MENU

Arrow [S06 : E12]| හැමදේකින්ම වැඩක් නෑ…

කේඩන් ජේම්ස් එහෙමත් නැත්නම් දැන් ඔලිවර්ගේ පොදු සතුරා, නගරයේ පොදු තරහාකාරයා මේ වෙද්දි නගරයම පාලයට අරගෙන. මුලින්ම එයා නගරයේ හැම පද්ධතියක්ම බිද දානවා. ඒ විතරක් නෙවෙයි ඒවා පාවිච්චි කරලා මිනිස්සු මරලා දානවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ගොඩක් දෙනෙක්. මොකද ඉන්ටනෙට් වලට සම්බන්ධවෙලා තියෙන ඕනිම දෙයක් එයාට පාලනය කරන්න දැන් බලය ලැබිලා තියෙන නිසා.

ඔය අතරේ ඇරෝ ටීම් එකේ දෙවැනි කණ්ඩායම කර්ටිස් එහෙම එක්ක මේ වෙනුවෙන් තොරතුරු බෙදා හදාගෙන වැඩ කරන්න එයාලා එකග වෙනවා. මොකද කොච්චර කිවත් එයාලාට දෙකට බෙදිලා වැඩ කරන්න බැරි නිසා. ඔය අතරේ තමයි කර්ටිස්ට වින්සන්ටව මුණගැහෙන්නේ. වින්සන්ට් කියන විදියට එයත් එයාලගේ පැත්තෙලු. එයත් මේ කේඩන්ව පරද්වන්නයි වැඩ කරන්නේ කියලා මෙයා කියන්නේ. ඒක ඔප්පු කරන්න ඔත්තුවකුත් දෙනවා. ඒ ඔත්තුවෙ නිසා මෙයාලට ලොකු විනාශයක් නවත්වන්න පුලුවන් වෙනවා. ඉතින් ආයෙමත් අනිත් ටීම් එකට නම් වින්සන්ට් ගැන විශ්වාසය ඇති වෙනවා.

මේ මොහොතේ තමයි ෆෙලසිටිට දෙයක් තේරුම්යන්නේ. ඒ තමයි කේඩන් මුලු ටවුන්එකටම එන්න තියෙන පාරවල් හැම එකක්ම වහලා දාන එක. ඒකෙන් මුලු නගරයම කොටු කරන්නයි එයා හදන්නේ. හැබැයි නගරයට එන එක පාරක් විතරක් මේ වෙද්දි ඉතිරි වෙලා තියෙනවා. වෙලාව කියන්නේ ඒ පාරෙන් විලියම් ට්‍රිප් එකක් යන ගමනුයි හිටියේ. ඉතින් එතැන විනාශ වෙද්දි විලියම් කොටුවෙනවා. හැබැයි ඔලිවර් ඇවිත් එයාව බේරාගන්නවා. ඒ වුනත් විලියම් දැනගන්නවා එයාගේ තාත්තා එයාට බොරු කියලා තවමත් ඇරෝ විදියට වැඩ කරනවා කියලා. එයාට නම් ඒකට ගොඩක් අවුල්. මොකද තාත්තා එයාට ගොඩක් කාලයක් බොරු කිවානේ. හැබැයි ඉතින් ෆෙලිසිටි කොහොම හරි ඒක හරිගස්වනවා.

ඔය අතරේ තමයි කේඩන් ඔලිවර් හම්බවෙන්න ඇවිත් එයගේ ඉල්ලිම ඉදිරිපත් කරන්නේ. ඒ තමයි හැමදාම මිලියන 10 ගානේ එයාගේ ගිණුමට දාන එක. ඒකට මුලින් ඔලිවර් කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් පස්සේ වෙන කරන්නම දෙයක් නැති නිසා එයා කැමති වෙනවා. ඒත් කේඩන් ඔලිවර් එක්ක මේ තරම් වෛරයක් ඇති කරගත්තේ ඇයි? මෙයාලට තව කොච්චර කාලයක් සල්ලි දාන්න පුලුවන් වෙයිද? මේ ගැන දැනගන්න මේ සතියේ කොටස බලමු… . . ^_^

මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය…!

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 238MB |  

4DACC6026DDDE45561D70CD9675F148C2569BEED

| HDTV | x264 | 720p | 328MB |

  58359F3AE10672C9F1C935CB331272068125F0E7

Direct Download

| HDTV | x264 | 480p | 146MB |      

    

| HDTV | x265 | 720p | 191MB |       

         

| HDTV | x264 | SVA | 238MB |      

 

 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [S06 : E12]| හැමදේකින්ම වැඩක් නෑ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *