MENU

Arrow [S06 : E16] | රුධිරයෙන් බැඳී උරුමය

සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ Arrow කතා මාලාවේ හයවන සමයේ 16වන කොටසයි. එහෙනම් මුලින්ම අපි පසුගිය සතිය ගැන පොඩි මතක් කරගැනීමක් කර ගනිමු.

පසුගිය සතියෙන්…

කෙඩ්න් ජේම්ස් මිය යාමත් සමගම රමිරෙස්ට විරුද්ධව තිබුණ චෝදනා ඉවත් වෙනවා. ඒ කියන්නේ ග්‍රීන් ඇරෝ යනු ඔලිවර් ක්වීන් යන චෝදනාවද ඉවත් වී යනවා. නමුත් පැමිණිලිකාර පාර්ශවය විසින් නව සාක්ශිකරුවෙක් ඉදිරිපත් කිරීම නිසා ඔලිවර්ට විරුද්ධ නඩුව නිශ්ප්‍රභා කිරීම අහෝසී වෙනවා.. ඉතින් මේ අලුත් සාක්ෂිකාරයා තමා රෝයී හාපර්. මේ පිළිබඳව දැන ගත්ත වෙලාවේ පටන් තියා කලබලයට පත් වෙන්නේ රෝයි කියන්නේ ඇයගෙ පරණ පෙම්වතා නිසාවෙන්. ඒ නිසා ඔලිවර්ට රෝයි ගැන හොයලා බලන්න වෙනවා. තනියෙන් නෙවෙයි.. තියාත් මේ ගමනට එකතු වෙනවා. මෙහීදී රෝයී බේරගන්න කළ මෙහෙයුම අසාර්තක වෙනවා. මේ අතර වාරයේ තමන් සැබෑ ලොරල් ලාන්ස් බව පවසමින් පැමිනි බ්ලැක් සයිරන් ලාන්ස්ගේ සමීපයේ ජීවත් වෙනවා. ඇය රෝහලේ සිටිය දී ඩියස්ගේ සහචරයෙක් විසින් ඇයව ඩියස් ගාවට අරගෙන යනවා. මෙහී දී ඩියස් ඇය කල දේට සමාව දෙමින් ඇයව නැවත තමන්ගෙ කණ්ඩායමට බඳවා ගන්නවා. නැවත නිවස බලා පැමිණෙන ඇය ඩියස් ගැන ඔත්තුවක් ඇරෝ කණ්ඩායමට ලබා දෙනවා. ඒ ඔත්තුව අනුව කටයුතු කරන ඇරෝ කණ්ඩායමට ඩියස්ව අල්වා ගන්න ලැබෙනවා වගේම රෝයිවත් බේරගන්නත් අවස්ථාව උදා වෙනවා. එනමුත් එම ස්ථානයට පොලිසිය පැමිණීම හේතුවෙන් ඇරෝට එම ස්ථානයෙන් පළා යාමට සිද්ධ වෙනවා. මෙම නිසා ඩියස් එහෙදී ගැලවෙනවා. අවසානයෙ දී බේරගත් රෝයි සමග තියා කාලය ගත කරද්දි ලීග් ඔෆ් ඇසසින් සාමාජිකාව තියා ගැන ඔත්තුවක් ලබා දෙනවා අපි දැක්කා.

මේ සතියෙන්…

රෝයි හා එකතුවුන තියා ඔහු සමග නගරයෙන් පිටමන් වී සාමකාමි නිදහස් ජීවිතයක් ගත කරන්නට අදිටන් කර ගෙන රෝයි සමග නගරයෙන් පිට වී යනවා. එනමුදු ඔවුන් දෙදෙනාට ලීග් ඔෆ් ඇසසින් සාමජිකයන් වැනි පිරිසකගේන් එල්ල වන ප්‍රහාරය නිසා මේ ගමන අවසන් කරන්නට සිද්ධ වෙනවා . එම ප්‍රහාරක අවස්ථාවේදී තමන් ගලවාගත් නයිසා සමගම ඔවුන් දෙදෙනා නැවත ඔලිවර් ලඟට යනවා. මෙහි දී නයිසා පවසන්නේ ඉතා බලගතු දිවයිනක් ගැන සිතියමක් මර්ලින් විසින් සැඟවූ බවත් ,දැන් එම සිතියම ලබා ගැනීමට මර්ලින් විසින් නිර්මානය කරන ලද නව කන්ඩායමක් තියා සොයා ස්ටාර් සිටි එකට පැමින ඇති බවයි. එසේනම් කවුද මේ කන්ඩායම? ඔවුන් තියාගෙන් ඔවුනට අවශ්‍ය දේ ලබා ගනිවි ඔලිවර් තම නංගි වෙනුවෙන් පෙනී සිටිවිද? මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන කොටසයි මේ…

කලින් සතියේ කොටස ලබා දෙන කොට පොරොන්දු වුණේ එදායින් පස්සෙ ඉරිදා දහවල් වෙන්න කලින් උපසිරස ලබා දෙනවා කියලා. කෙසේ වුනත් මේ අවුරුදු සමයේ නිසා මත් ,නොහිතපු වෙලාවේ සිදු වෙච්ච කරදරයක් නිසාත් පොරොන්දු ඉටු කරන්න බැරි වුණා . ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේ ම දාහත් වෙනි කොටසේ උපසිරස අගහරුවාදා දහවල් වෙන්නට කලින් අනිවාර්යෙන් ලබා දෙන බව පොරොන්දු වෙනවා.හැමෝටම ජය ශ්‍රී…

 

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 249MB |  

C186574B7DDED3C1A3C34A667011195D46923F7B

Direct Download

| HDTV | x264 | 480p | 139MB |      

    

| HDTV | x265 | 720p | 200MB |       

          

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *