MENU

A Letter to Momo (2011) AKA Momo e no tegami | තාත්තගෙන් ලියුමක්

තමන්ගේ දෙමාපියන් හදිසියේම සමු ගත්තොත් ඒක දරාගන්න බැරි වේදනාවක්. විශේෂයෙන්ම පොඩි ළමයින්ට. මෝමෝ කියන්නේ ටෝකියෝ වල ජීවත් වෙන 6 වසරෙ ඉගෙන ගන්න ගෑණු ළමයෙක්. මෙයාගේ තාත්තත් මුහුදු අනතුරක් නිසා හදිසියේ එයාලව දාලා යන්න යනවා. මේ ගමන යන්න කලින් මෝමෝ එයාගෙ තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. ඒකට සමාව ගන්න ආයේ අවස්ථාවක් ලැබෙන්නෑ කියලා මෝමෝ හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති. තාත්තා නැතිවුන නිසා අම්මා එයා එක්ක තාත්තාගේ උපන් ප්‍රදේශයට යනවා ජීවත් වෙන්න. මේ මුළු කාලෙම මෝමෝ අතේ කඩදාසියක් තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ “ආදරණීය මෝමෝ වෙත” කියලා. මේක එයාගෙ තාත්තා මැරෙන්න කලින් ලියන්න උත්සහ කරපු ලියුමක්. මෝමෝට හරිම දුකයි තාත්තගේ අන්තිම හැඟීම් දැන්ගන්න නොලැබුන එකට. මෙයාලා නවතින ගෙදර අට්ටාලයක් තියෙනවා. දවසක් මෝමෝට මේකෙ උඩ සද්ධ වගයක් ඇහෙනවා. මේ සද්ධ වලට හේතුව දැනගත්තම මෝමෝ පන බයේ ගෙදරින් දුවනවා. ආයේ රෑ වෙනකන් ගෙදර පැත්ත පලාතේ එන්නේ නෑ. මෝමෝ ආයේ ගෙදර ගියාම ඒ දේට කොහොම මුහුන දෙයිද? තව එයාට තාත්තා ලියන්න හදපු දේවල් දැනගන්න ලැබෙයිද? ඒ ටික දැනගන්න A Letter to Momo කතාව රසවිඳින්න.

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් මේක අධ්‍යක්ෂණය කරන්නේ හිරොයුකි ඔකියුරා කියන අධ්‍යක්ෂක වරයා. 2011වර්ෂයෙදි තමයි එළිදක්වන්නේ. ප්‍රෙක්ෂකයන්ගේ හදවත් වලට දැනෙන විදිහෙ ෆිල්ම් එකක් වෙන ⁣A Letter to Momo ලෝකේ පුරා ඩොලර් මිලියන 6.7 ක මුළු ආදායම් වාර්තාවක් එක්ක බොක්ස් ඔෆිස් වාර්තාවකුත් තියලා තියෙනවා. මේක මගේ 6වෙනි උපසිරසිය කියලා මතක් කරනවා වගේම ඇනිම් සීරීස් එකකටත් සබ් දෙන්න හිතන් ඉන්නවා. ඒ ගැනත් පුළුවන්නම් අදහසක් දෙන්න කියලා ඉල්ලනවා. කලින් ඒවට සුභ පතපු හැමෝටම ස්තූතියි. මේ ෆිල්ම් එකත් රසවිඳින්න??.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip| x264 | 720p | 767MB | 

B679AE55D06649F3F9B58B6D1CADFCE0849695FA

 Direct Download

| BDRip | x264 | 720p | 767MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *