MENU

Arrow [S06 : E11] බෙදුනත් වැඩ එකට..

ඉතින් කේඩන් ජේම්ස්ගේ කරදරය නම් තවමත් ඉවර වුනේ නෑ. එයා විටෙන් විටේ එක එක විදියට කරදර කරනවානේ. මේ සැරේ එයා බර්ට්නලි කියලා වරායක් අයිති කෙනෙක්ට කරදර පටන්ගෙන. ඒ විතරක් නෙවෙයි එයා ඇරෝ කණ්ඩායම ගැනත් හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉදලා. ඒ ඇරෝ කේව් එක ඇතුලේ කැමරාවක් හයි කරලා එයාලා කරන කියන හැම දෙයක් දිහාම බලාගෙන ඉදලයි. ඉතින් මේ ගැන දැනගද්දි මෙයාලා ගොඩක් පරක්කු වැඩියි. මොකද කේඩන් ඇරෝ ටීම් එකේ හැම දෙයක් ගැනම එයා දන්නවානේ.

කොහොම හරි බර්ට්නලි ඇරෝ ටීම් එක සම්බන්ධ කරගෙන එයාට තියෙන ප්‍රශ්නය ගැන කියලා ඒකට විසදුමක් හොයන්න එයාලට බාර දුන්නා. ඉතින් බර්ට්නලි දුන්න විඩියෝ පාවිච්චි කරලා කේඩන් ජේම්ස් ඉන්න තැන මෙයාලා හොයාගන්න ඔලිවර් තනියම පහර දෙන්න ගියා. ඇත්තටම ඒ ප්‍රහාරයෙන් ජේම්ස් පුදුම වුනා තමයි හැබැයි ඉතින් ඔලිවර්ට එයාව නවත්වන්න බැරි වුනා. මොකද ඔලිවර් ඒ වෙලාවෙයි දැනගන්නේ බ්‍රට්වා එකයි, විජලාන්ටියි, රිකාර්ඩෝ ඩියස් කියන කණ්ඩායමත් එක්ක ඉන්නවා කියලයි. ඉතින් මේක දැනගත්ත ගමන් ඔලිවර් ඩයිනට කියනවා එයා ආදරය කරන වින්සන්ට් ජේම්ස් එක්ක වැඩ කරනවා කියලා. මුලින් එයා විශ්වාස කලේ නැති වුනත් අන්තිමේට එයා ඒක වින්සන්ට්ගෙන්ම අහනවා. අන්තිමේට ඒකෙන් එයාලා දෙන්නගේ ආදර කතාවට තිත තියන්න වෙනවා.

ඔලිවර් ජේම්ස්ව අල්ලාගන්න උගුලක් අටවනවා. ඉතින් බර්ට්නලි තමයි ඇමට දාන්නේ. හැබැයි ඉතින් ඒකෙන් කිසිම දෙයක් හරියන්නේ නෑ. අන්තිමේට බර්ට්නලිට මැරෙන්නයි වරාය ජේම්ස්ට අයිති වෙන එකයි විතරයි වුනේ. මේ හැමදේකටම පස්සේ ඔලිවර් ආයෙමත් කර්ටිස්, රෙනේ, ඩයිනා එක්ක එකතුවෙලා කණ්ඩායම ආපහු හදාගන්න තිරණය කරනවා. හැබැයි ඉතින් ඒ වෙද්දි ඒ තුන්දෙනා වෙන දෙයක් තිරණය කරලා ඉවරයි. ඒ තමයි එයාලා එයාලගෙම කියලා කණ්ඩායමක් හදාගන්න එක. ඉතින් ඒකට ඔලිවර් ඉඩ දෙනවා. ඒ වගේම කර්ටිස්ගේ උදව්වෙන් ඩිගල්ගේ අතේ තියෙන අවුලත් හරිගස්වන්න පුලුවන් වෙනවා. ඉතින් මේ බෙදිමත් එක්ක කේඩන්ට් විරුද්ධව මෙයාලා කොහොම වැඩ කරයිද? ඒ ගැන මේ කොටසින් දැනගමු… ^_^

මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය..

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 285MB |  

F380EB88B7FFE6D302725A96F7019239B808633E

| HDTV | x264 | 720p | 380MB |

 D721994093BA16230DC47384269339441BD721F8

Direct Download

| HDTV | x264 | 480p | 176MB |      

    

| HDTV | x265 | 720p | 206MB |       

         

| HDTV | x264 | SVA | 285MB |      

 

 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [S06 : E11] බෙදුනත් වැඩ එකට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *