MENU

Arrow [S06 : E13]| යක්ෂයාගේ සෙල්ලම… . .

මේ ජේම්ස්ගෙන් බේරෙන්න බැරිම තැන ඔලිවර් ආර්ගස් එකෙන් උදව් ගන්න හැදුවානේ. හැබැයි ඉතින් සුපුරුදු පරිදි කේඩන් ඒ ගැන දැනගෙන ආර්ගස් එකෙන් උදව්වට ආපහු හැමෝම මරලා දැම්මා. මොනවා වුනත් ආර්ගස් එකෙන් කට්ටිය ආපු ඒකට නම් කේඩන් ගොඩක් පුදුම වුනා.

මේ කේඩන්ට නම් පුදුම විදියට ඉවක් තියෙන කෙනෙක්. එයාට දැනිලා තියෙනවා එයා අතරේ ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි එයාලගෙම කෙනෙක් වෙඩිතියලා මරලා දාපු නිසා. ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි වින්සන්ට්නේ. කොහොම හරි ඇත්තටම මේ වින්සන්ට් මෙයාලට උදව් කරන්නයි හදන්නේ. ඉතින් ඒක ගැනත් ඔලිවර්ලා පහුවෙලා තමයි දැනගන්නේ. ඔලිවර්ට නම් මේ වින්සන්ට්ව ෂුවර් නෑ. හැබැයි ඉතින් ඒක ගැන වින්සන්ට ගානක්වත් නෑ. කේඩන්ගේ කට්ටිය ඇතුලේ කෙනෙක් ඉන්න එකේ මෙයාලා අර බෝම්බය හොයාගන්නයි ඊලගට ප්ලැන් කරන්නේ. මොකද බෝම්බය නැත්නම් කේඩන්ට කරන්න පුලුවන් දේවල් ගොඩක් අඩු වෙනවානේ.

ඉතින් වින්සන්ට් පොඩි උපකරණයක් අරගෙන කේඩන්ගේ සර්වර් තියෙන කාමරයට යනවා. එයා කේඩන්ගේ දත්ත හැම එකක්ම හොරකම් කරන්නයි එතැනට හොරෙන් යන්නේ. ඉතින් ප්ලැන් කරපු විදියට එයා එතැනට ගිහින් දත්ත හොරකම් කරනවා. හැබැයි හිතපු නැති විදියට එතැනට කේඩන් එනවා. වින්සන්ට ඒ සර්වර් කාමරයට එන්න අවසර නැති නිසා කේඩන් එයාගෙන් ප්‍රශ්න කරනවා. කොහොම හරි අනං මනං කියලා වින්සන්ට් කේඩන්ගෙන් බේරෙනවා වගේම දත්ත හැම එකක්ම හොරකම් කරලා ෆෙලසිටිට එවනවා. හැබැයි ඉතින් කේඩන් නෙවෙයි වින්සන්ට රැවටුනේ. එයා වින්සන්ට්ව අල්ලාගන්නවා. අල්ලාගෙන එයාට වද දෙනවා ඇයි එහෙම කලේ කියලා දැනගන්න.

මේ වෙලාවේ තමයි ඇරෝ ටීම් එක බෝම්බය තියෙන තැන දැනගන්නේ. ඒ වගේම වින්සන්ට් කේඩන්ට අහුවෙලා කියලා දැනගන්නෙත්. ඉතින් එයාලට දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා. ඔලිවර්නම් බෝම්බය හොයාගන්න එක තෝරාගන්නවා. එතකොට ඩයිනා වින්සන්ට් බේරාගන්න යනවා. හැබැයි ඉතින් ඩයිනට වින්සන්ව බේරාගන්න වෙන්නෙ නෑ. කේඩන් එයාව බ්ලැක් කැනේරි ලවා මරලා දානවා. ඒ වගේම ඔලිවර්ට බෝම්බය හොයාගන්න වෙන්නෙත් නෑ. නිකන් බොරුවට වින්සන්ට් මැරිලා යනවා. ඒ නිසා ඩයිනට නම් මේ ගැන ගොඩක් දුකයි වගේම ගොඩක් තරහයි. ඔය වෙලාවේ තමයි වින්සන්ට් ගත්ත දත්ත වල තිබිලා වැදගත් දෙයක් ලැබෙන්නේ. ඒ තමයි කේඩන්ගේ පුතා මරන විඩියෝව මෙයාලට ලැබෙන්නේ. ඉතින් ඇරෝ ටිම් එක ඉස්සරහට මොනවා කරයිද? ඒ ගැන මේ කොටසින් දැනගනිමු… . . ^_^

මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය… . . . !

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 242MB |  

B6E61010DE76E367A15C475A4D76278884E86ECC

| HDTV | x264 | 720p | 323MB |

501F1E739933345BB1D22FA3CBCF4A54025B0491

Direct Download

| HDTV | x264 | 480p | 146MB |      

    

| HDTV | x265 | 720p | 191MB |       

         

| HDTV | x264 | SVA | 242MB |      

 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [S06 : E13]| යක්ෂයාගේ සෙල්ලම… . .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *