MENU

Akhil The Power Jua (2017) | අකිල්

මේ ෆිල්ම් එකේ කතාව තමයි මීට අවුරුදු ගණනකට පෙර සූර්යය රශ්මිය වැඩිවීමත් එක්ක ගෝලීය උෂ්ණත්වය වැඩිවෙන්න පටන්ගත්තා. ඉතිං මෙමගින් ලෝකය විනාශ වීම වළක්වන්නට කෙනෙක් විවිධ පර්යේෂණ කරා. ඉතිං එහිදී ඔහු එක එක ලෝහ එකතු කරලා සූර්යය ඵලකයක් හැදුවා. ඒ ඵලකයට සූර්යාගෙන් පෘථිවියට පැමිණෙන අධික උණුසුම උරාගැනීමේ හැකියාවක් තියෙනවා. ලෝකය බේරාගැනීමේ මෙහෙවර මත ඔහු මේ ඵලකය සෘෂිවරයන්ට භාරදුන්නා එය ලෝකයේ කේනද්‍රස්ථානයේ තියන්න කියලා. ඉතිං මේ කටයුත්තේදී ඒ සෘෂිවරුන් බොරෝ කරදර මැද්දේ අප්‍රිකාවේ තියෙන පෘථිවියේ කේන්ද්‍රස්ථානය හොයාගෙන ඒ සූර්යය ඵලකය ඔවුන් එතන තියලා එහි ජීවත් වුන හෝජො නම් ගෝත්‍රික ජනතාවකට ආරක්ෂා කිරීමේ වගකීම බාරදුන්නා. එහිදී මේ ගෝත්‍රික ජනතාව මේ වගකීම බාරගෙන මේ වන තෙක් ඒ ඵලකය ආරක්ෂා කරගෙන ඉන්නවා. ඔවුන් සූර්ය ඵලකය හදුන්වන්නේ ජුආ දෙවියන් කියලා.  නමුත් අවාසනාවකට රුසියානු ජාතික විශ්‍රාමික හමුදා ජ‍ෙනරාල් වරයෙකුට මේ ඕනි කරන්න පටන්ගැනීමත් එක්ක ඒක හොයන්න ඔහු මිනිස්සු යොදවව්වා. එහිදී ඒ මිනිස්සු මේ සූර්ය ඵලකය හොයාගෙන ගෝත්‍රික ජනතාව වෙත යනවා. නමුත් එ් මොහොතේදී බූඩෝ කියන නමින් හදුන්වන නගරයේදී තම ඉගෙනුම් අවසන් කර තම ගෝත්‍රය වෙත ආ ජුආ එක ආරක්ෂා කිරීමේ ඊළග වගකීම ඔහුට පැවරිලා තියෙන්නේ. ඔහු මේ අවස්ථාවේදී ජුආ එකත් අරගෙන පැනල දුවනවා. ඒ නිසා අර කත්රොචිගේ මිනිස්සුන්ට සූර්යය ඵලකය හොයගන්න බැරිවෙනවා.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අකිල් කියල ඔට්ටු දාලා ෆයිට් කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම මෙයාට හොඳ යාළුවෝ වගයකුත් ඉන්නවා. වෙලාවක් අකිල්ගේ යාළුවෙක් අකිල් ගාවට ඇවිල්ලා එයාට කෙල්ලෙක් ගැහුවා කියලා කියනවා. ඉතිං ඒකට පළිගන්න කියලා අකිල් ඒ යාළුවත් එක්ක ඒ කෙල්ල ඉන්න තැනට යනවා. ඒ කෙල්ල දැක්ක අකිල් එයාට බනින්නේ නැතුව එයාව බේරගන්නවා. මෙයාගෙ නම දිව්‍යා. ඉතිං අකිල් මේ කෙල්ලව යාළුකරගන්න හදනවා. ඉතිං ඒකෙදි මෙයා සුපිරි සුපිරි වැඩ කරනවා. අකිල් කරන දේවල් වලින් එකක් කිව්වොත් මෙයා දිව්‍යව කසාද බදින්න ඉන්න කෙනාව වෙන කෙනෙක්ට බන්දනවා. හැබැයි මේ වැඩේ අකිල් කරා යැයි කියල දන්නේ නැති දිව්‍යා එයාව බදින්න හිටිය කෙනා ඉන්න දිහාවට යනවා ඒ වැඩේට එයාට උදව් කරපු කෙනාව හොයාගෙන දඩුවම් කරන්න කියලා. ඒ නිසා ඉතිං මේ අකිලුත් එහෙට යනවා. එහිදී අකිල් තමන් කරපු ඇත්ත කිව්වට පස්සේ දිව්‍යා අකිල් එක්ක තිබුන මිතුරුකම  අතහැරලා යනවා. ඒ වෙලාවේදී දිව්‍යව අර සූර්ය ඵලකය හොය හොය හිටපු මිනිස්සු පැහැරගන්නවා. මොකද මෙයා තමයි මෙහ‍ෙ ඉද්දී සූර්ය ඵලකය අරගෙන ගිය ගෝත්‍රික කණ්ඩායමේ පුද්ගලයා එනම් බූඩෝ කියන කෙනාගේ පස්සෙන් ඒ ඵලකය හොයන මිනිස්සු එන වෙලාවෙදී බූඩෝට උදව් කරල තියෙන්නේ.

ඉතිං ඵලකය හොයන මිනිස්සු බූඩෝ ජුආ තියෙන තැන දිව්‍යට කියන්න ඇතියි කියලා තමයි පැහැරගෙන යන්නේ. මේ වෙලාවෙදී දිව්‍ය බේරගන්න ඒ මිනිස්සු පස්සෙන් යන අකිල් ඒ මිනිස්සුන් එක්ක ගහගන්නවා. ඒත් අකිල්ට දිව්‍යව බේරගන්න බැරිවෙනවා. මේ අතරතුරදී අකිල්ගෙ බෙල්ලට අර ජුආ එකට සම්බන්ධ බූඩෝගෙ බෙල්ලෙ තිබ්බ මාලය කැලේ තිබිලා එක් මාර්ගයකින් නගරයට ඇවිල්ලා අකිල්ගේ බෙල්ලට වැටෙනවා. මං මුළු කතාවම කියන එක හරි නෑනේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.4GB |    

de62647abf3cc9806573c554f330bb8346583bec

Direct Download

| HDRip | x264 | 480p | 340MB |          

| HDRip | x264 | 720p | 747MB |          

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “Akhil The Power Jua (2017) | අකිල්

  • mewage right click block karama torrent hash eka copy karanne ata dekenda.

    Reply
  • සාරංග

    සබට ස්තුතියි !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *