MENU

Arrow [S05 : E22] | අතුරුදහන්වීම්..

ඉතින් චේස්ව අල්ලාගන්න හැමදේම සිද්ධ වුනත් ඔලිවර්ටවත් පොලිසියටවත් එයා ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඔලිවර්ගේ ඔෆිස් එකට කොන්ක්‍රීට් වලින් වටවුන අවුරුදු 15ක් විතර පරණ මළමිනියක් චේස් එවනවා. පරික්ෂණවලට අනුව නම් හෙන්රි ගුඩ්වින් කියලා කෙනෙක්. හැබැයි චේස් මේක එව්වේ මොන හේතුවක් නිසාද කියලා මේ කාටවත් හොයාගන්න බැරිවෙනවා. ඔය අතරේ චේස් එයා පරික්ෂණ කරපු අපරාධකාරයෝට නිදහස ලැබෙන්න වැඩ සලස්වනවා. මොකද ඒ දරුණු අපරාධකාරයෝ මොනවායින් මොනවා කරයිද කියලා හිතාගන්නවත් බැරි නිසා. ඔය අතරේ තියාත් ආපහු ස්ටාර් සිට් එකට එනවා. එනවා නෙවෙයි ඔලිවර් එයාව ගෙන්නා ගන්නවා. මොකද එයාගේ ආරක්ෂාවට හොද නිසා. කොහොම හරි ඩයිනා අර කොන්ක්‍රීට් මිනිමැරුම කරපු කෙනාව හොයාගන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔලිවර්ගේ තාත්තයි. ඔලිවර් හිතන්නේ මේකත් චේස්ගේ උගුලක් කියලයි. ඉතින් වැඩි විස්තර හොයද්දි දැනගන්න ලැබෙනවා අර කොන්ක්‍රීට් එක ක්වින් කම්පැනියේ බිල්ඩින් එකකින් කියලා. ඉතින් ඩිගලුයි ඔලිවරුයි එතනට යනවා. ගියපු ගමන් එයාලා උගුලකට අහුවෙලා පහල තැනක හිර වෙනවා. ඒ විතරක් නම් කමක් නෑ එතනට කොන්ක්‍රීට් එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඩිනායි කර්ටිසුයි ඇවිත් එයාලා දෙන්නව බේරාගන්නවා. ඒ නිසා අර අපරාධකාරයන්ගෙන් එක්කෙනෙක් බේරිලා යනවා. නිකන් නෙවෙයි රසායනික ද්‍රව්‍යයකුත් අරගෙන ගිහින් තියෙන්නේ.
මේ හැම පැටලිල්ලක්ම ලිහාගන්න මෙයාලට පොඩක් ලැබෙනවා. ඒ ඩැෆ්මන් කියලා නිතිඥවරයෙක්. එයාගෙන් දේවල් අහගන්න හිතද්දි එයා ඔලිවර්ට පෙන් එකක් දෙනවා. ඒක චේස් තමයි දෙන්න කියලා තියෙන්නේ. ඒ වගේම ඩැෆ්මන් ගොඩක් රහසිගත දේවලුත් කියනවා. කොහොම වුනත් ඔලිවර් නම් කැමති වෙන්නේ නෑ පෙන් එකේ තියෙන දේ බලන්න. මොකද ඒක චේස්ට ඕනි කරන දේ නිසා. ඒ වුනත් තියා නම් හොරෙන් ඒක බලනවා. ඒකෙ වෙන මොකුත් නෙවෙයි තියෙන්නේ ඔලිවර්ගේ තාත්තා හෙන්රි කොන්ක්‍රීට් කල්දේරමකට තල්ලු කරන විඩියෝ එකක්. ඔලිවර් නම් මේක බලන්න කැමති වෙන්නේ නෑ. ඒ වුනත් තියාගේ කීම නිසා එයා ඒ විඩියෝ එක බලනවා. ඔය අතරේ අර රසායනික ද්‍රව්‍ය හොරකමත් හොදින් සිද්ද වෙනවා. චේස් තමයි ඒවා අපරාධකාරයොන්ට කියලා හොරකම් කරන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලොකු විෂ ද්‍රව්‍යයක් හදලා නගරයේ ඉන්න මිනිස්සු හැමෝම මරලා දාන්නයි. ඒක එයාගේ තාත්තගේ අදහස වගේම එකක්. හැබැයි ගොඩක් දරුණු දෙයක්. අවසානෙදි ඒ විෂ මුදාහරින තැන ටීම් එක දැනගන්නවා. එතනට ගිහින් එතන අයට පහර දිලා ඒ වැඩේ කොහොම හරි නවත්වනවා. ඒ වගේම ඔලිවර් ප්‍රොමෙතියස් එක්ක සටන් කරනවා. ඒ වෙලාවේ තමයි ඔලිවර් ඩැෆ්මන් එයාට කියපු රහස චේස්ට කියන්නේ. ඒ චේස්ව දරුකමින් අයින් කරන්න එයාගේ තාත්තා හිතාගෙන හිටියා කියලා. ඉතින් ඒ නිසා චේස් කැමැත්තෙන් යටත් වෙනවා. ඔලිවර් එයාව මරන්නේ නම් නෑ. ඒ වෙනුවට චේස්ව ආර්ගස් හිරකූඩුවක හිර කරනවා. ඒ වගේම එයා මාධ්‍යට ප්‍රකාශයක් කරනවා එයාලා තරු විසි කරන මිනිමරුවා අල්ලාගෙන හිර කරලා කියලා. හැබැයි ඉතින් චේස් මේ දේවල් කලේ හොදකට නම් නෙවෙයි කියලා තවම මේ අයට තේරිලා නෑ වගේ. චේස් හිරේට ගියාට පස්සේ තව මොන මොන වගේ දේවල් කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්න…   ^_^
 
 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 205MB |    

6E00E710D1976C90F6FC3E12DA47C775E0DB6EC4

| HDTV | x264 | SVA | 308MB |    

90DC32CE96A4D467BB15036479FF7E7B09F997AC

| HDTV | x264 | 720p | 1.33GB |    

4BCC3277D9DBA9ADC86562525B57C12827D272E9

| HDTV | x265 | 720p | 160MB |    

43E31F82268BF33ABF1724025A5C73079255DA50

Direct Download

| HDTV | x264 | 480p | 200MB |         

| HDTV | x264 | LOL | 305MB |          

| HDTV | x264 | 720p | 1.3GB |           

| HDTV | x265 | 720p | 160MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Arrow [S05 : E22] | අතුරුදහන්වීම්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *