ඔන්න එහෙනම් ගෙනාවා THE CAPTURE කතාමාලාවේ 5වැනි කොටස. කොහොමද ඉතින් කලින් කොටසේත් කුතුහලය උපරිමේට තිබ්බා කියලා හිතනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
පෙර කොටසේ ෂෝන් පොලිසියෙන් බේරිලා පැනලා යන කොට රේචල් ෂෝන්ව හොයාගන්නවා. ෂෝන්ව අත්අඩංගුවට ගන්න කියලා හදනකොටම ෂෝන් පැනලා යනවා. නමුත් රේචල්ට ෂෝන්ගෙන් ගැස්ටර් චතුරශ්‍රය ගැන දැනගන්න ලැබුනා මතකනේ. ඉතින් රේචල් මේ හෝඩුවාව ඔස්සේ ගැස්ටර් චතුරශ්‍රයට ගිහින් ෂෝන්ව අරගෙන ගිය මිනිස්සුන්ව ඒ කියන්නෙ ෆ්‍රෑන්ක්ව මුණ ගැහෙනවා. ෆ්‍රෑන්ක් තමන් කරන වැඩේ ගැන රේචල් සහ පැට්‍රික්ට නොකියා කියනවා. ඉතින් මේකෙන් පස්සේ රේචල් දැනගන්නවා මේ සිද්ධිය විශාල දෙයක් බව. ඉතින් ඒ නිසාම පැට්‍රික් සහ රේචල් දෙන්නා හැම දෙයක් ගැනම නැවත හොයාගෙන යනවා. ඔහොම හොයාගෙන යන්න ගිහින් අන්තිමේ රේචල්ව වැඩ තහනමට පවා ලක් කරනවා.
ෂෝන් රේචල්ගෙන් බේරිලා පැනලා යන්න ගිහින් තව කට්ටියකට අහුවුනා මතකයිනේ. ඉතින් එතන ඉන්න ඇල්මා කියලා කාන්තාවක් ෂෝන්ට උදව් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ෂෝන්ටත් වෙන කරන්න දෙයක් නැතිකම නිසාම තීරණය කළා ඇල්මා එක්ක යන්න. කොහොමින් හෝ මේ ඇල්මාට රජයේ සංවිධාන ගැන වගේම CCTV පද්ධතිය ගැනත් ලොකු දැනුමක් තියෙන පාටයි. අන්තිමේ ෂෝන් ඇල්මා එක්ක ගිහිල්ලා බැලින්නම් එතැනදී මුණගැහෙන්නේ හීනෙකින්වත් නොසිතු කෙනෙක්. ඒ තමා චාලි. ඉතින් ඔය අස්සේ පැට්‍රික් තනියම ගිහිල්ලා හොයාගන්නවා ෂෝන් කිව්ව කතාව සත්‍යයක් කියලා. ඒ කියන්නෙ හැනා එදා බස් එකට නැග්ගා කියලා.
ඉතින් ෂෝන්ට අලුතෙන් හම්බවෙච්ච යාළුවො කවුරුද? එයාලා කොහොමද ෂෝන්ට උදව් කරන්නෙ? ඒ වගේම රේචල් මේ සිද්ධියේදී මොන වගේ චරිතයක් කරාවිද කියලා අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙමනම් ඊලග සහ අවසාන කොටසින් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 271MB |
Direct Download
| HDTV | x264 | SD | 270MB |