MENU

Altered Carbon [S01 : E05] | වැරදි මිනිහ….(18+)

Altered Carbon කියන්නෙ  විද්‍යා ප්‍රබන්ධ  කාණ්ඩයට අයත් රූපවාහිනී කතා මාලාවක්  2002 වසරේදී මේ නමින්ම ප්‍රකාශයට පත්කෙරුනු  නවකතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු… මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Laeta Kalogridis කියන අධ්‍යක්ෂවරයා විසින්.

කතා මාලාව අවුරුදු 350ක් අනාගතයට දිවයන අතර   2384 වසරේදි   cortical stack එහෙමත් නැති නම්  c- stack කියල හඳුන්වන තැටියක්   හැඩැති උපාංගයක් ආධාරයෙන්  මිනිස් මනස මාරු කර ගබඩා කර තබා ගැනීමට ක්‍රමයක් හොයාගන්නවා.. ඒක ඇතුල් කරල තියෙන්නෙ බෙල්ල පිටුපස කශේරුකාව තුළ. ඉතිං මනුස්සයෙක් මැරුණම මේ තැටිය අරගෙන අලුතින් නිපදවපු ශරීරයක්  අතුළට දානව.. මේ අලුතින්  කෘතීමව නිපදවල  තියන ශරීර හඳුන්වන්නෙ Sleeve කියල.

ටකේශී කෝවෑච් කියන්නෙ ත්‍රස්තවාදියෙක් මිනීමරන්න දක්ෂයෙක් වුණ  , කලින් ශරීරය මිය ගිහිං අවුරුදු 250කට පස්සෙ  මෙයාව ආපහු නැගිට්ටවනව ලොරන්ස් බෑන්ක්‍රොෆ්ට් කියන  ධනපතියා විසින්…. අලුත් ශරීරයකින් නැගිටපු ටකේශී කෝවෑච්ට සිද්ධ වෙනව  ලෝරන්ස් බෑන්ක්‍රෝෆ්ට සේවය කරන්න.. ඔහුට පැවරෙන එකම රාජකාරිය වුණේ බෑන්ක්‍රොෆ්ට්ගෙ ඝාතනයේ සුලමුල හොයාගන්න එක..

ඔන්න එහෙනං දැන් කෙලින්ම කතාවට බහින්නම්.. කලින් කොටස බැලුව  ඔයාලට මතක ඇති  කෝවෑච් දැනගන්නව  එයා ඇඳගෙන ඉන්න ශරීරය ඇත්තටම අයිති එලියස් රයිකර් කියන පොලිස්කාරයට කියල.. ඒ වෙන කවුරුත් නෙවේ ඕටේගාගෙ පෙම්වතා .ඉතිං අද කතාවෙදි කෝවෑච්  ඕටේගාගෙන්   ඉල්ලනව සම්පූර්ණ කතාවම කියන්න කියල මේ ගැන.එතකොට තමා ඕටේගා කියන්නෙ තමන්ගෙ පෙම්වතාට වෙච්ච ඇබැද්දිය.. කොහොමද එයා කුමන්ත්‍රණකට අහු වුණේ කියලා.. ආ  තව දෙයක් බෑන්ක්‍රෝෆ්ට් ඝාතනය ගැන ලොකූ හෝඩුවාක් ලැබෙනව අද..මං කියනවට වඩා හොඳයි ඔයාලම අරං බලාගන්න එක.. ඔන්න එහෙනං ඇල්ටර්ඩ් කාබන් කතාමාලාවේ මගේ දායකත්වය මෙතනින් අහවරයි.. තවත් සොහොයුරෙක් ඊ ළඟ එපියට උපසිරැස අරගෙන එයි..කතා මාලාවත් එක්ක දිගටම  රැඳී ඉන්න.. මං ගියා.. ජය වේවා!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 3GB |  Complete |

FDAD7C35FC5B69BBCA7D5B73229FA28CB0779014

Direct Download  

| WEBRIP | x264 | SVA | 260MB |       

     

| WEBRIP | x265 | 720p | 260MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *