MENU

Arrow [S06 : E15] | ලොරල් ලාන්ස්…

හැමෝටම සුභ දවසක් වේවා… මුවගට නැගුනු සුමියුරු වචන තෙපලමින් බොහෝ දෙනෙක් බලාගෙන සිටිය ඇරෝ කතා මාලාවේ පසු ගිය කොටසේ සිංහල උපසිරසයි මේ රැගෙන ආවේ. ඇතැමෙක් නම් මේ කොටස දැනටමත් බලලා ඇති. ඒ කෙසේ හෝ වේවා නොබැලු සියලු දෙනා වෙනුවෙන් මේ කොටසේ උපසිරස් කරණය කරන වැඩේ මම භාරගෙන වැඩේ හමාර කළා. එහෙනම් පසුගිය කොටස ගැන මුලින් ආයෙත් මතක් කරගෙන ඉමු.

පසුගිය සතියෙන්…

කෙඩ්න් ජේම්ස් ඝාතනය කිරීමෙන් පසු රිකාඩෝ ඩියස් ඇනටෝලි සමග එකතු වී පාලන කටයුතු කරගෙන යනවා.මේ අතර වාරයේ කෙඩ්න් වෙනුවෙන් ලබා දුන් කප්පම් මුදල නැවත ආපසු ලබා ගැනීමට ඔලිවර් සුදානම් වුනත් කෙඩ්න් එය තැම්පත් කල බැංකුවෙන් එම මුදල අතුරුදහන් වීමක් වී තිබුනා.පසුව දැනගන්න ලැබෙනා බ්ලැක් සයිරන් විසින් එය පැහැරගත් බවට.මේ නිසා ඔලිවර්ට අවශ්‍ය වන්නේ බ්ලැක් සයිරන්ගෙන් එම මුදල ලබාගෙන නගරය අවපාතයෙන් බේරගන්න.නමුත් තම පෙම්වතා ඝාතනය කල නිසා ඩයිනා බ්ලැක් සයිරන් ඝාතනය කිරීමේ අරමුණින් ඇයව සොයන්න පටන් ගන්නවා.මේ නිසා ඔලිවර්ගේ කණ්ඩායම හා ඩයිනාගේ කණ්ඩායම අතර ඝට්ටනයක් ඇති වෙන්න පටන් ගන්නවා.මේ අතර වාරයේ වෙඩි වැදී සිටි බ්ලැක් සයිරන්ව නිවසට රැගෙන එන ක්වින්ට ඇයට හොරරහසේම ප්‍රතිකාර කිරීමට පටන් ගත්තත් තියා මේ පිළිබඳව දැනගෙන ඔලිවර්ව දැනුවත් කරනවා.ඒ අනුව එතනට යන ඔලිවර් කෙඩ්න් ලබා ගත් කප්පම් මුදල ලබා දෙන ලෙස බ්ලැක් සයිරන්හට ප්‍රකාශ කර සිටිනවා.තමන්ට ආරක්ෂිතව නගරයෙන් පිට වීමට කටයුතු සුදානම් කර දුන්නොත් පමණක් මුදල් ලබා දෙන බව බ්ලැක් සයිරන් ප්‍රකාශ කර සිටිනවා.කෙසේ හෝ අවසානයේ බ්ලැක් සයිරන් නගරයෙන් පිටකරන අවස්ථාවේ එතනට පැමිණ ඩයිනා හා කණ්ඩායම සමග ඇතිවුන සටනේ දී ඇරෝගෙන් පහර කන රෙනී දැඩිලෙස තුවාල ලබා රෝහල් ගත කරනවා.එමෙන්ම බ්ලැක් සයිරන් එම ස්ථානයෙන් පලා යනවා පමණක් නෙවෙයි තමන් ලොරල් ලාන්ස් බව ප්‍රකාශකරන්න කරන්න පටන් ගන්නවා.

මේ සතියෙන්…

තමන් සැබෑ ලොරල් ලාන්ස් ලෙස ප්‍රකාශ කරමින් බ්ලැක් සයිරන් නැවතවරක් ස්ටාර් සිටි වෙත පැමිණෙනවා.මේ අතර වාරයේ කෙඩ්න් මිය ගිය නිසා ඔලිවර්ට විරුද්ධ තිබු නඩුව නිෂ්ප්‍රභා කිරීමට සුදානම් වුනත් පැමිණිලි කාර පාර්ශ්වය අලුත් සාක්ෂිකරුවෙක් ඉදිරිපත් කිරීමට සුදානම් වන නිසා නැවත ගැටළුවක් ඇති වෙනවා.එසේනම මේ අලුත් සාක්ෂිකාරයා කවුද?ලොරල් ලෙස පෙනී සිටින බ්ලැක් සයිරන්ගේ අභිප්‍රාය මොකක් වේවිද?එයට ඔලිවර ,ඩයිනා කෙසේ ප්‍රතිචාර දක්වාවි ද?මේ ප්‍රශ්න ටික විසඳ කොටසයි මේ.

ඔන්න දැන් තමා විශේෂම දේ කියන්න යන්නේ.මේ කතාවේ නිල අයිතිය තියෙන්නේ කවිඳු සහෝට.ඉතින් කවිඳු නිදහසේ උන්න කාලයේ ඉතා ඉක්මනින් උපසිරස ලබා දුන්නා.නමුත් හැමදාම එක වගේ ඉන්න බෑනේ.කවිඳු කාර්බහුල වීමත් සමග මේ කතාවට නිල උපසිරස්කරුවෙක් නැති වෙලා ගියා.නමුත් අපේ අනෙකුත් සහෝලා කතාව අදාළ උපසිරස නතර නොවෙන්න නොදී මේ වෙනතෙක් කතාව ඇදගෙන ආවා.හැබැයි මේ දේ හැමදාම මෙහෙම කරන්න බෑ.හැමෝම වගේ කාර්යබහුල වෙද්දී උපසිරස පරක්කු නොවුනාම නෙවෙයි.ඒ නිසා ඇතැමෙක් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ජරා කල අවස්ථා නැතිවාම නෙවෙයි.ඒ මොනවා වුනත් මේ වෙනකම් අපේ නිලුපුල් සහෝ ඒ වචන සතේකට මායිම් නොකර තමන්ගේ වැඩත් පාඩු කරගෙන අද වෙනකම් මේ වැඩේ ඇදගෙන ආවා.කෙසේ හෝ වේවා මේ කතා මාලාවේ මේ සමයේ තව කොටස් අටක් වගේ තියෙන නිසා මේ කොටසේ පටන් මේ කතා සමය අවසන් වෙනකම් මම උපසිරස ගෙන ඒමේ කාර්ය සිද්ධ කරනවා.මට කවිඳු,නිලුපුල් වගේ ඉක්මනට උපසිරස දෙන්නනම් බෑ.හැබැයි ඉරිදා දවල් වෙන්න කලින් අනිවාර්යෙන් උපසිරස දෙනවා කියලා පොරොන්දු වෙන ගමන් ලබන සතියේ L.O.T තුලින් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 262MB |  

CEAF1AE012A149ABB823EE9578B81FEE144DA933

Direct Download

| HDTV | x264 | 480p | 145MB |      

    

| HDTV | x265 | 720p | 200MB |       

          

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [S06 : E15] | ලොරල් ලාන්ස්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *