link is Now Working!!!

    Reply
  • Film download link eka wada karanne naha

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *