MENU

A Tale of Two Cities (1980) | දෙනුවරක පුවතක්!

මේ අවස්ථාව ලබා දීම ගැන මං baisecopelk.com වෙබ් අඩවියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේක මගේ පළවන උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාන එකේ එකක් හදල බලන්න හිතුණා. හිතන තරම්ම ලේසි වැඩකුත් නෙමෙයි කියලා තේරුණේ ඉතින් එතකොට තමා. මේක මං අක්කත් එක්ක හවුලේ හැදුවත් සබ් එක හදාගන්න සතියක් විතර කාලයක් ගත වුණා.

දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්. මේක ලෝක ප්‍රසිද්ධ නවකතාවක් ඇසුරින් හදපු ෆිල්ම් එකක්. Charles Dickens ගෙ A Tale of Two Cities ගැන දන්නෙ නැති අය ඉන්නවනම් ඒ බොහොම ටික දෙනයිනෙ. මේ කතාවෙන් කියවෙන්නෙ ප්‍රංශ විප්ලවේ ගැන. ලන්ඩන් නුවර හා පැරිස් නුවර අතර ප්‍රංශ විප්ලවේ කාලෙ වුණු එක්තරා කතාවක් තමයි මේ.

මනෙත් කියන්නෙ කිසිම වැරැද්දක් නොකර ප්‍රංශයේ බැස්ටීල් හිරගෙදර අවුරුදු ගාණක් හිර කරලා හිටපු Doctor කෙනෙක්. ඒ කාලෙ වංශාධිපතිවරුන්ට ඕනිම කෙනෙක්ව නඩුවක් නැතුවම හිරේ දාන්න බලය තිබුණා.

ගොඩ කාලයක් කිසි ම බලාපොරොත්තුවක් නැතුව හිරේ ඉන්න වුණු නිසා හිරෙන් නිදහස් වෙනකොට එයාට තමන්ගෙ නම පවා අමතක වෙලයි තිබුණෙ. හිරේ ඉඳන් එයාව එක්ක එන්නෙ ප්‍රංශෙදි එයාගෙ සේවකයෙක් වෙලා හිටපු කෙනෙක්ගෙ ගෙදරට.

කතාව මුලදි Dr. මනෙත්ගෙ දුවයි, තව Lorry කියල මහත්තයෙකුයි, Dr. මනෙත්ව එංගලන්තෙට එක්කන් එන්න පැරීසියට යනවා. Dr. මනෙත්ගෙ සේවකයගෙ නම Defarge.Defarge ලගෙ පළාතෙ ඉන්න රදළ වංශාධිපතිතුමා තමයි ST’ Evermonde.මෙයා බොහොම කෲර මිනිහෙක් නිසා මේ පැත්තෙ ඉන්න හැමෝම මෙයාට වෛර කරනවා. ඒ අතරින් Defarge ගෙ බිරිඳ විශේෂයි.

ඒත් එයාගෙ බෑණා Charles රදළකම ඔළුවට ගත්ත කෙනෙක් නෙමෙයි. එයා මාමගෙන් වෙන්වෙලා තමන්ගෙ ශ්‍රමයෙන් ජීවත්වෙන්න හිතාගෙන එංගලන්තෙට යනවා. ඒත් එයාගෙ මාම එයාට අනතුරු අඟවනවා, කොහේ ගියත් එයාගෙ ඉරණම වෙන්නෙ ප්‍රංශය කියලා.

මේ අතර තව කෙනෙක් ඉන්නවා Sydney Carton කියලා. එයා ඉංග්‍රීසි ජාතිකයෙක්. නීතීඥයෙක්. හොඳ දක්ෂතා තිබුණත් ඒව ප්‍රයෝජනේට නොගැනීම හින්දා ජීවිතේ විනාස කරගත්ත කෙනෙක්. එයාගෙම වචනවලින් කිවුවොත් එයාට ලෝකෙ කිසි කෙනෙක්ගෙන් වැඩක් නැහැ. ලෝකෙ කිසි කෙනෙක්ට එයාගෙන් වැඩකුත් නැහැ.

ඉතින් වංශාධිපතිතුමා කියපු විදිහට Charles ගෙ ඉරණම ප්‍රංශෙත් එක්ක බැඳිල ද තියන්නෙ? Dr. මනෙත්ට අවුරුදු ගාණක් අසාධාරණ විදිහට හිරේ ඉන්න වුනේ ඇයි? Defarge මහත්මියට Evermonde පෙළපතත් එක්ක තියන වෛරයට හේතුව මොකක්ද? ඒ වගේම, අන්තිමේදිවත් Sydney Carton ට තමන්ගේ ජීවිතෙන් නියම ප්‍රයෝජන ගත්ත කියල සතුටු වෙන්න පුළුවන් වෙයි ද?….

කොහොම වුණත් ඇත්තටම ලස්සන, ඒ වගේම හිතාගන්න බැරිතරම් පුදුමාකාර, මේ කතාව මිනිස්සුන්ගෙ තියන එකිනෙකට වෙනස් “හැඟීම්” ගැන දෙපාරක් නෙමෙයි කිහිප සැරයක් හිතන්න අපිව පොළඹවන බව නම් නොකියාම බෑ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1.1GB | 

769DA41046FF0540C6BA5C5A7A4D502D54D410C2

 Direct Download

| Bluray | x264 | 720p| 1.1GB | 


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “A Tale of Two Cities (1980) | දෙනුවරක පුවතක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *