MENU

Altered Carbon [S01 : E06]| ගැටළුවක විසඳුම තවත් ගැටළුවක් වූ කල…!!(18+)

ඔන්න එහෙනම් Altered Carbon හය වැනි කොටස අරගෙන එන්නයි මේ සූදානම…

අද බයිස්කෝප් පවුලේ අපි හැමෝටම විශේෂ දවසක් වගෙම ගොඩක් සතුටු වෙන්න පුළුවන් දවසක්. ඒකට හේතුව තමයි අද බයිස්කෝප් අපි අපේ 09 වැනි සංවත්සරය සමරන දවස.

ඉතින් ඒ ගැනත් මතක් කරගෙනම අපි යමු කතාව පැත්තට, ඔයාල කලින් කොටසෙදි දකින්න ඇතිනෙ Bay City පොලිසිය ඇතුළෙදි ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ ප්‍රහාරයෙන් අබූඩ්ට එයාගෙ ජීවිතේ නැතිවෙනවා. ඔර්ටේගටත් බරපතළ තුවාල සිද්දවෙනවා. පස්වෙනි කොටස අවසානයෙදි ඔයාල දකින්න ඇති තුවාලවෙලා ඉන්න ඔර්ටේගව ටකේෂි ඇවිත් අරන් යන විදිහ. ටකේෂි තුවාල වෙලා ඉන්න ඔර්ටේගව රෝහලකට ඇතුළත් කරනවා. ඔර්ටේගගේ Stack එකට හානියක් වෙලා නොතිබුණත් එයාගෙ Sleeveඑකට නම් දරුණු හානි සිද්දවෙලයි තියෙන්නෙ. පොලිසියට එල්ලවුණු ප්‍රහාරයට පොලිසියෙ ඇතුළෙ කෙනෙක් සම්බන්ධයි කියල ටකේෂි හොයාගන්නවා. ඒ වගෙම ඔර්ටේගයි ටකේෂියි එකතුවෙලා ඒ ප්‍රහාරයේ මහ මොළකාරයව හොයන්න පටන්ගන්නවා. මේ සිදුවීම ඒ විදිහට සිද්දවෙන අතරෙ ටකේෂි ලෝරන්ස් බැන්ක්‍රොෆ්ට්ගෙ මිනීමරුවව හොයන වැඩෙත් දිගටම කරගෙන යනවා. හෝඩුවාවන් කීපයකුත් එක්ක ටකේෂි මිනීමරුව කියල හිතන්න පුළුවන් කෙනෙක්වත් හොයාගන්නවා. ඒ වුණාට එතනදි වෙන්නෙ කවුරුවත් නොහිතන විදිහෙ සිද්දියක්. තමන්ගෙ සහෝදරය මැරුව පළිය අරගන්න ඩිමී සහෝදරයින්ගෙ දෙවෙනි සහෝදරයා ටකේෂි පස්සෙන් පන්නනවා. අන්තිමේදි ටකේෂිට ඩිමී සහෝදරයව මුණගැහෙනව. ඒත් එතනදි ටකේෂි වගෙම ඔර්ටේගටත් මුහුණ දෙන්න වෙන්නෙ නොහිතපු අකරතැබ්බයකට. කොහොමින් කොහොමහරි අන්තිමේදි ටකේෂිගෙයි ඔර්ටේගගෙයි ජීවිතේ බේරගන්න වෙන්නෙ ටකේෂිගෙ නංගිටයි. ඔයාල දන්නවනෙ මේ කතාමාලාවෙ ගොඩක් විශේෂිත වචන තියෙනව කියල. ඉතින් මම ඒ වචන වල තේරුම් පුළුවන් උපරිම විදිහට උපසිරසියට ඇතුළත් කරලයි තියෙන්නෙ. ඉතින් ඒ වචන වල අදහස් එකතුකරපු එකෙන් ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නැහැ කියල හිතනවා. එහෙනම් කතාව බලලම ඉන්නකෝ…

“A Pawn In The Army Of The Righteous,
Can Be More Powerful
Than A King Who Is Without Faith.”
– Mr.Leung AKA Ghostwalker

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 3GB |  Complete |

FDAD7C35FC5B69BBCA7D5B73229FA28CB0779014

Direct Download  

| WEBRIP | x264 | 480p | 194MB |       

     

| WEBRIP | x265 | 720p | 334MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *