කොහොමද බයිස්කෝප් යාලුවන්ට? හුගදවසකින් තමයි මේ වගේ වැඩක් කරන්න වෙලාව හම්බුනේ. මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේකේ ඉන්න අය ඔයාලට බොහොම හුරුපුරුදු අය තමයි ඉන්නේ. ඇරෝ කතාමාලාවේ ඉන්න “රේ ප්ලාමර්” සහ “සේරා” තමයි ප්‍රධාන චරිත දෙක සදහා පෙනීසිටින්නේ. මීට අමතරව ෆ්ලෑශ් කතාමාලාවේ ඉන්න “හැරිසන් වෙල්ස්”ත් මේ කතාවේ ඉන්නවා.
කතාව පැත්තට ගියොත් මේක ගවේෂණ චාරිකාවක් සදහා කරන පෙර පුහුණුවකට ගවේශකයන් පිරිසක් සූදානම් කිරීම තමයි වෙන්නේ. වෝල්ටර් කියලා නියෝජිතයෙක් තමයි මේක භාරව ඉන්නේ. මෙයාලට වෙනම යානාවක් හදලා අභ්‍යාවකාශයට යන්නේ නැතුව ඒ අත්දැකීම ලබාදෙන්න මෙයා උත්සහ ගන්නවා. මෙයාලා දින 400 ක කාලයක් මේ යානාව තුල ඉන්න නියම වෙලා තියනවා. හැමදාම එකම විදිහ නැහැනේ. පුංචි වෙනස්කම් දවසින් දවසම වෙනවා. එහෙම වෙන එක සිද්දියක් නිසා මෙයාලා කතාවෙලා යානාවෙන් පිටතට එනවා. ඒ ඇතුලතින් උදව් ගන්න බැරි නිසා. එයාලා පිටතට ආපු නිසා මෙයාලට එක එක විදිහේ කරදර වලට මුහුණදෙන්න සිද්ද වෙනවා. ඔය තමයි කතාවේ පොඩි සාරාංශයක් විදිහට ඔයාලට කිව්වේ. imdb 4.5 අගයක් තමයි අරගෙන තියෙන්නේ මිනිත්තු 91 ක කාලයකින් මේක සමන්විතයි. එහෙනම් මම සමුගන්නවා. ෆිලුම රසවිදී කියලා බලාපොරොත්තු වෙනවා තවත් ලස්සන කතාවකින් මුණගැහෙමු.
= ජය ශ්‍රී =
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| Bluray | x264 | 720p | 800MB |
| Bluray | x264 | 1080p | 2.2GB |
Direct Download
| Bluray | x264 | 720p | 700MB |
| Bluray | x264 | 1080p | 2.3GB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)