ආයුබෝවන් යාළුවනේ..!
මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් සිව්වැනි කතා මාලාවේ අවසන් කොටසට පෙර කොටස. ඉතිං කලින් කොටස් ගැන මතක් කිරීමක් කලොත්, අපි දැක්ක සුපර්ගර්ල්ගෙ ක්ලෝනයක් ධවල මන්දිරයට පහර දුන්න. නමුත් මේක ප්‍රහාරයට නම ගියේ ඇත්තම සුපර්ගර්ල්ගෙ. ඒ නිසා ජනාධිපති බේකර් සුපර්ගර්ල් රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස නම් කරනව. ඒ වගේම ජනතාවත් ඇයට ද්‍රෝහියෙක් වගේ සලකන්න පටන් ගන්නව. මේ කාරණාව නිසා සුපර්ගර්ල් ලෙස සටන් වදින්න බැරි නිසා, පෑනක් අතර අරගෙන කාරා විදියට ලෙක්ස් සමඟ සටන් වදින්න පටන් ගන්නව. ඒ වගේම මේ වෙනකොට ඇලෙක්ස් දන්නෙ නෑ සුපර්ගර්ල්ගෙ නියම අනන්‍යතාව ගැන. මාෂන් මෑන්හන්ටර් විසින් ඇයගේ මතකය මකා දාල තිබුණෙ. ඒත් ඇලෙක්ස්ට තමන්ගෙ මතකයේ යම් අඩුවක් තියෙන බව හැම වෙලාවෙම දැනෙමින් තිබුණ. මේ වගේ තත්වයක් උඩ තමයි කාරා, ලීනා එක්ක ගිහින් කස්නියාවෙන් හොයාගත්ත තොරතුරු ජනාධිපතිතුමාට ලබා දෙන්න යන්නෙ. බලාපොරොත්තු නොවුණු විදියට ජනාධිපති විසින් ඒ අවස්ථාවෙ කාරා පැහැර ගැනීමට ලක් වෙනව.
අද කොටසින්..
මේ වෙනකොට සමස්ත රටක් වගේම, ජනාධිපති පවා සුපර්ගර්ල්ගෙ දරුණු හතුරෙක් වෙලා ඉන්නෙ. කාරා, සුපර්ගර්ල්ගෙ නම පිරිසිදු කරන්න ගිහින් පැහැරගැනීමකට ලක් වෙනව.ඒ අනුව මාධ්‍ය අයිතිය පවා පැහැර ගන්න මට්ටමට ඇමරිකාව පත් වෙලා තියෙන්නෙ. කොහොමද ඔන්න අද ලීනා, ජේම්ස් දෙන්න, බෙන් ලොක්වුඩ් පස්සෙ ගිහින් ලෙක්ස් ගැන විස්තර හොයන්න පටන් ගන්නව. ඒ වගේම හරුන්-එල් නිසා බෙන්ජමින්ට වෙන දේ ගැනත් ඔන්න අද දැනගන්න පුළුවන්. මේ අතරෙ ඇලෙක්ස් අමුතු හීන දකින්න පටන් අරන් තියෙන්නෙ. බ්‍රෙනී, ජෝන්, ඩ්‍රීමර් තුන්දෙනා යනව අතුරුදන් වුණු පිටසක්වලයන් හොයාගෙන. අනාගතෙන් ආපු බ්‍රෙනීට වෙන සංසිද්ධියක් නිසා ඒ ගමන සම්පූර්ණයෙන්ම වෙනත් දිශානතියක් අරගන්නව. මේ අතරෙ රක්ත දියණිය, සුපර්ගර්ල් එක්ක ඉතාම දරුණු සටනක් ඇතිකර ගන්නව. දෙන්නගෙ බලය සමානයි කියල හිතනවනම්, එහෙම නෑ. රක්ත දියණිය සුපර්ගර්ල්ට වඩා ගොඩක් බලයෙන් වැඩියි. ඒ නිසාම අද සුපර්ගර්ල් මරණයට පත් වෙනව. ඉතිං සුපර්ගර්ල් නැතුව අනෙක් පිරිස කොහොම මේ සටනට මුහුණ දේවිද? අවසන් කොටසින් ඒ ගැන බලමු! ජය වේවා!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SVA | 247MB |
| HDTV | x264 | SVA | 247MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)