MENU

Arrow [S06 : E19] | මකරා සහ බිය …

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් මේ සූදානම සති තුනක් පමණ පමාවට ලක්වුණු ඇරෝ කතාමාලාවේ 19වන කොටස ලබාදෙන්නටයි. ඇරෝ උපසිරසි ගෙන එන ලියෝ කාර්යබහුල වීම නිසාවෙන් තමයි මේක පමා උනේ. නැතුව හිතාමතා කළ පමා කිරීමක් නෙවෙයි. මේ උපසිරැසිය මම බාරගනිද්දීත් ලියෝ සහෝදරයා උපසිරසියේ පේලි 100+ක් පමණ ප්‍රමානයක් කරලයි තිබ්බෙත්. හරි එහෙනම් අපි කතාව ගැන බලමු.

ගිය සතියේ අපි දැක්කා දිස්ත්‍රික් නීතිඥ ආමන්ඩ්වයි කැප්ටන් හිල්වයි අස් කෙරුව එකෙන් නගරාධිපතිවරයාට මොනවගේ කරදරයකටද මුහුණ දෙන්න වුනේ කියලා. ආමන්ඩ්ගෙ චෝදනා හේතුවෙන් අවසානයේ ඔලිවර්ට විරුද්ධව දෝෂාභියෝගයක් පවත්වන තැනටම වැඩ සිද්ද උනා. කෙසේ වෙතත් මේ සියල්ල පිටුපස සුපුරුදු පරිදිම ඩියෑස්ගෙ අදෘශ්‍යමාන හස්තය පෙවීම දක්නට ලැබුනා. නගරශාලාවේ පවා ඇතැමුන් ඩියෑස්ගෙ යටතට පත්ව ඇති බවක් තමා දක්නට ලැබුනේ.

ඒ වගේම ගිය සතියේ ඔලිවර් හොද පිස්සුවකුත් නැටුවා මතකයිනේ. ඇත්තටම බැලුවොත් ඉතින් ඒක සිද්ද වුනේ වර්ටිගෝවල බලපැමකට ඔලිවර් නතු උන නිසා. ඉතින් මේ හින්දා ඔලිවර් තමා තනියම ඒ කියන්නෙ ඇරෝ මුල්කාලේ වැඩ කළ අයුරටම වැඩ කළ යුතුය යන මතයත් සමගින් ක්‍රියා කළා. ඩියෑස්ව අල්ලගන්න කියලා හිතාගෙන තනියම පොලිස් ස්ථානයට පවා පහරදීමක් කළා. කොහොමින් කොහොමහරි ගිය සතියේදී ඔලිවර් යළි තනි වුනානෙ. ජෝන් වගේම අවසානයේ ෆෙලිසිටිව පවා ඔලිවර් කණ්ඩායමෙන් අයින් කරලා දැම්මා.

ඉතින් මේ කොටසේනම් ඔලිවර් ගැන වැඩි යමක් පෙන්වන්නේ නෑ. රිකාඩෝ ඩියෑස් හෙවත් මකරාගේ කුඩා කළ සිදුවීමක් සහ ස්ටාර් සිටි යටත් කරගැනීමේ ඔහුගේ සැගවුණු අභිලාශය කුමක්දැයි යන වග මේ කොටසින් දැක බලාගන්නට පුළුවන්. හැබැයි ඒ අරමුණත් එක්කම ඔලිවර්ට මුහුණදීමට සිදුවන තර්ජනය විශාල වෙන බවනම් මනාව දැකගන්නට පුළුවන්.

හොදයි එහෙමනම්. මේ හොදටම ඇතිවෙයි. කොහොමත් දැන් බොහෝදෙනෙක් කතාව බලලත් ඇතිනේ. හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. 20වන කොටසටත් හැකි ඉක්මනින් උපසිරසි දීමට උත්සහයක් දරන්නම්. ඒත් ඉතින් මට පොරොන්දු වෙන්නනම් බෑ දැනට ආව කොටස් ඔක්කොම දෙන්නම් කියලා. මොකද වැඩ රාජකාරි වගේම සුපර්ගර්ල් සහ The 100 උපසිරසි ගෙන එන ගමන්ම තමා මේකත් කරන්න වෙන්නේ.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 213MB |  

7B181AB658A8B4F62B95F15C03D34358EE22407F

Direct Download

| HDTV | x264 | 480p | 134MB |      

    

| HDTV | x265 | 720p | 179MB |       

          

| HDTV | x264 | SVA | 213MB |       

   

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [S06 : E19] | මකරා සහ බිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *